Saturday, March 15, 2014

මිලේච්ඡ සිරිත් අනුගමනය කරනු දැක්ම මට මහත් පුදුමයකි.

"යම්තම් ඇස් දෙක පමණක් පෙනෙන ලෙස මොට්ටැක්කිලියකින් සරුවාංගය වසාගත් කාන්තාවන් පෙනෙන විට මට නිතැතින් ම මතක් වන්නේ හිර ගෙදරකි; නැතහොත් සත්තු වත්තකි!" 

- හිටපු ඉන්දීය අගමැති ජවහර්ලාල් නේරු -

"තවත් අවාසනාවන්ත සිදුවීමක් විය. ඒ වෙනස වූයේ කාන්තා පක්ෂය සම්බන්ධවය. අරාබි කාන්තාවන් අතර මොට්ටැක්කිලිය භාවිත නො වී ය. ඔවුහු ගෙයි මුල්ලේ සැඟවී නො සිටියහ. ප්‍රසිද්ධියේ හැසිරුණු කාන්තා පක්ෂය වන්දනාවේ මෙන් ම දේශනා ඇසීම සඳහාත් ගියහ. දේශනාත් පැවැත්වූහ. කල් යත් යත්, තමන්ට දෙපැත්තේ සිටි පැරැණි අධිරාජ්‍ය දෙක වූ පෙරදිග රෝම අධිරාජ්‍යයෙනුත්, පර්සියා අධිරාජ්‍යයෙනුත් නොයෙක් දේ අනුකරණය කරන්නට පටන් ගත්හ. පෙරදිග රෝම අධිරාජ්‍ය පරාජය කළේත්, පර්සියානු අධිරාජ්‍ය විනාශ කළේත් මොවුන් ය. එහෙත්, ඔවුන්ගේ දුසිරිත් මුඳුනින් පිළිගත්තේත් මොවුන් ම ය. ස්ත්‍රී පක්ෂය අන්තඃපුරවලට ඇතුළු කරන ලදි. ගැහැනුන් මුළු ගන්වා තැබීමේ මේ දුර්වලතාවය අරාබීන් අනුගමනය කළේ කොන්ස්තන්තිනෝපලයෙන් හා පර්සියාවෙන් ලැබුණු ආභාසය නිසා බව කියනු ලැබේ. අන්තඃපුර ක්‍රමය ආරම්භ වීමෙන් පසු ගැහැනුන් හා පිරිමින් සමාජයේ කලඑළියේ මුණ ගැසීම ඉතා දුර්ලභ දර්ශනයක් විය. මේ දුර්වලකම ඉන්දියාවට ද බෝ කළේ පසු කලෙක මෙහි පැමිණි මුස්ලිම් ජනයා ය. අදත් සමහරුන් මේ මිලේච්ඡ සිරිත් අනුගමනය කරනු දැක්ම මට මහත් පුදුමයකි. "යම්තම් ඇස් දෙක පමණක් පෙනෙන ලෙස මොට්ටැක්කිලියකින් සරුවාංගය වසාගත් කාන්තාවන් පෙනෙන විට මට නිතැතින් ම මතක් වන්නේ හිර ගෙදරකි; නැතහොත් සත්තු වත්තකි!" පිටස්තර ලෝකයෙන් කපා හරිනු ලැබ මෙබඳු සිර ජීවිත ගත කරන කාන්තා පක්ෂයක්, ඒ කියන්නේ රටේ ජනගහණයෙන් හරි අඩක් සිටින රටක්, දියුණු වන්නේ කෙසේ ද? වාසනාවකට මෙන් දැන් ඉන්දියානු කාන්තාව, මොට්ටැක්කිලි ඉවතලනු පෙනේ. මුස්ලිම් කාන්තාව, මුස්ලිම් සමාජය පවා මේ වධබන්ධනයෙන් මිදුණු බව පෙනේ. තුර්කියේ කමල් පාෂා මොට්ටැක්කිලිය සම්පූර්ණයෙන් ම තහනම් කළේ ය. එහෙත් මිසරයේ එය තවමත් විශාල වශයෙන් භාවිත කෙරේ."

Sri Jawaharlal Nehru: "GLIMPSES OF WORLD HISTORY

0 comments:

Post a Comment