Saturday, February 7, 2015

හිර ගනුදෙනුවක් යනු

විවාහය පිළිබඳව අතීත මුලාශ‍්‍ර සලකා බැලීමේදී ලෝක ශිෂ්ටාචාර අතුරින් මොහෙන්ජොදාරෝ හරප්පා, මෙසපොතේමියානු බැබිලෝනියානු,  හොවැංහෝ, ඊජිප්තු යන ඉපැරණිම ජලාශ‍්‍රිත ශිෂ්ටාචාර තුළත්, ශිලා යුගය (ගල් යුගය/දඩයම් යුගය, එෙඞ්ර යුගය, ගොවි යුගය (වැඩවසම් යුගය යන යුගවලත්, සාමාජික, ආගමික, ගෝත‍්‍ර කණ්ඩායම් සමාජය තුළින් විවාහ පිළිබඳව ඉතාමත්ම යහපත් වූ ආකල්ප, සංකල්ප, විකල්ප තිබු බව මනාව පැහැදිලි වේ.  සකල ලෝකවාසී සියලූ සත්ත්ව හා ශාඛා සමුහයා සිය පැවැත්ම උදෙසා, තමන්ගේ තවත් පරම්පරාවක් ප‍්‍රතිනිර්මාණය කිරීමේ උදාර කාර්යභාරයක් ඉෂ්ඨ කිරීම සඳහා නියත නීතියකින් බැඳී සිටියි.  සකල ජීව සමුහයා මෙම නීතිය ඉටුකරන තාක්කල් ලෝකය රඳා පවතින්නේය. සුන්දර වන්නේය. ඉතාමත් නොදියුණු ඒක ශෛලික ජීවිහු ද්විකණ්ඩනය වීමෙන් තමන් හා සමාන වූ තවත් ජීවියෙකු බිහි කරන්නේය. ඊට වඩා තරමක් දියුණු අපෘෂ්ඨ වංශි ජිවිහු පුරුෂ බීජානු ස්ත‍්‍රී බීජානු හා සංසේවනය කරවීමෙන් ප‍්‍රජනන කාර්ය ඉෂ්ඨ කරනු ලබති. සියළු ශාඛා අපෘෂ්ඨ වංශීන් මෙන්ම නොදියුණු පෘෂ්ඨ වංශීහූද බාහිර සංසේවනය මඟින් ප‍්‍රජනන ක‍්‍රියාවලිය ඉෂ්ඨ කරති. මේ සඳහා අනිවාර්යෙන්ම සුළග, ජලය, වෙනත් ශක්තියක හෝ වෙනත් සත්ත්ව කොට්ඨාසයක මෙහෙය ලබාගත යුතු වේ. පෘෂ්ඨ වංශීන්ගේ වඩාත් දියුණු වූ මිනිසා ද ඇතුළු සියලූම සත්ත්වයෝ සංසර්ගය මඟින් පුරුෂ බීජානු ස්ත‍්‍රී බීජානු හා සංසේවනය කරති. පරිණාමයේ මූලික අවධියේ මෙන්ම අවසාන අදියරේ වෙසෙන්නෝ ද ඉහත කී ක‍්‍රියාවලිය සාක්ෂාත් කරගනු වස් ස්ත‍්‍රී ලිංගිකයා දිනා ගැනිමට නොයෙකුත් ක‍්‍රමෝපායන් අනුගමනය කරති. (කැපී පෙනෙන ඇග පසග පිහිටීම, සුවිශේෂ වර්ණ රටා, විවිධ නාද, හැගීම්, විවිධ ගඳ සුවඳ නිෂ්පාදනය කිරීම ආදි ස්වභාවික උරුමයන් හා විවිධ නර්තන රටා චර්යාවන්, තෑගි බෝග දීම, සටන්කොට ප‍්‍රතිමල්ලවයා පරාජය කොට තම ශක්තිය විදහා පෑමෙන්* ස්වභාව ධර්මයා විසින් මේ සියල්ල ඉහත කී පරිදි මවා ඇත්තේ වඩාත් ශක්තිමත් නිරෝගීමත් කාර්යක්‍ෂම ඊළග පරම්පරාවක් නිර්මාණය කිරීම උදෙසාය. එබැවින් මිනිසා ද දැන හෝ නොදැන අනුගමනය කරන්නේ පරිණාමයේ උරුමයයි, ස්වභාවධර්මයේ නීතියයි. බොහෝ සත්ත්වයෝ හමුවන කිසියම් විරුද්ධ ලිංගිකයෙකු සමග එක්වරක් පමණක් එක්වන්නා සේම බොහෝ සත්ත්වයෝ තමන් තෝරා ගන්නා විරුද්ධ ලිංගිකයා සමග ජිවිත කාලය පුරාම එකට එක්ව ජීවත් වෙති. වඩා උත්තම ගණයේ සත්ත්වයන් කොට්ඨාසයක් වූ මිනිසුන් වන අප අපගේ පැවැත්ම ආරක්‍ෂා  කරනු වස් පරිණාමයෙන් අප ලද උරුමයන් අඩුවැඩි වශයෙන් භාවිතා කරනු ලැබේ. කොටින්ම දියුණු නොදියුණු සකල සත්ත්ව වර්ගයාගෙන්ම අප වෙනස් වන්නේ ද උත්තම වන්නේ ද පැවැත්මේ ආරම්භක අවස්ථාව ලෙස සැලකෙන විවාහය නැමති සංසිද්ධිය ජිවිතයට ඔබ්බවා ගැනීම නිසාවෙනි. මෙසේ ආරම්භ වුන විවාහ සිරිත් රටින් රටට ජාතියෙන් ජාතියට, කුලයෙන් කුලයට ගෝත‍්‍රයෙන් ගෝත‍්‍රයට, ප‍්‍රාන්තයෙන් ප‍්‍රාන්තයට වෙනස් වන අතර, ආදි උත්තර භාරතීයන් වෛදික විවාහ මංගල සිරිත් ද ආදි ග‍්‍රීකයන් මනාලිය බලහත්කාරයෙන් ගල්ලෙනකට පැහැරගෙනවිත් උත්සව පැවැත්වීමේ  සිරිතක් ද අනුගමනය කර ඇත. අපි‍්‍රකානු ගෝත‍්‍රිකයෝ විවාහය යනු දේව නියමයක් ලෙස විශ්වාස කරනු ලබන අතර, විවාහයෙන් දෙදෙනෙකු එක් පවුලක් ලෙස එක් කිරීමක් පමණක් නොව පවුල් දෙකක්, ගම් දෙකක් හෝ ගෝත‍්‍ර දෙකක් එකට යා කිරීමක් ලෙස සැලකේ. තවද කාන්තාවක් විවාහ වීමෙන් ඇයගේ වීයෝවය නිසා ඇගේ පවුලට සිදුවන පාඩුව පිරිමසා ගැනීමට මනාලයා විසින් එළුවන් හෝ ගවයින් තුටු පඩුරු ලෙස මනාලියගේ පවුලට පිරිනැමීම තවමත් නොකඩවා සිදු කෙරෙන චාරිත‍්‍ර සම්ප‍්‍රදායකි. වර්තමානයේදී ගවයන්ගේ තක්සේරුවට අනුව කිසියම් මුදුලක් ද පිරිනමයි. 

0 comments:

Post a Comment