දැනට දෙෙනිකව මියයන කොරෝනා සන්කූලතා රෝගීන්ට දවස් පහක් පෙව්වනම් දිවි පහුරු දෙහි හා මීපැනි දෙක දාලා බොහෝ අය බේරගන්න තිබෙන අවස්ථා එලබෙයි.අවදානයට බලයලත් අයට මෙය අත් හදා බලන්න.
වෙළද පලේ නොයෙක් දේ අරගෙන රෑකල සතුට වෙනුවෙන් දුක්විදින තරුණ අය දුටුවම මට මතක් උන අද්දැකිමක යම් අනාගත ඉතිරියක් වෙනුවෙන් ලියා දක්වන්ට හිතුන දිවි පහුරු කියන ඔසුව පිළිබදව. ,එයටත් එහා ගිය වර්ථමාන කෝවිඩ් වලදිද සහනය සලසපු අවස්ථා එමටයි .හදිසි ස්වසන අපහසු තා වලට දේශීයව ගතහැකි ගස් වැල් කිපයක් මතක් වෙද්දි දිවි පහුරු ගැන බොහෝ විස්තර ලැබුනි. අනාගත පරිබොජකයන්ගේ හිත සුව පිණිස මෙසේ ලියා දක්වන්නට සිතුනේ, කියනවට නොව වෙෙද්‍ය උපදෙසට අනුගතව මෙයින් ගන්නා ප්‍රයෝජන සලසා ගන්නා යහපත් අරමුණින් හා ගෙදරක බෙහෙතකට වවා ගත යතුම නිසාවෙනි. ස්වසන අපහසු රොග වලදි දෙහිහැන්දක් සමග දිවිපහුරු ඉස්ම බිදිති කිහිපයක් දුන්කල ඉක්මන් සහනයක් අත්වේ යන්න සත්‍යකි.මෙම ගින් වන්නේ ශෙෙර පිරිපහදුව සහ අාරක්ෂණ යක් ලෙස ක්‍රියා කිරිම වගේම ලේවල පවතින විෂ අපද්‍රව්‍ය විනාස කිරිම හා සෙම් ප්‍රමාන මගහරවා ස්වසන පහසුවට ඉඩසැලසීමයි.මෙම සත්කාරය අක්මා රොවලටද ඉතාම යහපත්වේ .එමගින් පසුකාලිනව අැතිවියහැකි රැධිර කැටි අැතිවීමේ ක්‍රියා වලිය ප්‍රමාද කලහැක.
අලසවු දිනකදි දිවිපහුරු කොල තුන හතරක් හකුරු මීපැණියෙන් අනා කැමෙන් මහත් වේගයක් ජවයක් අැතිවීමේ ක්‍රමය හොයා යාමේදි මෙම වැල් භාවිත වාජීකරන වට්ටෝරුවක් කියවු වෙමි.
නකිරගල කොල රතිදෙනගේ කිරලා
හුයා රුගෙන එ් කොලද ලා
නැවත කිරිත් ඔහු හටද කවලා පොවලා
නෂ්ඪ කාමය යෙති දුර බාදක අැරලා
රතුදෙනේ කිර පිත් කඵ නාසකයි කලුදෙනගේ කිර වාත නාසකයි සුදුදෙනගේ කිර සෙම් වඩයි එහෙයාන් පැරණි මුලාස්‍ර වල රතුදෙන කිර උෂ්ණ නසයි .එහෙයින් ධාතු වඩයි.
මෙමගින් අැතිවන උත්තේජනය මෙසේ යැයි මම කීවද ඔබට අවස්ථාව අැත විෂනැත කිසිකලෙකා. මෙම සන්යෝගයේ හොද ඔක්සි කාරක ගුණයක් පෙන්වයි ශරීරයේ සියලු කොටස් මෙවලන් පැවැත්මට.එ් වහාලැබෙන බර ගුණය අල්ලා ගැනීමේ ගුණය නිසා වෙනි.අාස්වාස ප්රාස්වාසයට පවා සහනය ගෙන දෙන්ට තරම් ප්රබලව ඉඩ සලසන්නේ කියා සිතා කලින් පලකල ලිපියෙහි හුස්ම අපහසු කිපදෙනෙකුට සපයා දිමෙන් මම පිනක්ද අත්කරගතිමි.
මැරෙන්ට යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙන්න හදන නිසා නොයෙක් දේ කනවනේ ජීවිතය බේර ගන්න අන්තිමට ,එමනිසා බෙහෙත්නැති ලෙඩකට සහනය සැලසීම ගැනනේ අපෙත් අරමුන. බලන්න පහතින් එන පදහතර.
සොද රත්හදුන් ගෙන තුන්බෝඅත්තන යුෂයට
නොහොත් නකිරගල නස්නය අන්ජනයද සන්නියට
මිරිස් එ් මිටක් සුනුකර අප්පල්ලයක බහා රත්කර
පොඩිඑහිදමා හැර අැගට දුන් දෙනු වහා සන්නි දුර
අප්පච්චි බෙහෙත් කරන කාලේ නස්න අන්ජනම් දෙනවා දුටු එදා ගනන් නොගත් මේ බෙහෙත් වල තිබන දැඩි අල්ලා ගැනීමේ ගුනය බැලුවම පදුම හිතෙනවා.මේ නස්නය උග්‍ර බලු විෂ අැති අය වහා සිහිගන්වන්න දුන්නා මතකයි මා පොඩි කලත්.කොටා පොවන්ටද දෙහි යුෂයට දුන්නා මතකයි.
දිවිපහුරේ අැට වේලා උරච්චි කර අැසලා(කොමාරිකා හෝ තැඹිළි ලොදදමා)මී මැස්මොර දුර ලයි සියලා .
තවද ඔසප් ෂූලයේදි බය නැතිව කොටා පොවන්ට හැකි මහගු බේතකි දිවි පහුරු. මේ පද හතර බලන්න
එරබදු යුෂ හා ඉතැල්ලක් දඩුවැල් පැන ඉතැල්ලක්ම පොව ඔසප් ෂූලය නැති වන
දිවිපහුරු කොටා දඩුවැල් පැන බහා යුෂමැඩ දුන් වැන
තුන්දවසක් බොත මෙලෙසට ඔසප් ෂූල නැති වන මේ අාදී උදාහරන ගෙන පැවේ අවස්ථාවනහි පමනක් පමනට වඩා නොවන ප්‍රමානයෙන් කලහැකි පිළියම් පැවසීමටය.නිතර භාවිතයෙන් පලක්නැත .එහි ගුනයද එවිට අවස්ථාවන්හි යෙදුවද බල නොපවතී. චර්ම රොග වලදි දිවිපහුරු භාවිත තැන් හමුවේ. තවද වේදනා වන්හි සින්හල වෙදකමේ වේදනා නාසක ඔසු සැකසුමේ යෙදිය හැක.දිවිමකුලු විෂයට භාවිතය යට දියසෙවෙල් සමග අනා ගැ තැනත් නස්නද කරනු අැත.
කාටත් තරැණ කල අැතිවන කුරුලෑ අයින් කරන්න ලේසිම බෙහෙතක් තමයි දිවිපහුරු
දාවි පහුරු කොල ගෙන
කුරු අැරලා අඹරමින (කුරු යනු බත්)
නිවු සාලේ පිටි ගෙන
එක් කොට කබලු පිසගෙන
ගෙන තබා බැන්දොත්
තෙතයෙන් මුදා බැන්දොත්
සෙතලු කුරුලෑ තැලිවනයටත්
මේ ලෙස තුවාල වෙදකමටත් විස ගෙඩි පුපුරන්නත් කරන පිලියම් හි දිවි පහුරැ වල භාවිතය පෙන්වා අැත.පිලිස්සුම් වලදි කහ සමග එිමත එළීමද ඉතා යහපත් බව දැවුම් පිලිස්සුම් චිකිස්සාවේ ද ලියු තැනහි හමුවේ
මේසා විශාල වටිනාකමක් හිමි මේ වැල් වර්ගය පිලිබද තව තොරතුරු අැතිනම් මේ පොස්ටුව ටම පසුව එක්කල හැක. මෙතෙක් මෙම වැල භාවිත කල සුවවු කෝවිඩ් රෝගීන්ගෙන් කමෙන්ට් එකක් හැටියට ඉදිරිපත්කල කිපදනෙක් මෙම පොස්ටුවට එක්කලෙමි.මෙය භාවිත කර සුවවු මාවෙත දුරකතන අැමතුම තුලින් මතක් කල අයටත් ස්තුති බොහෝමත්ම.
0 comments:
Post a Comment