Saturday, January 18, 2020

පිළිකාව වර්ධනයට හේතුවක් වන කෝටිසෝල්.

පිළිකාව සහ කෝටිසෝල්.

පිළිකාව වර්ධනයට හේතුවක් වන කෝටිසෝල්.

මම නිදාගන්න යන්න හදන වෙලාවේ දුටුවා එක් දරුවෙක් තමන්ගේ තාත්තාට පිලිකාවක් හැදිලා කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා. ඒ අතරම මේ දරුවාටත් යම් රෝගයක් තියෙනවා. ඒ රෝගය ගැනනම් සදහන් කරලා තිබ්බේ නැහැ. ඒත් මේ පෝස්ට් එක දාල තියෙන ආකාරයෙන්ම මට හැගී ගිය දෙයක් තමයි මේ ගෙදර ඉන්න අයට මොන තරම් මානසික ආතතියක් ඇද්ද කියන එක. ඒ නිසා මේ ලිපිය කෙටියෙන් හෝ ලියා තබන්නට මට හිතුනා.
අද ලෝකයේ දියුණුවෙමින් පවතින එක් ප්‍රතිකාර ක්‍රමයක් තමයි ස්ටෙම් සෛල ප්‍රතිකාර ක්‍රමය. ස්ටෙම් සෛල කියන්නේ අපගේ සිරුරේ නිපදවන යම් කාර්‍යයක් සදහා නිර්මාණය නොවුණු නැවුම් සෛල. අපගේ සිරුරේ සෛල වර්ග 200 ක් පමණ තියෙනවා. මේ සියළු සෛල නිපදවන්නේ එක් මූලික සෛල ප්‍රබේධයකින්. ඒ තමයි ස්ටෙම් සෛල. මේවා බෝන් මැරෝ වල නිපදවනවා. ඔබ දන්නවා ඇති ලක්ෂ හැට අසූව වගේ විශාල ගනන් ගෙවලා මේ බෝන් මැරෝ ට්රාන්ස් ප්ලාන්ට් කරනවා. ඒ අර ස්ටෙම් සෛල නිපදවීම වේගවත් කරන්නටයි. ඒ ගැන අපි වෙනම කතා කරමු. මම මේ කියන්න හදන්නේ වෙනත් කතාවක්. එයත්මේ ස්ටෙම් සෛල වලටම අදාලයි.
අපේ අතක් කැපුන කියන්නකෝ. මේ කැපුම් ස්ථානයෙන් යම් රසායනිකයක් නිකුත් කරනවා රුධිරයට. මේ රසායනිකය අපගේ ස්ටෙම් සෛල නිපදවීම වේගවත් කරලා රුධිරයට මුදා හරිනවා. දැන් මේ ස්ටෙම් සෛල අර කැපුම ඇති ස්ථානයට ඇවිල්ලා අදාල ස්ථානයේ ඇති සෛල වල ඇති සංයුතියට අනුව වෙනස් වන බව විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා. නමුත් දැන් දැන් මෙම ස්ටෙම් සෛල නිශ්පාදයන යම් යම් හේතු නිසා අඩාල වි ඇතිබවද සොයා ගෙන තියෙනවා. ඉතිං හේතුව දන්නේ නැති නිසා ස්ටෙම් සෛල ලැබ් වල නිශ්පාදනය කරලා එන්නත් කරන එක තමයි දැන් දැන් කරන්නේ. එය ඉතාමත් මිළ අධික ප්‍රතිකාර ක්‍රමයක්.
‍මේ ස්ටෙම් සෛල අපි ලැබ් එකක වගා කලොත් එය නිරෝගිව සහ ඉතාමත් වේගවත්ව වර්ධනය කරගන්න පුලුවන්. ඒත් ඔබ දන්නවාද මෙසේ ලැබ් එක තුල ස්ටෙම් සෛල වගා කරන දිසියකට කෝටිසෝල් කියන හෝමෝනය ටිකක් එක්කලොත් එහි වර්ධනය නවතින බව. දැන් සිතා බලන්න මේ සිද්ධි දාමය ඔබගේ සිරුර තුල සිදුවෙනවා නම් ඔබට ස්ටෙම් සෛල නිපදවන්නට බැරි වෙනවා නේද කියලා.
කෝටිසෝල් කියන්නේ අපගේ වකුගඩුව මත පිහිටලා තියෙන ඇඩිරිනල් ග්‍රන්ථිය මගින් නිකුත් කරන හෝමෝනයක් මේ හෝමෝනය නිකුත් කරන්නේ අප මානසික ආතතියකට ලක් වූ විටයි. මානසික ආතතියක් ඇති විට එය පාලනය කරගන්නට තමයි මේ හෝමෝනය මුදා හරින්නේ. එහෙත් මේ හෝමෝනය අපගේ සිරුර තුල ඒකරාශී වීම නිසා අපි බොහෝ අපහසුතා වලට ලක් වෙනවා. මෙම හෝමෝනය රුධිරයේ ඇති විට රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙවනා. එසේම ස්ටෙම් සෛල නිපදවීම අඩාල වෙනවා. රුධිර පීඩණය වැඩි වෙනවා. වේදනාව දැනවීම අඩු වෙනවා. මේ වගේ වෙනස් කම් බොහෝමයක් මේ හෝමෝනය නිසා සිදු වෙනවා.
එසේ නම් මානසික ආතතිය වැඩි අයගේ කෝටිසෝල් ප්‍රමාණය වැඩි බව අපිට තේරුම් ගත හැකියි. අනෙක් කාරණය තමයි මේ කෝටිසොල් අපගේ සිරුරේ එකතු වන නිසා මේවා සිරුරෙන් ඉවත් කරගන්නටද අමාරුයි. ඉතිං ඔබගේ සිරුරේ යම් අලුත්වැඩියාවක් කරගන්නට තියෙනවා නම් මේ කෝටිසෝල් නිසා එය සිදු කරන්නට බැරි වෙනවා. රෝගයක් සුව කරගන්නවා කියන්නේ සිරුරේ සිදුවන විශාල අළුත් වැඩියාවක්. ඉතිං බලන්න ඔබගේ මානසික ආතතිය නිසාම ඔබ නිරෝගී වන්නට ඇති දොරටුව වසා දමා ඇති ආකාරය.
මා මෙහිදී සමහර වෛද්‍ය වරුන්ගේද යම් අඩුපාඩුවක් කියන්න කැමතියි. සමහර වෛද්‍ය වරු රෝගියාට කෙලින්ම පවසනවා ඔහුට ඇති රෝගය. එය පිලිකාවක්ද, වෙන එකක් ද කියලා බලන්නේ නැහැ. මේ පුවත ඇසූ සැනින්ම අර රෝගියා මානසිකව වැටෙනවා. ඉතිං වෛද්‍ය වරයාට දැන් රෝගය සුව කරගන්නට එයම බාදාවක් වෙනවා. මම දැකලා තියෙනවා පිලියන්දල සම්පත් වෙදමහත්තයා මුලින්ම කරන්නේ රෝගියාගේ මානසික ආතතිය ඉවත් කරන බව. එතුමා රෝගීන් සමග කතා කරලා අවසන් වන විටම රෝගියාට දැනෙන සුවය අපි අත් දැකලා තියෙනවා. මා සිතන ආකාරයට එයයි සිදු විය යුත්තේ.
දැන් බලන්න පිලිකා රෝගියෙක් සුව වන්නේ කෙසේද කියලා. පිලිකාවක් ඇති කෙනා සිටින්නේ ඉතාමත් දරුණු මානසික ආතතියකින් බව මා කිවයුතු නැහැ. ඒත් සිත ශක්තිමත් සමහර පිලිකා රෝගීන් ඉන්නවා ඔවුන් පිලිකාව ගනනකට ගන්නේ නැහැ. ඔබ දැක තියෙනවාද මානසික රොගියෙකුට පිලිකා හැදෙනවා. එහෙම වුනා නම් ඒ බොහොම කලාතුරකින්. නමුත් විෂාදයෙන් නැත්නම් ඩිප්රෙෂන් රෝගයෙන් පෙලෙන කෙනෙකුට වෙනත් රෝග වැලදීම ඉතාත් ඉක්මනින් සිදු වෙනවා. ඔවුන්ට රෝගයක් හැදුනොත් එය සුව කරගන්නට බොහෝ කලක් ගත වෙනවා. ඔබට සිතා බලන්නටයි මේ කරුණු මා ගෙන ආවේ.
දැන් අපි බලමු කෝටිසෝල් නිපදවීම වැඩි වීමට හේතු වන කරුණු.
මූලිකම කරුණ තමයි තමන්ට වැලඳී ඇති රෝගය නිසා තමන්ගේ ජීවතිය නැතිවෙයි, තමන්ගේ දරුවන් අනාතවෙයි, තමන්ගේ බිරිඳ තනි වෙයි. මේ වාගේ නොයෙක් කරුණු නිසා මානසික ආතතිය ඇති වෙනවා. ඉතිං රුධිරයේ කෝටිසෝල් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් ඉතිං අර රෝගය නිසා මරණයට පත්වෙන හෝ අඩපන වන සෛල වෙනුවට අලුත් සෛල නිපදවන්නට නොහැකි වෙනවා. මේ නිසාම රෝගයට මුහුන දෙන යම් ඉන්ද්‍රියක් වේද අදාල කාර්‍ය්‍ය කරගන්නට බැරි වෙනවා. මේ අනුව රෝගය දිනෙන් දින වැඩි වෙනවා.
තවත් එකක් තමයි රෝගියා ඉදිරිපිටම අනෙක් අය හැසිරෙන ආකාරය. අපි බටහිර දැක තියෙනවා. මල් මිටක් ගෙනත් දෙනවා රෝගින්ට. රෝගියා එක්ක සතුටින් කතාව අරඹන්නට මේ මල් ටික වැදගත් වෙනවා. එසේම ලෙඩා බලන්න ආපු කෙනා ලෙඩාගෙන්ම අහනවා මොකද වුනේ කියලා ඉතිං අර ලෙඩා එන එන හැමෝටම රෙකෝඩ් එක දාල තමයි පටන් ගන්න වෙන්නේ. මේ සෑම වෙලාවකම මේ රෝගියාගේ කෝටිසෝල් මට්ටම නගිනවා. ඉතිං රෝගය නිවාරණය කරගන්නට අපගේ ශරීරය විසින් ලබා දී ඇති හැකියාව යට යනවා.
ඊලග කාරණය තමයි රෝගියා නිවසේ හෝ රෝහලේ සිටින අතර තුර බලන කසිකබල් ටෙලි නාට්‍ය ටික. ඉන්දියාවෙන් විසි කරන ටෙලිනාට්‍ය ලංකාවට ගෙනැල්ලා කරන විනාශය සිතාගන්නටවත් බැහැ. බඉලන්න මේ නාට්‍ය්‍ය බලලා අවසන් වූ පසු සිතට මෙන තරම් බරක් දැනෙනවාද කියලා. ඒ ඔබට දැනෙන්නේ කෝටිසෝල් වල බලයයි. දැන් මේ වෙලාවේ රෝගියාට මොන බෙහෙත් බිව්වත් රෝගය සුව වන්නට හේතු වෙන්නේ නැහැ.
තවත් කාරණයක් තමයි රෝගියාව අන් අයට කරදරයක් වීම නිසා ඔහුට කාරුණික නොවීම. මේ නිසා රෝගියාව කේන්ති ගස්වන බව සමහර විට ඔබ දැක ඇති. මේ නිසාද රෝගියාගේ රුධිරයේ කෝටිසෝල් මට්ටම වැඩිවෙනවා.
‍මේ විදිහට නානාප්‍රකාර හේතු නිසා කෝටිසෝල් වැඩි වෙනවා. කෝටිසෝල් අඩු කරගන්නට අපි කුමක් කල යුතුද? අපි ඒ ගැන කතා කරමු.
මුලින්ම අපි තමන්ගේ රෝගයට ඇති අනියත බිය නැති කරගත යුතුයි. ඉන් පසු තමන් නිරෝගි අයෙක් බව සිතන්නට හැකිවන මනසක් සකස් කරගත යුතුයි. තමන්ට හැකි ආකාරයට අන් අය සමග සතුටින් සිටින්නට උත්සහ කල යුතුයි. යම් කෙනෙක් නිතරම ඍණාත්මක දේවල් කතා කරනවා නම් ඔවුන්ගෙන් ඉවත් ව වාසය කිරීම ඉතාම වැදගත් වෙනවා. තමන් අදහන යම් ආගමක් ඇත්ද ඒ ආගමට අනුව ධාර්මික ජිවිතයක් ගත කරන්නට උත්සහකරන්න. එවිට සිතට ද්වේෂය ඒම වලක්වා ගත හැකියි. අපි දන්නවා වෛද්‍ය වරු පවා රෝගියා වෙනුවෙන් බෝධිපූජා තබන්න කියලා කියනවා. අපි රෝගියා වෙනුවෙන් බෝධිපුජා තබා අතේ පිරිත් නූලක් ගැට ගහන කොට රෝගියාගේ සිතේ ධනාත්මක සිතිවිලි පහල වෙන්නට එය හේතුවක් වෙනවා. නිතරම සතුටින් සිටින්නට උත්සාහ කරන්න. ඩොපමින් වැනි ධනාත්ම හෝමෝන වල ක්‍රියාකාරීත්මය මගින් කෝටිසෝල් නිපදවීම අඩපන කරනවා. මේ නිසා සතුටින් සිටිීම ඉතමත් වැදගත් වෙනවා.
‍මේ කාරණා ටික මම නිදිමත තිබියදීත් ටයිප් කරගෙන ගියේ බොහෝ දෙනෙක් තමන්ගේ රෝගය ලොකුවට කතා කරකර අන් අය සමග පවසා පොඩි තෘප්තියක්ද ලබන්නට උත්සහ කරන නිසයි. තමන්ට රෝගයක් ඇත්නම් ඊට අවශ්‍ය පෝෂණය හෝ ඔසු ලබාගෙන ඒවායින් මිදෙන්නට හැකියි. නමුත් ඔබ ආතතියකට පත්ව රුධිරයේ කෝටිසෝල් වැඩි කරගෙන වෛද්‍ය වරයා වෙත ගොස් නිරෝගි වෙන්නට උත්සහ කරනවා නම් එය නිශ්පල ක්‍රියාවක්. වෛද්‍ය වරයාවටත් සොයා ගන්න බැහැ ඇයි මේ ලෙඩා සුව නොවන්නේ කියලා.
‍හොඳින් සිතා බලා තමන්ගේ රෝගය සුව කරගන්නට මූලික අඩිතාලම තමන් තුලින්ම දාගන්න. මෙවැනි රෝගීන්ට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සුදුසු තැනක් ඇත්නම් එය ඉතාමත් වටිනවා. මා එවැනි ස්ථානයක් පටන් ගන්නට සිතාගෙන සිටියත් තවමත් ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලැබුනේ නැහැ. එතන ඔවුන්ට මාස තුනක් වත් නැවතී නිසි ආහාර රටාවක්. ජීවන රටාවක් පුරුදු කර නියම බෙහෙත් ටික ලබාදීලා නිරෝගී පුද්ගලයෙක් නැවත නිවසට බාර දීම තමයි අපේ පරමාර්ථය. අපි බලමු ඉදිරියේදි මේ සිහිනය යතාර්ථයක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා.
තවත් කෙනෙක් නිරොගිව ඉන්නවාට ඔබ කැමතියි නේද? ඒ නිසා මෙම ලිපිය ෂෙයාර් කරන්න
රෑ 1.30ත් වෙලා. වැරදි ඇත්නම් ගනං ගන්න එපා. හෙට බලලා හදන්නම්.
ඔබට වැඩි විස්තර දැනගන්නට අවැසි නම් මාහා වට්ස් ඇප් මගින් එක්විය හැකියි.
සෙරෙන්ඩිබ් හෝලිස්ටික් සෙන්ටර්
අංක 140 1/1
ගාලුපාර ගල්කිස්ස.
0112735621 / 0777 316629 /
වට්ස් ඇප්. +6583956095
පහත ලින්ක් එක මගින් මාගේ පුද්ගලික ගෘප් එක හා එක්වී ඔබගේ ගැටලු වලට පිලිතුරු ලබා ගන්න. Telegram app එක නැතිනම් ඩවුන්ලෝඩ් කරගන්න.
https://t.me/nayana
.
මෙත්සිතිනි.
පෝෂණ වේදී
නයන තේනුවර.

0 comments:

Post a Comment