“ මම ඔටාරා ඩෙල් ගුණවර්ධන. මම උපන්නේ කොළඹ මැකාති පෞද්ගලික රෝහලේදී. අගෝස්තු මාසේ තිස් වැනිදාවක. මගේ පියා නෝමන් ගුණවර්ධන. ඔහු එයිට්කන් ස්පෙන්ස් සමාගමේ සභාපතිවරයා ;ලස කටයුතු කළා. අම්මා ඩිලයිසියා ගුණවර්ධන. ඈ නාරාහෙන්පිට චිත්‍රා පටුමගෙහි විශේෂිත වූ දරුවන් සඳහා පාසලක් පවත්වාගෙන යනවා. මම පවුලේ බාලයා. එකම දුව. මට වැඩිමල් අයියලා දෙදෙනෙක් ඉන්නවා.මම සාමාන්‍ය පෙළ දක්වා කොළඹ කාන්තා විද්‍යාලයට. උසස් පෙළ සඳහා ස්ටැෆර්ඩ් කාන්තා විද්‍යාලයට. ඇමෙරිකාවේ බෝලිං ගී‍්‍රන් සරසවියෙන් උසස් අධ්‍යාපනය හැදෑරුවා . එහිදී ජීව විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලැබුවා“
“මම පාසල් කාලේ බොහොම ලජ්ජාශීලී දැරියක්. ඒත් ටිකක් දඟයි. පාසලේදීත් යොවුන් වියේදීත් මම හුඟාක් ක්‍රීඩාවලට යොමු වුණා. මම පුංචි කාලේ ඉඳලාම සත්තුන්ට හරිම ආදරෙයි. මගේ නිවසේ බළල් සහ බලු සුරතලුන් රංචුවක්ම හිටියා.මම ගස්වැල්වලට, සතුන්ට කැලෑවට හරිම ආසයි. නිවාඩුවක් ලැබුණු හැම වේලාවකම අපි දුර පළාත්වලට විනෝද චාරිකාවල යෙදුණා. මම වැඩියම ආසා කළේ යාල, විල්පත්තු, කුමන වගේ කැලෑබද ප්‍රදේශවලට යන්නයි. මම සතුන්ට කොයි තරම් කැමතිද කියනවා නම් මට වයස අවුරුදු 13 - 14 කාලෙදි දෙහිවල සත්වෝද්‍යානයේ ස්වේච්ඡාවෙන් සේවය කළා.“
ඊට අමතරව මම පාසලේ තිබුණු හැම ක්‍රීඩාවකටම සහභාගි වුණා. උස පැනීම, දුර පැනීම, දිවීම, නෙට් බෝල්, පිහිනීම්, මේස පන්දු මේ හැම ක්‍රීඩාවටම. තරග සියල්ලටම සහභාගි වුණා.හැම තරගයකින්ම ජය ගත්තා. ඒ කාලේ පාසල් ක්‍රීඩා තරග වගේම සමස්ත ලංකා තරගවලිනුත් ශූරතා දිනා ගත්තා. මම කොළඹ තිබුණු සීටී සහ එෆ් සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළා. දිවීම සහ බාධක දිවීමේ තරගවලින් සමස්ත ලංකා ශූරතාව දිනා ගත්තා ඒ වගේම පාසල් මුද්‍රා නාට්‍ය කණ්ඩායමේ මෙන්ම ඌෂා නම් මුද්‍රා නාට්‍ය ශිල්පිනියත් සමඟත් මුද්‍රා නාට්‍ය කණ්ඩායමක් නියෝජනය කළා. පාසල් මුද්‍රා නාට්‍යවල බොහෝ විට ප්‍රධාන චරිතය රඟපෑවේ මම“
“ ඇත්තටම පුංචි කාලේ ඉඳන්ම මම ආශා කළේ පශු වෛද්‍යවරියක් වෙන්නටයි. ජීව විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබුවෙත් ඒ අපේක්ෂාවෙන්.නමුත් මම ඇමෙරිකාවේ ඉගෙන ගන්න කාලේ මගේ හිත මෝස්තර ප්‍රදර්ශන කෙරෙහි ඇදී ගියා. මම මෝස්තර නිර්මාණ ශිල්පිනියක් ලෙසත් මුලින්ම කටයුතු කළා.
පසු කලක සිය පියාගේ සහයෝගයෙන් ෂැම්පු වර්ග ආනයනය කරන ඒජන්සියක් අරඹන ඇය නිමි ඇදුම් වෙළදාමට පිවිසෙන්නේ සිය ස්ටේෂන් වැගන් වර්ගයේ මෝටර් රථයෙනි. අපනයන නිමි ඇදුම් නිෂ්පාදකයෙකුගෙන් ලබාගත් අපනයෙන් ඉතිරි වන නිමි ඇදුම් සිය මෝටර් දමාගන්නා ඔටාරා සිය යෙහළියන් වෙත ගොස් ඒවා අලවි කරන්නට පටන් ගත්තාය.එම මෝටර් රිය අදටද ඇය සතුව සුරක්ෂිතව පවතියි.
පසුව කොළඹ ඩික්මන් පාරේ වර්ග අඩි 300 ක කාමරයක් සිය අලවි කුටිය කරගත් ඔටාරා නිමි ඇදුම් සහ ෂැම්පු වර්ග එහි තබා අලවි කරන්නට පටන් ගත්තාය.සිය නම වන ඔටාරා ඩෙල් ගුණවර්ධන යන්නෙන් odel යන නම සිය ව්‍යාපාරයට තබා ගනිමින් ඇය මෙම ව්‍යාපාරය අරඹා තිබේ .එහිදී ඇට සහය වී ඇත්තේ ඇයගේ මව සහ ප්‍රිතිකා හා රුවන් යන තිදෙනෙකි. එලෙස සුළුවෙන් ඇය ඇරඹු ව්‍යාපාරය අද තිබෙන ස්තානය පිළිබදව පැහැදිලි කළ යුතු නැත.ඇය තුළ වු ආත්ම විශ්වාසය නිසාම අද වන විට මෙරට ප්‍රමුඛතම ඇගළුම් ව්‍යාපාරයට ඇය හිමිකම් කියයි.
මේ ඇය සිය පෞද්ගලික ජීවිතය පිළිබදව තොරතුරු හෙළි කර ඇති ආකාරයයි.
“1991 දී මම විවාහ වුණා ඔහු රාජු. මුලින් අපි යහළුවන් මඟින් හඳුනා ගත්තා. පසුව ඔහු මගේ ව්‍යාපාර කටයුතුවලටත් සම්බන්ධ වුණා. වසර දොළහක විවාහ දිවියට සමු දීලා අප දෙදෙනා ඉතා සුහදව වෙන්ව ජීවත් වෙනවා.මට පුතාලා දෙදෙනෙක් ඉන්නවා. ලොකු පුතා කිරන්.ඔහු ඉපදුණේ 1994 දී. කොළඹ ජාත්‍යන්තර පාසලේ උසස් පෙළ සඳහා ඉගෙනුම ලබනවා. පොඩි පුතා රාඛි. 2000 වසරේ උපන් ඔහු දැන් හත්වැනි ශ්‍රේණියේ ඉගෙනීම ලබනවා“
විවාහ ජීවිතය ගැන ද ඇය අදහස් දක්වා ඇත්තේ මෙලෙසිනි.
“ ඇත්තටම විවාහය ජීවිතයට ලොකු සතුටක් සහනයක් විය යුතුයි. එක් අයකුගේ ජීවිතය කෙළවර වන තුරුම විවාහය පවත්වාගෙන යන්නට හැකිනම් හොඳයි. ඒත් එකිනෙකා තේරුම් නොගෙන, අසතුටෙන් ජීවත් වෙනවා නම් එකිනෙකා සමඟ සාකච්ඡා කොට හොඳින් වෙන් වීම සුදුසුයි කියා මට හිතෙනවා.“
ඇත්තෙන්ම මවුපියන්ගේ දුරස් වීමේ අහිතකර ප්‍රතිඵල ලැබෙන්නේ දරුවන්ට. කිසිම දරුවෙකු තමන්ගේ අම්මා තාත්තා අමනාපයෙන් වෙන් වෙනවාට කැමති නෑ. මමත් - රාජුත් අපේ දරුවන්ගේ කටයුතුවලදී බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. ඒ නිසා අපේ වෙන්වීමෙන් දරුවන්ට විශාල බලපෑමක් නොවන්නට මා වග බලා ගන්නවා.
මට ඉඩ ලැබෙන හැම මොහොතකම මගේ දරුවන් සමඟ ගත කරන්නට මා කැමතියි. ලොකු පුතාට තනිවම වැඩ කරගන්නට පුළුවන්. ඒත් පොඩි පුතාගේ පාසලේ වැඩ ගැන මම සොයා බලනවා. ව්‍යාපාර කටයුතුවලට හැරුණාම මම උත්සව සාදවලට සහභාගි වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ කාලය මගේ දරුවන් සමඟ ගත කරන්න මම කැමැතියි. ඒත් දිගු කාලීනව වරින්වර විදේශ ගත වෙන නිසා මට පුතාලත් එක්ක ගත කරන්න වෙන කාලය මදි. මගේ අම්මාත් තාත්තත් ඔවුන් සමඟ සිටින නිසා මට නිදහසේ මගේ වැඩ කරගන්නට පහසුයි. ඒත් මීටත් වැඩි කාලයක් මගේ දරුවන් වෙනුවෙන් යොදවන්නට මම හිතා සිටිනවා.
ඇය ජීවිතය ගැන මෙසේ කියන්නීය
“ ජීවිතය සුන්දරයි. ඒත් ඒ සතුටින් හිටියොත් විතරයි. හැම දේම අවසානය තමන්ගේ සිතේ සතුට විය යුතුයි. ජීවිතේට ආදරය කරනවා නම් එය ගොඩනඟා ගත යුත්තේ තමන් ආසා කරන කටයුත්තක යෙදීමෙන්. කුමන කටයුත්තක් වුවත් එයට ලොකු කැපවීමකින් යුතුව ආශාවෙන් කරනවා නම් ඒ මඟින් සතුට ඔබ සොයා එනවා සිකුරුයි.”

0 comments:
Post a Comment