Saturday, April 14, 2018

ප්‍රාණජීව

ප්‍රාණජීව  # Codariocalyx # motorius

මරණය පෙනි පෙනී සිටින අයට මෙම ශාක යුෂ බිඳුවක් බීමට දීමෙන් ප්රාණය නිරුද්ධවීම වළකා ප්රාණයට ජීවයත් ලබාදෙන බැවින් ප්රාණජීව ලෙසින් හඳුන්වයි.
Codariocalyx motorius යන උද්භිද විද්යාත්මක නාමයෙන් හඳුන්වන චංචල ශාකයට දමිළ බසින් තොලු කණ්ණී ලෙසත්, හින්දි බසින් දූධි ලෙසත්, මලයාලම් බසින් රාමනාම පාචා ලෙසත්.සංස්කෘත බසින් නමස්කාරී ලෙසත් හඳුන්වයි.
රනිල කුලයට අයත්වන මෙම ශාකය ආලෝක හා ශබ්ධ සංවේදීවේ. ශාකයේ ලපටි උපපත්ර ශබිදයට අණුව වලයාකාර චලනයන් දක්වයි. මේ නිසා මෙම ශාකයට චංචල, Dancing tree, ආදී නම් ලැබී ඇත.
ඖෂධීය ගුණය සැලකීමේදී ශාකයේ සියළුම කොටස් එනම් පංචංගයම ඖෂධ සඳහා භාවිත කරයි. ප්රති ඔක්සිකාරක ගුණයත්, පිළිකා නාහක ගුණයත්, විෂහරණ ගුණයත් පවතී.රූමැටික රෝග. හෘද රෝග, කැස්ස. මැලේරියාව, උණ, අතීසාරය, අක්මා ප්ර දාහය, වකුගඩු රෝග, සමේ රෝග, වලට මහගු ඔසුවකි.
එසේම හොඳ වාජීකරණ ගුණයක්ද, ස්නායු උත්තේජක ගුණයක්ද, ප්රතිශක්තිය වර්ධන හැකියාවක්ද ඇත. අකලට හිසකෙස් පැසිම නවතයි. රක්තකාශය වළකයි. වෘණරෝපකයි. දියවැඩියාව නසයි. පාචනය නවතයි.
සර්ප දෂ්ඨ වලදී මුල් යුෂ බීමට දීමත්, රූමැටික රෝග වලදී මුල් සාරය මි.ලී.30ක් පමණ බීමට දීමත්, තුවාල වලට පත්ර හා මුල් අඹරා ගෑමත්, දියවැඩියාව සඳහා මුල් ග්රෑම් 50ක් ජලය මිලි ලීටර් 500ක දමා තම්බා මි.ලී 40 බැගින් දිනපතා බීමට දීමත්, සුදුසුය.
ප්රතිඔක්සිකාරක ගුණය, හා පිළිකා නාශක ගුණය ඇතිබැවින් ඉතා වැදගත් ඖෂධයක් වේ.

0 comments:

Post a Comment