හෙළ අපේ සිංහල වෙදකමේ දී එදිනෙදා භාවිතා කරන ඖෂධ සඳහා යොදා ගන්නා දේ ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ .
01.ගස් වලින් වැල් වලින් ලබාගන්නා ,
02.පොළොවෙන් ලබාගන්නා,
03.ශාක කොටස් හා සත්ව විසින් නිපදවනු ලබන
02.පොළොවෙන් ලබාගන්නා,
03.ශාක කොටස් හා සත්ව විසින් නිපදවනු ලබන
මෙම වර්ග තුනෙන් වැඩිපුරම ඖෂධ සඳහා යොදා ගනු ලබන්නේ ගස් හා වැල් වර්ගයි.මෙම ගස් වැල් වල මල්, කොළ ,පොතු ,මුල් ,ගෙඩි යන කොටස් පහම බෙහෙතට ගනී . "පංචාංගය " ලෙස හඳුන්වන්නේ ද මෙම කොටස් ය.මේවා ගත යුතු තැන් මෙන්ම නොගත යුතු තැන් පිළිබඳව ද පැරණි පැරැණි පොත පතෙහි විස්තර සහිතව දක්වා ඇත.ඔබත් නිතර නොයෙක් ඖෂධ වර්ග විවිධ රෝගාබාධ සඳහා යොදා ගැනීමට පුරුදු වී ඇති බැවින් එම ඖෂධ වර්ග ගැනීමට සුදුසු තැන් හා නුසුදුසු තැන් පිළිබඳව දැනුමක් ලබාගැනීම ඉතා වැදගත් වේ.එසේ පැරැණි පොත පතෙහි දක්වා ඇති ඒ කරුණු පිළිබඳව ඔබට දැනීමක් හැඟීමක් ලබා දීම මෙහි අරමුණයි.
🔴 වර්ග ගත යුත්තේ කුමන තැන්වලින් ද යන්න අප මුලින්ම සොයා බලමු.
👉 වනාන්තර වල වැවෙන පැළෑටි
කැලේ බෙහෙත් ගුණය වැඩියි.ඒවා ස්වභාවික පරිසරයෙන් වෙනත් ගස් වැල් සමග එකට වැවෙන බැවින් ඒවා ඒවා ගේ ගුණාර පර්වත වල වැවෙන පැළෑටි
👉 පර්වත වල වැවෙන
පාරවත්ත මතුපිට වැවෙන බෙහෙත් පැළෑටි පිරිසිදු බවින් වැඩිය.ඒවා සතුන් විසින් අපිරිසිදු කිරීම අඩුය.හොඳ පරිසරයක වැවෙන බැවින් ගුණයෙන් ද ඉහළ ය .
👉ගංගා ,ඇළ දොළ ආශ්‍රිතව වැවෙන පැළෑටි
මෙම බෙහෙත් පැළෑටි බෙහෙත් පැලෑටි බෙහෙතට ගැනීම සුදුසු බව දක්වා ඇත්තේ ඒවා පිරිසිදු බවින් හා ගුණයෙන් ද වැඩි බැවිනි .
👉දෙබොක්ක වල වැවෙන පැළෑටි
මෙම පැළෑටි සතුන් විසින් ආහාරයට නොගනී. ඒ නිසා ඒවායේ භාවිත පවිත්‍ර ආරක්ෂා වී ඇත. ඒ නිසා එවැනි තැන්වල සෑදෙන ඖෂධ පැළෑටි බෙහෙතට ගැනීමෙන් බෙහෙතෙන් බලාපොරොත්තු වෙන ගුණය ලබාගත හැකි වේ .
👉ගොවීපොළෙහී වැවෙන බෙහෙත් පැලෑටි.
මේවා ඖෂධ සුදුසු වන්නේ ඒවායේ පිරිසුදු බව ආරක්ෂා කරන හෙයිනි. පිරිසිදුකම වැඩි හෙයින් ගුණයෙන් ද ඉහළ ය .ඒ නිසා ඔබත් ඕනෑම විටෙක බෙහෙත් පැළෑටි ඖෂධ සඳහා යොදා ගන්නේ නම් මෙවැනි තැන්වලින් ඒවා ලබා ගැනීමට උත්සාහ ගන්න .
🔴 වර්ග ගැනීමට ද නුසුදුසු තැන් මොනවාද ?
👉 හුඹස් අසල වැවෙන පැළෑටි
හුඹස් අසල වැවෙන ඖෂධ ගැනීමට සුදුසු නැති බව දක්වා ඇත්තේ එහි තැන්වල සර්පයින් ගැවසෙන බැවින් ඒ තැනට යන පුද්ගලයාගේ ආරක්ෂාව සඳහාත් සර්පයන්ගේ වීෂ ශාක වලට මුසුවිය වීමට ඉඩ ඇති නිසාත්ය. සරු බවේ අඩුවක් ද තිබිය හැකිය .
👉අපිරිසුදු තැන් වල වැවෙන පැළෑටි
මෙවැනි තැන් වල වැවෙන පැළෑටි පිරිසිදු බවින් අඩු බැවින් එවැනි තැන් වලින් ගැනීම සුදුසු නැති බව දක්වා ඇත.
👉අපිරිසිදු ජලය ආශ්‍රිතව වැවෙන පැළෑටි
අපිරිසිදු ජලය ආශ්‍රිතව වැවෙන ගස්වැල් වතුරට තැම්බීම හා ජලය මිශ්‍රව ඇති විෂ වර්ග පැළෑටි ගත වීම නිසා ඖෂධ ගුණයෙන් ද අඩු ය .
👉සොහොන් බිම් වල වැවෙන පැළෑටි .
සොහොන් බිම් ද අපිරිසිදු තැන් බැවින් එවැනි තැන් වලින් ඖෂධ පැළෑටි ගැනීම සුදුසු නැති බව දක්වා ඇත.
👉මග දෙපස වැවෙන බෙහෙත් පැලෑටි .
මේවා ගැනීම නුසුදුසු බව දක්වා ඇත්තේ ඒවා ද දුම්, දූවිලි ආදියෙන් කිලිටි කරන බැවින් හා මිනිසුන් විසින්ද අපිරිසිදු කරන බැවිනි.
👉පන්සල් හා පල්ලි අසල වැවෙන පැළෑටි
මෙවැනි ස්ථානවල මිනිසුන් ගැවසීම වැඩි බැවින් බෙහෙත් පැළෑටි අපිරිසිදු විය හැකි බව වැඩිය..
තවදුරටත්,
➡️ කර්මාන්තශාලා වලින් විවිධ අපද්‍රව්‍ය පරිසරයට එකතු වන බැවින් එවැනි තැන් වලින් ද බෙහෙත් පැළෑටි ගැනීම සුදුසු නොවේ.
➡️රෝහල් වලින් නිකුත් වන නොයෙකුත් රසායනික ද්‍රව්‍ය හා රෝග කාරක ද්‍රව්‍ය වලින් බෙහෙත් පැළෑටි අපවිත්‍ර වේ. එවැනි තැන්වල ද ශාක අමුද්‍රව්‍ය ගැනීම හිතකර නොවේ .
➡️සෙල්ලම් පිට්ටනි අසලද දරුවන් නිතර සෙල්ලම් කරන බැවින් බලු බළල් ආදී සතුන්ගේ මළ මුත්රාදියෙන් ද අපිරිසිදු වේ. ඒ නිසා බෙහෙතට ගැනීම සුදුසු නොවේ
🔴තවදුරටත් දැනගත යුතු කරුණු,
➡️ ගින්දර පිළිතුරු ශාක හෝ සත්ව කොටස්
➡️ගංවතුර වැනි ස්වභාවික විපත් වලට හසු වූ ස්ථාන වල වැවෙන ගස් වැල් වර්ග
➡️සතුන් විසින් හානි කරන ලද පැළෑටි
➡️නොයෙක් රෝග වැළඳුණු ඖෂධ පැළෑටි
මෙවැනි නොයෙක් උවදුරු වලට ගොදුරු වූ විට ඖෂධ වර්ග වල තිබෙන ගුණය ට හානි පැමිණේ .එසේ හානි වූ දේවල් වල ඖෂධ ගුණයක් නොමැත.එබැවින් නොයෙක් උවදුරු වලට ගොදුරු වූ ගස්වැල් වර්ග මෙන්ම සත්ව හා ඛනිජ ඖෂධය කොටස් ද බෙහෙත් සෑදීම සඳහා යොදා ගැනීම සුදුසු නැත .
ඖෂධ ගත යුතු නොගත යුතු තැන් දක්වා ඇත්තේ නියමිත ආයුර්වේද ප්‍රමිතීන්ට අනුව ඖෂධ නිෂ්පාදනය කර කරගැනීම සඳහාය.එවැනි ඖෂධ ගුණයෙන් වැඩිය.ඉක්මනින් සුවපත් කරයි. එසේම නිරෝගී කම ආරක්ෂා කරයි
වර්තමානයේ වෙළඳපොළට ඖෂධ සැපයීමේදී ව්‍යාපාරිකයන් මෙම උපදෙස් නොදැනීම හා නොසලකා හැරීම නිසා ඖෂධ ගුණය අඩු වීමක් දක්නට ඇත .එබැවින් අවශ්‍ය ඖෂධ හැකි හැකිතරම් තමන් සපයා ගනී නම් වඩාත් වැදගත් වනු ඇත .
ඖෂධ ගත යුතු නොගත යුතු තැන් දක්වා ඇත්තේ නියමිත ආයුර්වේද ප්‍රමිතීන්ට අනුව ඖෂධ නිෂ්පාදනය කර කරගැනීම සඳහාය.එවැනි ඖෂධ ගුණයෙන් වැඩිය.ඉක්මනින් සුවපත් කරයි. එසේම නිරෝගී කම ආරක්ෂා කරයි
වර්තමානයේ වෙළඳපොළට ඖෂධ සැපයීමේදී ව්‍යාපාරිකයන් මෙම උපදෙස් නොදැනීම හා නොසලකා හැරීම නිසා ඖෂධ ගුණය අඩු වීමක් දක්නට ඇත .එබැවින් අවශ්‍ය ඖෂධ හැකි හැකිතරම් තමන් සපයා ගනී නම් වඩාත් වැදගත් වනු ඇත .
" පාරම්පරික වෙදකමේ පුනරාගමනය සමූහය වෙනුවෙන් කවීෂා ලක්මිණි "
0 comments:
Post a Comment