සමහරු දැන දැනම
තමන්ගේ පුද්ගලික වාසිය පතා
අනෙකක් පාමින් විරුද්ධ වෙති.
අනෙක් අය නොදැනම
අස්ථාන භයෙන් විරුද්ධ වෙති.
අද සමාජවාදයට විරුද්ධ වන්නෝ
මේ දෙපරිද්දෙනි.
සමාජවාදය ආගමක් නොවේ.
දේශපාලන ක්රමයකි.
එය කිසිම ආගමකට විරුද්ධ නොවේ.
පුද්ගලික බලය අයුතු සේ වඩා ගන්නට වෑයම්
කරන හැම ආගමකම
ගිහි පැවිදි කපටින් විරුද්ධ වේ.
ඔවුන්ගේ අයුතු බලය බිඳලීමෙන් මිස
නැතහොත් රට සුවපත් කල නොහැකි බැවින්
ඔවුන්ට විරුද්ධ විය යුතුමය.
ධනපතිවාදය යම් පමණකට පැතිර ගියේනම්
එපමණටම දුප්පතුන්ගේ යාචකයන්ගේ
කාලකණ්ණින්ගේ නුගතුන්ගේ ප්රමාණය වැඩි වේ.
ධනපතිවාදය දුර්වල වූ තරමට
පොදු ජනයාගේ යහපත,
රටේ සමුර්ධිය ඇතිවේ.
එහෙත් අද බෞද්ධ ක්රිස්තියානි ආදී
ආගම් අනුව යන කී දෙනෙක්
අවංකවම පොදු ජනයාගේ
අසරණයන්ගේ සුභ සිද්ධිය පතත්ද?
ස්වකීය ශාස්තෘන් වහන්සේ වදාළ
සියලු සත්ව වර්ගයාට සම මෛත්‍රී
ඇත්ත වශයෙන්ම පතුරුවද්ද?
සංග සභාවකදී හෝ
පෝය දාට හෝ
බණ අවසන්ව
අහං අවේරෝ හොමි යන
මන්ත්රය දැපු පමණින්
සම මෙත් වැඩීමක් වේද?
ආගම දඩමීමා කරගෙන
බෞද්ධ ක්රිස්තියානි
පැවිදි පක්ෂවල ඉතා වැඩි දෙනා කරනුයේ
මිනිසුන් හැදීමක් නොව
සිය පක්ෂ බලය නංවාගෙන
මෙලොව සැප පහසු වැඩීමකි.
සමාජවාදී වැඩෙන විට
ඔවුන් තැතිගෙන සටන් බිමට එළඹෙන්නේ එහෙයිනි.
ගමේ අහිංසකයාට දුප්පත්තාට
හෙන ගසතත්
එය ඔවුනට කාරියක් නැත.
ආගම ඉදිරියට දමා
ආගම දියුණුවට යයි කියා
ඝෝෂා කරන්නන්ගෙන් වැඩි දෙනා කරන්නේ
රට මුලා කිරීමකි.
ක්රිස්තියානි පුජක සභා
එක්කෙනුගේ ඊශ්වරත්වයට ලෝකයා වහල්වන ලෙසට
ගොඩනගන ලද බැවින්
ඔවුන් සමාජවාදයට විරුද්ධ වීම පුදුමයකි.
සමහරුන් විරුද්ධ වන්නේ රැවටීමෙන් ,
ඇතැම් ක්රිස්තියානීහු මෙය
සියලුම ආගම්වලට විරුද්ධ යයි කියමින්
බෞද්යන් ද රවටා හවුල් කරගෙන
සමාජවාදයට විරුද්ධ සටනට
සම්බන්ධ කර ගන්නට තැත් කරති.
ඇතැම් දුර නොබලන භික්ෂුන් ද
ඔවුන් අදහා ඔවුන්ට එකතු වෙති.
මෙහිදී අපේ බෞධයන්ට එකක් කියනු කැමැත්තෙමි.
සමාජවාධය පැතිරීමෙන්
බුද්ධාගමට නම් කිසිම හානියක් නොවන බවනම්
තරයේම කියමි.
සමාජවාදය සම්බන්ධ පොත් පත් කියවීමෙන්
අප තේරුම් ගත් හැටියට නම්
සමාජවාදය පැතිරුණ තරමට
බුද්ධ ධර්මයද පැතිරේ.
උපාය යොදා දුප්පතුන්ගේ මුදල් කඩාගෙන
බුද්ධ ප්රතිමා යයි කියමින්
විස්ස තිහ බලි ඇඹවීමට,
පරලොව පෙන්න පෙන්නා
තමන්ගේ වාසියට මාලිගා සාදවා ගැනීමට
දාගැබ් යයි කියමින්
රුපියල් දස දහස් ගණන් තරඟෙට
පොලවට යට කරන්නට නම්
සමාජවාදී බලය පැතුරුණු දා
ඉඩ නොලැබේ.
බඹ ලොව දක්වා ගොඩ නැගුවත්
එය කැඳ හැන්දක් බොන තරම්වත් ස්වල්ප වෙලාවක්
සසුන පැවැත්මට උපකාර නොවන බව
බණ පොතේම කියා තිබෙද්දිත්
මිනිසුන් පව් කාර කාලකනින් වෙද්දී
ඒ ගොඩනැගිලි ගැනම අප
ගිහි පැවිදි දෙපක්ෂයම
මහත් උනන්දුවක් දක්වනුයේ
බුදුන්ගේ වචනය නොඅදහන බැවිනි.
ඉතාම අවශ්ය වැඩ හැර දමා
එතරම් අවශ්ය නොවන දෙයකට දරන උත්සාහය
ආගම නොපිටට හරවා ගැනීමකි.
භික්ෂුන්ට පුද්ගලික කොට ඉඩම් කඩම් භුක්ති විඳීමට
බුද්ධ නීතියෙන් කිසිම අවසරයක් නොමැත.
ගිහියන් ඉඩම් කඩම් පුදනුයේ සාංගික වශයෙනි.
එහෙත් ඒ සාංගික දේපල
පුද්ගලික දේ හැටියට
පුද්ගලික බලය පෙරටු කරගෙන
පරිහරණය නොකරන භික්ෂුව අසවලා යයි කියන්නට බැරි තරමට
සාංගික දේපල අද
අයිතු ලෙස භුක්ති විඳිනු ලැබේ.
සාංගික ඉඩමක නේවාසික කම යනු
භික්ෂුන්ගේ අම්බලමක් රැක බලා ගැනීමට වඩා
අනෙකක් නොවේ.
එහෙත් අද එය විහාරාධිපති නමැති
බණ පොතක නැති අධිපති කමකි.
බුදු රජාණන් වහන්සේ
සඟ සන්තක දේපල රැක ගැනීමේ ක්රමය ඇති කිරීමෙන්
සමාජවාදී පාලන ක්රමයේ ආදි කතෘ වූ සේක.
ජාති භේද ආදී දේ නොතකා
සෑම තරාතිරමක අය
එකම සමාජයක යොදා
එකම සහෝදර පිරිසක් සේ වසන්නට සැලසීමෙන්
ගිහි ජනයාටත් එසේ වීමට
ආදර්ශයක් දුන් සේක.
අද පවත්නා සමාජවාදී පාලන ක්රමය
කවුරුන් හැදුවත් ඒ
භික්ෂුන්ගේ දේපල පාලන ක්රමයට එකඟව
රටේ කාගේත් ආරක්ෂාව පිණිස හැඩ ගැසුනකි .
මීට වඩා හොඳ පාලන ක්රමයක්
ලෝකය ඇති වූවායින් පසු
තවම පහල වී නොමැත.
අද ලොව ඇති පාලන ක්රම වලින්
බුද්ධ ධර්මයට ගැලපෙන
ඉතාම නිවැරදි පාලන ක්රමය යයි
භය නැතිව කිව හැකි,
සෑම බෞද්ධයන් විසින්ම
එක්සත්ව නැගිට රැක ගත යුතු
එකම දේශපාලන ක්රමය නම්
සමාජවාදී ක්රමයයි.
එය පැතිර බලවත් වූ දා
මිනිසුන් රවටාගෙන සිටින
ආත්මාර්ථකාමී බලය සුන් වේ.
ශ්රමණ වේශධාරී අත්මම්බර කපටියන්ගේ බලය
අතුරුදහන් වේ.
එබැවින් ඔවුහු කලබල වී දඟලති .
තමන් කැමති සේ
සිල් රැකීමට භාවනා කිරීමට
සමාජවාදයෙන් කිසිම බාධාවක් නොමැත.
යම් දිනක සමාජවාදය
ලක්දිව හැමතැනම පැතිරේද එදා
ශ්රමණ වේශදාරි කපටියන්ගේ අවසානය වේ.
ඒ සමගම සිල්වත් ගුණවත් ගිහි පැවිදි උතුමන්ගේ බල ඉහල යයි.
ශුද්ධ බුද්ධාගම ක්රියාවේ යෙදේ .
සමාජවාදී බලය මුළු ලොව පැතිරේවා යයි
ශාසනාලය ඇති සෑම බෞද්යෝම
උදේ හවස මෙත් සිතින් ප්රාර්ථනය කෙරෙත්වා....
තමන්ගේ පුද්ගලික වාසිය පතා
අනෙකක් පාමින් විරුද්ධ වෙති.
අනෙක් අය නොදැනම
අස්ථාන භයෙන් විරුද්ධ වෙති.
අද සමාජවාදයට විරුද්ධ වන්නෝ
මේ දෙපරිද්දෙනි.
සමාජවාදය ආගමක් නොවේ.
දේශපාලන ක්රමයකි.
එය කිසිම ආගමකට විරුද්ධ නොවේ.
පුද්ගලික බලය අයුතු සේ වඩා ගන්නට වෑයම්
කරන හැම ආගමකම
ගිහි පැවිදි කපටින් විරුද්ධ වේ.
ඔවුන්ගේ අයුතු බලය බිඳලීමෙන් මිස
නැතහොත් රට සුවපත් කල නොහැකි බැවින්
ඔවුන්ට විරුද්ධ විය යුතුමය.
ධනපතිවාදය යම් පමණකට පැතිර ගියේනම්
එපමණටම දුප්පතුන්ගේ යාචකයන්ගේ
කාලකණ්ණින්ගේ නුගතුන්ගේ ප්රමාණය වැඩි වේ.
ධනපතිවාදය දුර්වල වූ තරමට
පොදු ජනයාගේ යහපත,
රටේ සමුර්ධිය ඇතිවේ.
එහෙත් අද බෞද්ධ ක්රිස්තියානි ආදී
ආගම් අනුව යන කී දෙනෙක්
අවංකවම පොදු ජනයාගේ
අසරණයන්ගේ සුභ සිද්ධිය පතත්ද?
ස්වකීය ශාස්තෘන් වහන්සේ වදාළ
සියලු සත්ව වර්ගයාට සම මෛත්‍රී
ඇත්ත වශයෙන්ම පතුරුවද්ද?
සංග සභාවකදී හෝ
පෝය දාට හෝ
බණ අවසන්ව
අහං අවේරෝ හොමි යන
මන්ත්රය දැපු පමණින්
සම මෙත් වැඩීමක් වේද?
ආගම දඩමීමා කරගෙන
බෞද්ධ ක්රිස්තියානි
පැවිදි පක්ෂවල ඉතා වැඩි දෙනා කරනුයේ
මිනිසුන් හැදීමක් නොව
සිය පක්ෂ බලය නංවාගෙන
මෙලොව සැප පහසු වැඩීමකි.
සමාජවාදී වැඩෙන විට
ඔවුන් තැතිගෙන සටන් බිමට එළඹෙන්නේ එහෙයිනි.
ගමේ අහිංසකයාට දුප්පත්තාට
හෙන ගසතත්
එය ඔවුනට කාරියක් නැත.
ආගම ඉදිරියට දමා
ආගම දියුණුවට යයි කියා
ඝෝෂා කරන්නන්ගෙන් වැඩි දෙනා කරන්නේ
රට මුලා කිරීමකි.
ක්රිස්තියානි පුජක සභා
එක්කෙනුගේ ඊශ්වරත්වයට ලෝකයා වහල්වන ලෙසට
ගොඩනගන ලද බැවින්
ඔවුන් සමාජවාදයට විරුද්ධ වීම පුදුමයකි.
සමහරුන් විරුද්ධ වන්නේ රැවටීමෙන් ,
ඇතැම් ක්රිස්තියානීහු මෙය
සියලුම ආගම්වලට විරුද්ධ යයි කියමින්
බෞද්යන් ද රවටා හවුල් කරගෙන
සමාජවාදයට විරුද්ධ සටනට
සම්බන්ධ කර ගන්නට තැත් කරති.
ඇතැම් දුර නොබලන භික්ෂුන් ද
ඔවුන් අදහා ඔවුන්ට එකතු වෙති.
මෙහිදී අපේ බෞධයන්ට එකක් කියනු කැමැත්තෙමි.
සමාජවාධය පැතිරීමෙන්
බුද්ධාගමට නම් කිසිම හානියක් නොවන බවනම්
තරයේම කියමි.
සමාජවාදය සම්බන්ධ පොත් පත් කියවීමෙන්
අප තේරුම් ගත් හැටියට නම්
සමාජවාදය පැතිරුණ තරමට
බුද්ධ ධර්මයද පැතිරේ.
උපාය යොදා දුප්පතුන්ගේ මුදල් කඩාගෙන
බුද්ධ ප්රතිමා යයි කියමින්
විස්ස තිහ බලි ඇඹවීමට,
පරලොව පෙන්න පෙන්නා
තමන්ගේ වාසියට මාලිගා සාදවා ගැනීමට
දාගැබ් යයි කියමින්
රුපියල් දස දහස් ගණන් තරඟෙට
පොලවට යට කරන්නට නම්
සමාජවාදී බලය පැතුරුණු දා
ඉඩ නොලැබේ.
බඹ ලොව දක්වා ගොඩ නැගුවත්
එය කැඳ හැන්දක් බොන තරම්වත් ස්වල්ප වෙලාවක්
සසුන පැවැත්මට උපකාර නොවන බව
බණ පොතේම කියා තිබෙද්දිත්
මිනිසුන් පව් කාර කාලකනින් වෙද්දී
ඒ ගොඩනැගිලි ගැනම අප
ගිහි පැවිදි දෙපක්ෂයම
මහත් උනන්දුවක් දක්වනුයේ
බුදුන්ගේ වචනය නොඅදහන බැවිනි.
ඉතාම අවශ්ය වැඩ හැර දමා
එතරම් අවශ්ය නොවන දෙයකට දරන උත්සාහය
ආගම නොපිටට හරවා ගැනීමකි.
භික්ෂුන්ට පුද්ගලික කොට ඉඩම් කඩම් භුක්ති විඳීමට
බුද්ධ නීතියෙන් කිසිම අවසරයක් නොමැත.
ගිහියන් ඉඩම් කඩම් පුදනුයේ සාංගික වශයෙනි.
එහෙත් ඒ සාංගික දේපල
පුද්ගලික දේ හැටියට
පුද්ගලික බලය පෙරටු කරගෙන
පරිහරණය නොකරන භික්ෂුව අසවලා යයි කියන්නට බැරි තරමට
සාංගික දේපල අද
අයිතු ලෙස භුක්ති විඳිනු ලැබේ.
සාංගික ඉඩමක නේවාසික කම යනු
භික්ෂුන්ගේ අම්බලමක් රැක බලා ගැනීමට වඩා
අනෙකක් නොවේ.
එහෙත් අද එය විහාරාධිපති නමැති
බණ පොතක නැති අධිපති කමකි.
බුදු රජාණන් වහන්සේ
සඟ සන්තක දේපල රැක ගැනීමේ ක්රමය ඇති කිරීමෙන්
සමාජවාදී පාලන ක්රමයේ ආදි කතෘ වූ සේක.
ජාති භේද ආදී දේ නොතකා
සෑම තරාතිරමක අය
එකම සමාජයක යොදා
එකම සහෝදර පිරිසක් සේ වසන්නට සැලසීමෙන්
ගිහි ජනයාටත් එසේ වීමට
ආදර්ශයක් දුන් සේක.
අද පවත්නා සමාජවාදී පාලන ක්රමය
කවුරුන් හැදුවත් ඒ
භික්ෂුන්ගේ දේපල පාලන ක්රමයට එකඟව
රටේ කාගේත් ආරක්ෂාව පිණිස හැඩ ගැසුනකි .
මීට වඩා හොඳ පාලන ක්රමයක්
ලෝකය ඇති වූවායින් පසු
තවම පහල වී නොමැත.
අද ලොව ඇති පාලන ක්රම වලින්
බුද්ධ ධර්මයට ගැලපෙන
ඉතාම නිවැරදි පාලන ක්රමය යයි
භය නැතිව කිව හැකි,
සෑම බෞද්ධයන් විසින්ම
එක්සත්ව නැගිට රැක ගත යුතු
එකම දේශපාලන ක්රමය නම්
සමාජවාදී ක්රමයයි.
එය පැතිර බලවත් වූ දා
මිනිසුන් රවටාගෙන සිටින
ආත්මාර්ථකාමී බලය සුන් වේ.
ශ්රමණ වේශධාරී අත්මම්බර කපටියන්ගේ බලය
අතුරුදහන් වේ.
එබැවින් ඔවුහු කලබල වී දඟලති .
තමන් කැමති සේ
සිල් රැකීමට භාවනා කිරීමට
සමාජවාදයෙන් කිසිම බාධාවක් නොමැත.
යම් දිනක සමාජවාදය
ලක්දිව හැමතැනම පැතිරේද එදා
ශ්රමණ වේශදාරි කපටියන්ගේ අවසානය වේ.
ඒ සමගම සිල්වත් ගුණවත් ගිහි පැවිදි උතුමන්ගේ බල ඉහල යයි.
ශුද්ධ බුද්ධාගම ක්රියාවේ යෙදේ .
සමාජවාදී බලය මුළු ලොව පැතිරේවා යයි
ශාසනාලය ඇති සෑම බෞද්යෝම
උදේ හවස මෙත් සිතින් ප්රාර්ථනය කෙරෙත්වා....
(බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින් වහන්සේ විසින් "මගේ සඟරාව"ට ලියන ලද ලිපියකිනි.)
0 comments:
Post a Comment