ඉඩම් ඔප්පු නිරවුල් කර ගැනීම.
මෙම ලිපිය කොටස් දෙකකින් සමන්විත වේ.
පළමු කොටස.
------------------------
------------------------
නිරවුල් ඔප්පුවක් යනු කුමක්දැයි අප යමෙකුගෙන් විමසුව හොත්, ඔහු බොහෝ විට පිළිතුරු දෙන්නේ "සින්නක්කර ඔප්පුවක්" ලෙසය. නමුත් සියළු සින්නක්කර ඔප්පු නිරවුල් ඔප්පු නොවේ. සියළු ජයභූමි / ස්වර්ණභූමි ඔප්පු නිරවුල් නොවන ඔප්පු නොවේ.
එසේ නම් නිරවුල් ඔප්පුවක් යනු කුමක්ද ? මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමෙන් අනාගතයේ ඇති වන ගැටළු රැසක් මඟහරවා ගත හැක. එබැවින් මෙම ලිපිය අවසානය තෙක් අවබෝධයෙන් කියවන්න.
අපි හිතමු තාත්තගේ නමට සින්නක්කර ඔප්පුවක් තියනවා. ඉඩම පර්චස් 120 ක් කියල. (අක්කරයකට පර්චස් 160 කි. පර්චසයක් යනු, වර්ග මීටර් විසිපහකි. එනම් මීටර් පහක් දිග පහක් පළල කොටුවක් පර්චස් එකකි. අඩි වලින් නම් දළ වශයෙන් අඩි දාසයක් දිග, දාසයක් පළල කොටුවකි. මෙම අගයන් සරළව තේරුම් ගත හැකි අර්ථයෙන් දක්වා ඇති බව කරුණාවෙන් සලකන්න. මේ අනුව අක්කරයකට පර්චස් හකසිය හැටකි. අක්කර බාගයක් නම් පර්චස් 80 කි. අක්කර කාලක් නම් පර්චස් 40 කි. පර්චස් හතලිහක් රූඩ් 01 ක් ලෙස හඳුන්වයි. එබැවින් අක්කරයකට රූඩි 4 කි.)
දැන් තාත්තා මේ ඉඩම පර්චස් හතලිහේ සමාන කොටස් තුන බැගින් දරුවන් තුන් දෙනාට බෙදනවා කියල ඔප්පුවක් ලීවා කියල හිතමුකෝ. දැන් මොකද වෙන්නේ ? දරුවන් තුන් දෙනාම මේ ඉඩමේ ගේ තියන කොටස ඉල්ලනවා. එක්කෙනෙක් දිග අතට සමාන කොටස් තුනකට බෙදන්න කියනවා. තවත් එක්කෙනෙක් හරස් අතට සමාන කොටස් තුනකට බෙදන්න කියල කියනවා. දැන් මේ ඉඩම සින්නක්කර ඔප්පුවක් තිබුනත් නිරවුල්ද ? නැහැ නේද ?
එහෙනම් නිරවුල් වෙන්න ඉඩමක් බෙදන්නෙ කොහොමද ?
පර්චස් 120 ක ඉඩමට සම්පූර්ණ මිනින්දෝරු සැලැස්මක් හදනවා. ඒක සමාන කොටස් 3 කට බෙදනවා. ඒ කොටස් 3 ලොට් අංක 01, 02, 03 කියල නම් කරනවා. ඒ ලොට් තුනට වෙනම ප්ලෑන් තුනක් අඳිනවා. ලොට් නම්බර් 01 කොටස x නැමති පුතාට. ලොට් අංක 02 y නැමති පුතාට. ලොට් අංක 03 z නැමති පුතාට. දැන් ඒ තුන් දෙනාට ඔප්පු තුනක් ලියනවා. ඒ හැම ඔප්පුවකම පැරණි ඔප්පු අංකය දානවා.
ඔප්පුවක් ඇපයට තියල ලෝන් එකක් ගන්න කොට ඒ ඉඩම අවුරුදු විස්සක් තිහක් ආපස්සට අයිති වෙලා තිබුනේ කාටද කියල බලනවා. එහෙම බලන කොට, පැරණි ඔප්පු අංක හරියට දාල තියෙන්න ඕන. ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ඉඩම ලියාපදිංචි කරන පොතේ පිටපත් වලට තමයි පත්ඉරු කියල කියන්නේ. අවුරුදු 30 ක පත්ඉරු ගේන්න කීවාම, අමාරුවේ නොවැටෙන්න නම්, පැරණි ඔප්පු අංක දාල තමයි ඔප්පු ලියන්න ඕන.
සමහර නීතිඥ මහත්වරුත් මේ වැඩේ හරියට කරන්නෙ නැහැ. ඒ නිසා පිළිගත් බැංකුවක පැනල් ලෝයර් කෙනෙක් ළවා ඔප්පු ලියවා ගන්න. ඔප්පු ලියන කොට මේ ඉඩමට ලෝන් එකක් ගන්න බලාපොරොත්තු වෙන නිසා හරියටම ලියන්න කියල කියන්න. ලෝන් ගන්න බලාපොරොත්තුවක් නැතත් එහෙම කියල ඔප්පුව ලියවා ගන්න. පලපුරුදු නීතිඥ මහතෙකු ගෙන් වැඩේ හරියටම කරවා ගන්න.
ඔප්පුව අතට ගත්තාම ඒකේ ඔබේ නම්, ලිපින, හැඳුනුම්පත් අංක ආදිය හරියටම හරිද කියල දෙතුන් වතාවක් බලන්න. නැත්නම් ඒවා නිවැරදි කර ගන්න.
අපි හිතමු, ඔයාලගේ ගෙදරට අල්ලපු ඉඩම ඔයාල සල්ලි වලට ගත්තා කියල. එහෙම උනොත් ඔයාලගේ පැරණි ඔප්පුවයි, අළුත් ඔප්පුවයි එකතු කරලා මුළු ඉඩමටම තනි ඔප්පුවක් හදල තියා ගන්න. අළුතින් ගත්ත කොටස, දරුවෙකුට දෙන්න හිතන් ඉන්නවා නම් එහෙම කරන්න ඕන නැහැ. නමුත් එහෙම අදහසක් නැත්නම් ඔප්පු දෙකේ සමුපූර්ණ ඉඩම එකට එකතු කරලා තනි ඔප්පුවක් හදන එක හොඳයි. මොකද ලෝන් එකක් ගන්න ගියාම, ඉඩමේ වටිනාකම අනුව ලෝන් දෙන නිසා ඒක වැදගත්.
ඉඩමක් ලියන්න ගියාම, ඒකට ගාස්තු අය කරන්නේ මුල් රුපියල් ලක්ෂයට රු. 4000 ක් හා ඉන් පසුව ලක්ෂයකට රු. 3000 බැගින් ගාස්තු ගෙවිය යුතුය.
ජයභූමි, සවර්ණභූමි වැනි ඔප්පු තිබෙන අය නිතර අහන ප්‍රශ්නයක් තමයි ඒවා ඇපයට තියලා ණයක් ගන්න පුළුවන්ද කියන එක. ඒ ඉඩම් ඇපයට තියල ණයක් ගන්න පුළුවන්. නමුත් ඒ ඉඩම් මිලදී ගන්න ණයක් ගන්න බැහැ. ඒක මම මෙහෙම තව දුරටත් පැහැදිලි කරන්නම්.
ඔබට අයිති නැති සින්නක්කර ඉඩමක් මිලදී ගන්න වගේම, ඔබට අයිති සින්නක්කර ඉඩමක ගෙයක් හදන්නත් ලෝන් එකක් දාන්න පුළුවන්.
නමුත්....
ඔබට අයිති නැති ජයභූමි හෝ ස්වර්ණභූමි ඔප්පුවක් තියන ඉඩමක් මිලදී ගන්න ලෝන් එකක් ගන්න බැහැ. නමුත් ඒ ඉඩම ඔබේ අතේ තියන මුදල් වලින් මිලදී ගත්තොත් ඒක ඇපයට තියලා ලෝන් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ නමින් දැනටමත් ජයභූමි හෝ ස්වර්ණභූමි ඔප්පුවක් තියනවා නම් ඒකට ලෝන් එකක් ගන්න පුළුවන්.
නමුත් ජයභූමි, ස්වර්ණභූමි ඔප්පු වල තව ප්‍රශ්නයක් තියනවා. සමහර ඔප්පු වල වගන්තියක් තියනවා ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් ගේ අවසරයකින් තොරව තව කෙනෙකුට පවරන්න බැහැ කියල. ලෝන් එකක් ගන්න කොට ඔප්පුව බැංකුවේ තියනවා කියන්නෙත් ඒක පැවරීමක්ම තමයි. ඒ නිසා ඒ වගේ වගන්තියක් තියන ජයභූමි, ස්වර්ණභූමි ඔප්පුවක් ඇපයට තියලා ලෝන් එකක් ගන්නවා නම් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් ගේ අවසරය සහිත ලිපියක් ගේන්න ඕන. ඒ ලිපිය ගන්න නම් කල්තියාම ලෝන් එක ගන්න බැංකුවෙන් ලිපියක් අරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕන. ඊට පස්සේ ඒ ලිපිය ඉක්මනින්ම ගන්න පුළුවන්. ඒ ලිපියත් එක්ක ඉඩමේ ඔප්පුවත් බැංකුවට දීලා ලෝන් එක අයැදුම් කරන්න පුළුවන්.
ජයභූමි හා ස්වර්ණභූමි ඔප්පු තියන ඉඩමක් විකුනන්න ගියාමත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ඒ වගේ ඉඩමක් ඔබට තියනවා නම් සහ ඒ ඉඩම ඔබ විසින් වෙනත් අයෙකුට විකුනන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ විසින් ඔබේ නමින් වෙනත් ඉඩමක් තියන බව පෙන්වන්න ඕන. ඒ කියන්නේ ඔබේ නමින් තියන වෙනත් ඉඩමක ඔප්පුවක් ඉදිරිපත් කරන්න ඕන. ගොඩක් වෙලාවට ජයභූමි හෝ ස්වර්ණභූමි ඔප්පු දෙන්නේ දැනට ඉඩමක් නැති අයට. ඉතිං එයාල ඒ ඉඩම වික්කාම නැවත වතාවක් රජයට කරදර කරනවා "මට ලංකාවේ බිම් අඟලක් වත් නැහැ; මට ඉඩමක් දෙන්න" කියල. ඒ නිසා තමයි ජයභූමි හෝ ස්වර්ණභූමි ඔප්පුවක් සහිත ඉඩමක් විකුනනවා නම් වෙනත් ඉඩමක් තියන බව ඔප්පු කරන්න කියන්නෙ.
බිම් සවිය වැඩසටහන යටතේ සමහර දිස්ත්‍රික්ක වල ඉඩම් වලට හිමිකම් සහතිකයක් නිකුත් කරනවා. ඒ වගේ ඉඩමම් හිමිකම් සහතික වල මිනින්දෝරු සැලැස්මත් හිමිකම් සහත්කයේම තියනවා. එවටත් ලෝන් ගන්න පුළුවන්. ඒ හිමිකම් සහතික තියන ඉඩම් සාමාන්‍යයෙන් අනිත් ඔප්පු සහිත ඉඩම් වලට වඩා නිරවුල්.
අපාර්ට්මන්ට් සම්බන්ධයෙන්ද ලංකාවේ දැනට තියන නීති මේ වෙනකොට වෙනස් වෙලා තියෙන්නෙ. තට්ටු නිවාස වල උඩු මහළවල් වලට ඉඩමක් නැහැ නේ. ඉතිං ඒ වගේ තට්ටු නිවාස සංකීර්ණයක උඩු මහලේ නිවසක් තියන කෙනෙක්ට ලෝන් එකක් ගන්න ගියාම ඇපයට තියන්න ඉඩමක් නැහැ. නමුත් දැන් ඒ සඳහාත් නීති වෙනස් වෙලා තියන නිසා එයාලටත් ලෝන් ගන්න පුළුවන්.
ඔබේ නමින් තිබෙන කුමන හෝ ඉඩම් ඔප්පු වල පිටපත් කීපයක් නිතරම ළඟ තියා ගන්න. ඒ පිටපත් ටික, මුල් ඔප්පුවත් සමඟ සාමසාන විනිෂ්චයකාර වරයෙකු ළඟට අරන් ගිහින්, ඒක සත්‍ය පිටපතක් කියල සහතික කර ගන්න. බැරි වෙලාවත් මුල් ඔප්පුව නැති උනොත් හෝ ඒක ඇපයට තියලා ලෝන් එකක් ගත්තොත් අර සහතික කළ පිටපත මාර්ගයෙන් නැවත මුල් පිටපතක් ගන්න පුළුවන්.
ගෙදර වෙනම බොක්ස් ෆයිල් එකක් තියාගෙන ඒකට ඔබේ, ඔපේ බිරිඳගේ, දරුවන්ගේ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර, ගමන් බලපත්‍ර, උප්පැන්න, මරණ, විවාහ සහතික වලත් පිටපත් පරෙස්සමට තියල තියා ගන්න. ඒ හැම එකක්ම සත්‍ය පිටපතක් කියලා සහතික කරා තියන්න. මේක පහු වෙලා කරනවා කියල කල් දාන්න එපා. හෙටම ගිහින් මේ වැඩේ කරල තියා ගන්න. ඒ ෆයිල් එකට ඔබේ නමින් තියන ස්ථාවර තැන්පතු, ව්‍යාපාර කොටස්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වගේ වට්නා දේවල් තියනවා නම් ඒවත් ෆයිල් කරල තියා ගන්න.
ඕනනම් මේ වගේ වට්නා දේවල් තියා ගන්න ගෙදරට පොඩි සේප්පුවක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රුපියල් හැට හැත්තෑ දාහකට සේප්පුවක් ගන්න පුළුවන්. ඊට වඩා අඩු ගනන් වලටත් පොඩි සේප්පු තියනවා. දම්රෝ, ඇල්ෆා වගේ ආයතන වලින් සේප්පුවක් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් බැංකුවක සුරක්ෂාතාගාර පහසුකමක් අරගන්න පුළුවන්. ඒ කියන්නේ සුරක්ෂිතාගාර පහසුකම් තියන බැංකුවකට අවුරුද්දටම රුපියල් පන්දාහක් වගේ ගෙවලා, එයාලගේ සේප්පුවක මේ ටික දාල තියන්න පුළුවන්. ඒ සේප්පුවට මුදල් දාන්න බැහැ. මුදල් තියනවා නම් ඒවා ගිණුමක දාන්න. ඒ හැර ඉඩම් ඔප්පු ඇතුළු වටිනා ලිපි ලේඛණ, අන්තිම කැමති පත්‍ර, නාමයෝජනා පත්‍ර, රත්‍රන්, මුතු මැණික් ඕන දෙයක් ඒ සේප්පුවේ දාන්න පුළුවන්.
සුරක්ෂිතාගාර පහසුකම් යටතේ බැංකුවකින් ලබා ගන්නා සේප්පුවකට මුදල් දැමීම තහනම් වන්නට හේතුවක් තියෙනවා. ඒ බැංකුවේම ගිණුමක් විවෘත කරලා ඒ සල්ලි ටික දැම්මා නම්, පොළියකුත් ලැබෙනවා. කුලියට ගන්න සේප්පුවේ දැම්මා කියල පොළියක් ලැබෙන්නෙ නැහැ. ඉතිං ගිනුමකට දැම්මා නම් ලබා ගත හැකිව තිබෙන පොළිය පවා එපා කියල, ඒ කුලියට ගත්ත සේප්පුවට මුදල් දාන්නේ බොහෝ වෙලාවට නීති විරෝධී ක්‍රම වලින් මුදල් උපයපු අය. ඒක නිසා තමයි කුලියට ගන්න සේප්පුවට සල්ලි දාන එත තහනම් වෙන්නෙ.
මේ වගේ සේප්පුවක් ගන්නවා නම්, අපි අපේ නමින් ස්ථාවර තැන්පතුවක් දාන්න ඕන. ඒකට ලැබෙන පොළිය, සේප්පුවේ කුළිය පියවා ගන්න පුළුවන් තරමේ එකක් වෙන්න ඕන. එතකොට සේප්පුව ගත්ත කෙනා, පිටරටකට ගිහින් අවුරුදු ගානක් හිටියත් එයාගේ සේප්පුවේ කුළිය බැංකුවට පියවා ගන්න පුළුවන් අර ස්ථාවර තැන්පතුවේ පොළියෙන්.
ඔබ ඉඩමක් මිලදී ගන්න යනවා නම්, ඒකේ නිරවුල් බව පරීක්ෂා කර ගන්න, ඒ ඉඩමේ ඔප්පුවේ පිටපතක් පලපුරුදු නීතිඥ මහතෙකුට දීලා පරීක්ෂා කර ගන්න. ඒකට වැය වෙන්නෙ රුපියල් දාහක් දෙදාහක් වගේ පොඩි මුදලක්.
දැන් ලිපියේ අවසානෙට ඇවිත්. එහෙනම් ඉඩම් වල ඔප්පු තිරප්පු වල වැඩ ටික නිවැරදි කරල තියා ගන්න. දේපළ නිසි ලෙස කළමණාකරණය කරන්න. එතකොට හැම පැත්තෙන්ම අපිට පහසුයි. ඒකෙන් වාසියක් මිසක් කිසිම අවාසියක් නැහැ.
ක්‍රිෂාන්ත දිසානායක
Copy Right Protected
Copy Right Protected
මෙම පේජයේ සියළු ලිපි කතෲ අයිතිය සුරැකි ඒවා වන අතර, මෙම ලිපි මෙම පේජයේ තිබියදීම ෂෙයා කිරීම, ඉන් ජීවිතයට යමක් ලබා ගැනීම හැර අන් කිසිදු කටයුත්තකට යොදා නොගන්නා මෙන් කාරුණිකව දැනුම් දෙමි.
දෙවන කොටස
-------------------------
මෙම කොටස ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමෙන්තුවේ උපදෙස් හා පැහැදිලි කිරීම් වලින් සමන්විතය.
-------------------------
මෙම කොටස ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමෙන්තුවේ උපදෙස් හා පැහැදිලි කිරීම් වලින් සමන්විතය.
ඉඩම් නිරවුල් කිරීම
ඉඩම් නිරවුල් කිරීම යනු කුමක්ද?
ශ්‍රී ලංකා භූමිය තුළ තිබෙන සියළුම ඉඩම්වලින්, රජයේ ඉඩම් මොනවාද? පුද්ගලික ඉඩම් මොනවාද? යන්න තීන්දු කිරීමත්, පුද්ගලික ලෙස තීන්දු කළ ඉඩම්, අදාළ උරුමකරුවන් වෙත පවරා දීමත්, එම ඉඩම් සඳහා ඔවුන්ට පිඹුරුපත් නිකුත් කිරීමත්, රජය සතු ඉඩම් රජය වෙත පවරා දීමත්, ඇතුලත් වූ ක්‍රියාවලිය ඉඩම් නිරවුල් කිරීම යනුවෙන් අදහස් කෙරේ.
ශ්‍රී ලංකාවට ඉඩම් නිරවුල් කිරීම අවශ්‍ය වූයේ ඇයි?
ශ්‍රී ලංකාවට ඉඩම් නිරවුල් කිරීමක් අවශ්‍ය වූයේ ඓතිහාසික පසුබිමක් පදනම් කරගෙනය. 1815 වනතෙක් වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් ඉඩම් භුක්ති විදීමත් පරිහරණය කිරීමත් සිදු කළද එම ඉඩම්වල අයිතිය, රජතුමා සතු වූ බැවින් වැසියන්ට අයිතිය පවරා දීමක් සිදු නොවීය. මෙම තත්ත්වය පවතිද්දී 1815 දී ශ්‍රී ලංකාව මුළුමනින්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් වීමත් සමඟ රාජාණ්ඩු ක්‍රමය අහෝසිවිය. බ්‍රිතාන්‍යයන් විසින් 1840 අංක 12 දරණ අනවසර ඉඩම් ආඥා පනත (No. 12 of 1840 The Prevent Encroachments upon Crown Lands) ප්‍රකාශයට පත් කරන ලදි. එම ආඥා පනතින් ප්‍රකාශ කරන ලද්දේ කිසියම් පුද්ගලයෙකුට තම ඉඩම තමාට අයත් බව සනාථ කිරීමට නොහැකි වන්නේ නම්, එම ඉඩම රාජසන්තක වන බවයි. මෙහිදී ශ්‍රී ලාංකිකයන් පාරම්පරිකව භුක්ති විදීම හා වගාව සැලකිල්ලට නොගන්නා ලදි. ඉන් බ්‍රිතාන්‍යයන් අදහස් කළේ අයිතිය සනාථ කිරීම සඳහා ඔප්පු, තිරප්පු, සන්නස් වැනි ලිඛිත සක්ෂි ඉදිරිපත් කළ යුතු බවයි. මේ තත්ත්වනය යටතේ 1840 අනවසර ඉඩම් ආඥා පනත නිසා අක්කර දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ට අහිමි විය. මෙම තත්ත්තවය ශ්‍රී ලාංකිකයන්ගේ දැඩි විරෝධතාවයට හා කණස්සල්නට හේතු වූ බැවින්, 1848 දී උඩරට මහ කැරැල්ල ඇති වීමට ද හේතුවක් විය. මේ නිසා බ්‍රිතාන්‍ය රජයට මෙම ගැටළුව විසදීම සඳහා රජයේ ඉඩම් මොනවා ?, පුද්ගලික ඉඩම් මොනවා ද? තීන්දු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සිදුවිය. එම ක්‍රියාවලිය ආරම්භ වූයේ 1897 අංක 1 දරණ මුඩු බිම් ආඥා පනත තුළිනි. (No of 1897 An Ordinance relating to Claims to Forest, Chena Waste and Uncoupled Lands)
ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධ ඓතිහාසික විකාශය
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද්දේ 1903 වසරේ දීය. යටත් විජිත පාලකයන් විසින් දිවයිනේ පහතරට ප්‍රදේශයට බලපාන පරිදි 1840 අංක 12 දරණ රජයේ ඉඩම් ආඥා පනත (අනවසර අල්ලා ගැනීම්) පනවා ක්‍රියාත්මක කරන ලදි. එම පනත මගින් අයිතිය ඔප්පු කළ නොහැකිව තිබූ සියළුම ඉඩම් රජය සතු බවට පූර්ව නිගමනයක් කරන ලදි. 1897 අංක 1 දරණ මුඩු බිම් ආඥා පනත පනවන ලද අතර එමගින් වගා නොකරන ලද සියලුම ඉඩම් රජය සතු බවට නීතියක් පනවන ලදි මෙම පනත් ක්‍රියාත්මක කිරීම දිසාපතිවරුන් විසින් ඉටු කරන ලද අතර 1903 දී වෙනම දෙපාර්තමේන්තුවක් වශයෙන් ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලදි. කලක් යන විට ඉඩම් ගැටළු විසදීමට ඉහත පනත ප්‍රමාණවත් නොවූ බැවින්, ඒ සඳහා 1931 අංක 20 දරණ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත පනවා ක්‍රියාත්මක කරන ලද. ප්‍රථම වරට රජයේ පනතක් මගින් පුද්ගලයන්ට ඉඩම් හිමිකම ලබාදීම ආරම්භ වන්නේ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනතෙනි.
ඉඩම් නිරවුල් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධ නීති
1840 අංක 12 දරණ රජයේ ඉඩම් (අනවසර අල්ලාගැනීම්) ආඥා පනත
1897 අංක 1 දරණ මුඩුබිම් ආඥා පනත
1931 අංක 20 දරණ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත
ලේඛන ලියාපදිංචි කිරීමේ පනත
ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධ ක්‍රියාවලිය
මූලික ඉඩම් පරීක්ෂාව
මිනුම්පති වෙතින් මූලික පිඹුරු ලැබුණු පසු බිම් කට්ටි පරීක්ෂාව හා ප්‍රවේණි හා නිරවුල් කළ යුතු ඉඩම් හඳුනා ගැනීම.
නිරවුල් කිරීමේ දැන්වීම පළ කිරීම හා ප්‍රචාරය කිරීම..
උරුම ලියාපදිංචි කිරීම හා නිරවුල් කිරීමේ විභාග පැවැත්වීම.
මැන වෙන්කිරීම් අවශ්‍ය නම් එම අවශ්‍යතා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම.
මැන වෙන් කිරීම් ලැබුණු පසු රේඛා චිත්‍ර ඉල්ලුම් කිරීම.
නිරවුල් කිරීමේ ආඥාව සකස් කර පුද්ගලයන්ට නිරවුල් කරන ලද ඉඩම්, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීම.
නිරවුල් කිරීම් සඳහා ගරු අමාත්‍යතුමාගේ අනුමැතිය ලබා ගැනීම.
නිරවුල් කිරීමේ ආඥාව ගැසට් පත්‍රයේ පළ කිරීම හා පිඹුරු හා ගැසට් පත් බෙදා දීම.
ගම නිදහස් කිරීම.
ගම නිදහස් කිරීම.
නිරවුල් කිරීමේ කටයුතු ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවට සහාය වන ආයතන
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
දිසාපති කාර්යාල
ප්‍රාදේශීය ලේකම් කාර්යාල
සියළුම දිසා අධිකරණ හා පිස්කල් කාර්යාල
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
දිසාපති කාර්යාල
ප්‍රාදේශීය ලේකම් කාර්යාල
සියළුම දිසා අධිකරණ හා පිස්කල් කාර්යාල
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
ඉඩම් නිරවුල් කිරීම තුළින් ලැබෙන ප්‍රතිලාභ
නීත්‍යානුකූල හිමිකමක් නොමැතිව බුක්තිවිඳින ඉඩම් සඳහා නීත්‍යානුකූල හිමිකමක්.
රජයේ ඉඩම්වල අයිතිය තහවුරු කිරීම.
පාරම්පරික අයිතිය තහවුරු වීම.
රජයේ ඉඩම්වල අයිතිය තහවුරු කිරීම.
පාරම්පරික අයිතිය තහවුරු වීම.
ඉඩම් සම්බන්ධයෙන් ඔබ දැනගතයුතු විශේෂ කරුණු
ඕනෑම ඉඩමක් ප්‍රථම වරට ලියාපදිංචි කිරීම රජයේ ලියවිල්ලක් පදනම් කරගෙන කළ යුතු වීම.
ඉඩම් ගණුදෙනු කරන ලියවිලිවල අනිවාර්යයෙන්ම පෙර ලියාපදිංචි විස්තර ඇතුලත් විය යුතු බව.
නැවත නැවත කරනු ලබන ලියාපදිංචි කිරීම් මුල් ලියාපදිංචියට සම්බන්ධ විය යුතු බව.
ඉඩම පිළිබඳ ඕනෑම ලියවිල්ලක නිශ්චිත සීමා මායිම් සඳහන් විය යුතු බව.
ඉඩමක වර්ග ප්‍රමාණය මානක සැලැස්මකින් තහවුරු විය යුතු බව.
ඉඩම් ගණුදෙනු කරන ලියවිලිවල අනිවාර්යයෙන්ම පෙර ලියාපදිංචි විස්තර ඇතුලත් විය යුතු බව.
නැවත නැවත කරනු ලබන ලියාපදිංචි කිරීම් මුල් ලියාපදිංචියට සම්බන්ධ විය යුතු බව.
ඉඩම පිළිබඳ ඕනෑම ලියවිල්ලක නිශ්චිත සීමා මායිම් සඳහන් විය යුතු බව.
ඉඩමක වර්ග ප්‍රමාණය මානක සැලැස්මකින් තහවුරු විය යුතු බව.
අප වෙතින් ඔබට ලබා ගත හැකි තොරතුරු
මුඩු බිම් ආඥා පනත සහ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ නිරවුල් කරන ලද ගම් පිළිබඳ විස්තර
මුඩු බිම් ආඥා පනත සහ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ නිරවුල් කරන ලද ගම්වල නිරවුල් කිරීමට අදාල කර නොගත් ප්‍රවේණි ඉඩම් පිළිබඳ විස්තර
ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ පුද්ගලික ලෙස නිරවුල් කරන ලද ඉඩම් හා පුද්ගලයන් සම්බන්ධ තොරතුරු
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් රජය සතු ලෙස ප්‍රකාශ කර අති ඉඩම් පිළිබඳ තොරතුරු
නිරවුල් කිරීමේ ආඥා පලකරන ගැසට් පත්‍ර පිළිබඳ තොරතුරු
මුඩු බිම් ආඥා පනත සහ ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ නිරවුල් කරන ලද ගම්වල නිරවුල් කිරීමට අදාල කර නොගත් ප්‍රවේණි ඉඩම් පිළිබඳ විස්තර
ඉඩම් නිරවුල් කිරීමේ ආඥා පනත යටතේ පුද්ගලික ලෙස නිරවුල් කරන ලද ඉඩම් හා පුද්ගලයන් සම්බන්ධ තොරතුරු
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව විසින් රජය සතු ලෙස ප්‍රකාශ කර අති ඉඩම් පිළිබඳ තොරතුරු
නිරවුල් කිරීමේ ආඥා පලකරන ගැසට් පත්‍ර පිළිබඳ තොරතුරු
දෙවන කොටසේ තොරතුරු ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී. වැඩි විස්තර පහත ලින්ක් එකෙන් ගොස් එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
ඇත්තෙන්ම එය ඉතා වැදගත් ය. මට මේ ගැන අදහසක් නැත. නමුත් දැන් මට බොහෝ තොරතුරු ලැබී තිබේ. නියම ස්තූතියි ඔබට.
ReplyDeleterealy its verry imprtant...befor i dont have idea about this. but now i got lot information. realy thanks for you.
ReplyDeleterealy its verry imprtant... i dont had idea about this. but now i got lot information. realy thanks for you.
ReplyDelete