Friday, November 3, 2023

ඉරිවේරිය

Published from Blogger Prime Android Appඋණයි වමනෙයි බඩේ අමාරුවයි එපාම වෙලා ඉන්න ඔබට.. 

ඉරිවේරිය වලින් ප්‍රත්‍යක්ෂ ඔසුවක්.

☘️මේ දවස්වල හැමවෙලේම උන එක්ක එන බඩ රිදීම් වමනේ යන එක වගේ දේවල් හැමතැනම අහන්න ලැබෙනවා.

කොච්චර බෙහෙත් බීවත් අඩුවෙන්නෙ නෑනෙ ?🙄

☘️ඉරිවේරිය කියන්නෙ ඕනම විදියෙ වමනයට ඕනම විදියෙ පාචන අතීසාර තත්වෙකට හොඳම ඖෂධ වලින් එකක්..

☘️ඉරිවේරිය ඉස්ම මී පැනි දාලා බොන එකෙන් වමනය නතර වෙනවා.

☘️ඒ වගේම හොදටම බඩ රිදිලා මල පහ බුරුලෙන් පිටවෙන එක අපි කියනවා අතීසාර තත්වයක් කියලා..

👉මේකට 
ඉරිවේරිය දඩු
ඉගුරු අල කෑල්ලක්
බැදපු කොත්තමල්ලි ටිකක් 
කහ කුඩු ටිකක්
එක්ක තම්බලා නිවෙන්න තියලා මී පැණි ටිකක් දාලා බොන්න දෙන්න පුළුවන්..

🌸විශේෂයෙන් ම කුඩා දරුවන්ටත් මේක දෙන්න පුළුවන්..

☘️ඒ විතරක් නෙවෙයි කෑම කාපු ගමන් බඩ රිදිලා වැසිකිලි යන්න වෙන ග්‍රහණි රෝගයේ මුල් තත්වෙදි මේ ඉරිවේරිය කැඳ පාවිච්චි ක්රන්න පුළුවන් .

☘️හැබැයි මේ රෝගෙ කල් ගත උනාම නම් හරිම පරිස්සමින් ටික කාලයක් බෙහෙත් කරලා තමයි හොඳ කරගන්න ඕන.

☘️සාමාන්‍යයෙන් අතීසාරයක් එන්නෙ බඩවැල් වල දුර්වල බවක් අජීර්ණයක් එක්ක කෑම නොදිරවන එකක් එනකොට.

මේ හැමදේමට ඉරිවේරිය වටින ඔසුවක්..

විශේෂයෙන් ගෙදර හදන තැම්බුම් හොදි එකට ඉරිවේරිය දණ්ඩක් එකතුකරන්න අමතක කරන්න එපා.

මේ දවස්වල උණ හැදිලා වමනෙ යන අජීර්ණයෙන් පෙලෙන හැමදෙනාටම මේක ප්‍රත්‍යක්ෂ වෙන ඔසුවක්..

පෙති බීලම එපා වෙලා නම් 
මේ "බෙහෙත් නොවෙන  බෙහෙත්" ටිකක් බීලා බලන්න..

ඔබ සැම නීරෝගී වේවා ❤️

සටහන - ආයුර්වේද වෛද්‍ය රසාංජනා ඉලංකෝන් 
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය )
හරිතායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය 
ගණේමුල්ල.
0770430097

0 comments:

Post a Comment