Monday, January 2, 2017

පෘතුවිය හා අනාගත විස්වය

කාලයත් සමග පෘතුවිය හා අනාගත විස්වය කෙසේ වේ ද යන්න පිලිබද විමසා බැලීමක්.මෙය තැනින් තැනින් ලබා ගත් කරුණු වලින් සමවිත වූවක් වන අතර විද්‍යාත්මක කරුණු විවාද සම්පන්න හෝ නිවැරදිම නොවිය හැක.
වසර 1000 කට පසුව....
වසර දාහක් ගත වන විට අපගේ බොහෝමයක් භාශා අභාවයට ගිහින්,අමතක කරලා,නැවත කවදාවත් භාවිතයට නොගන්නා ලෙස.මේ වන විට භාවිතා කරන භාශාවන් ද දැනට වඩා බොහෝ සෙයින වෙනස්ව,ව්‍යාකරණ,වචන දැන් අපි දකින ශේක්ස්පියර්ගේ ඉන්ග්‍රීසි මෙන් වියැකිලා තිබේවි.
වසර 2000 කට පසු....
ගෝලීය උණුසුම තාමත් වැඩිවෙමින් පවතිනවා.පෘතුවියේ උශ්ණත්වය සෙල්සියස් අන්ශක 8 කින්වැඩි වෙලා.අඩු උසකින් පිහිටි දුප්පත් බොහෝ රටවල් වලට හානි වෙමින් පවතින්නේ මුහුදේ ජල මට්ටම මීටර් හයකින් ඉහල දැමූ ග්‍රීන්ලන්තයේ හිම තට්ටු දිය වීම
වසර 13000 කට පසු..
පෘතුවියේ අක්ශය වෙනස් වී සෘතු වෙනස් වේවි.උත්තරාර්ධගෝලයේ ශීත සෘතුව ජූනි වලදී ආරම්භ වන අතර එහි සමකයෙන් උඩ භූමිය වැඩි නිසා ගොඩක් දරුණු දේශගුණ තත්වයන්ට එය මුහුන දෙනවා ඇත.එහි වෙසෙන ජනයා දක්ශිණාර්ධ ගෝලයට යාම පටන් ගනු ඇත.මේ වන විට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සෙමින් පහත බසිනු ඇත.කාටර්ගේ ඩූම්ස් ඩේ මතයට අනුව මේ කාලයේදී මිනිස් ගහනයෙන් 95%ක් වද වන බව කීවද එසේ නොවනු ඇත.
වසර 20000 කට පසු..
චර්නොබිල් පෙදෙස දිගු කලකට පසු විකිරණ අන්තරාරිකාරි තත්වයෙන් මිදී මනුශ්‍ය වාසයට සුදුසු වනු ඇත.
වසර 25000 කට පසු..
1974 නොවෙම්බර් 16 දින යවන ලද arecibo රේඩියෝ පණිවිඩ අප ක්ශීරපතයේ කෙලවරක තිබෙන මෙසියර් 13 globular cluster වලට ලගා වනු ඇත.මෙය ග්‍රහනය කරන කිසියම් පිටසක්වල ජීවීන් කොට්ටාශයක් ඔවුන් විශ්වයේ තනි වී නැති බව දනගනු ඇත.ඔවුන්ගේ පිලිතුර අපට ලැබීමට තවත් වසර 25000ක් ගත වෙනු ඇත.මේ වන විට අගහරුගේ වල ඇති මිනිස් ජනපද (තාමත් තිබේ නම්)එහි උතුරු ධ්‍රැවයේ හිම තට්ටු දිය වීම නිසා වඩාත් උතුරට ව්‍යාප්ත වෙනු ඇත.
වසර 30000 කට පසු..
සියලුම න්‍යශ්ටික විලයන ප්‍රතික්‍රියාකාරක වලට ඉන්ධන රහිත වීමෙන් වෙනත් ශක්ති ප්‍රභවයකට යොමු වීමට මිනිසාට සිදු වේ.
වසර 50000 කට පසු
අයර් විලට 32 km යන තුරු ඛාදනය වන නයගරා දිය ඇල්ල නැති වී යනු ඇත.ලෝක උශ්ණත්වය තවත් අන්ශක දෙකකින් වැඩි වී ග්‍රීන්ලන්තයේ මුලු අයිස් තට්ටුවම දිය කර හරී.පෘතුවිය ගෝලීය උශ්ණත්වය තුල වුවද තවත් අයිස් යුගයකට යනු ඇත.මෙය පෙර වූ පොසිල ඉන්දන දහනය නිසා කල් ගත වූ එකක් වීමට ද හැක. මෙසියර් 13 හි සක්වල ජීවීන් සිටියා නම් ඔවුන්ගේ පණිවිඩය මේ වන විට ලැබිය යුතුය.
වසර 85000 කට පසු...
ලෝකය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත.මිනිසා වද වී නැත්නම් රටවල් ,ආගම් කිසිත් අද මෙන් නොපවතිනු ඇත. ලෝකයේ එකම සමූහාණ්ඩුවක් තිබේ යැයි විශ්වාස කල හැක.යුදෙව් ක්‍රිස්තියානි වැනිආගම් බොහෝ කලකට පෙර අමතක කර ඇති අතර නවතම ආගමක් හෝ කිසිදු ආගමක් රහිත අවදියක් වේ.
වසර ලක්ශයකට පසුව..
VY carnis majors විශ්වය බිහිවීමෙන් පසුව මෙතෙක් සිදු වූ විශාලතම සුපර්නෝවා එක ලෙස පුපුරා යන අතර පෘතුවියට ද එය සමහර විටක දර්ශණය වනු ඇත.පෘතුවිය සුපර් වොල්කැනික් පිපිරුම් වලට නතු වන අතර යෙලෝස්ටෝන් කල්දේරම ද පුපුරා යනු ඇත.මින් පිටවන අලු පෘතුවිය වටා රැදීමෙන් හිරැ එලිය ආවරණය කර උශ්ණත්වය පහල හෙලීමෙන් මහත් ව්‍යවසනයක් ඇති කරයි.ටයිටේනියම් ද ඛාදනය වීමට පටන් ගනී.මේ වන විට මිනිසා සතුව මෙයින් ගැලවීමේ තාක්ශණයන් පවතී.අගහරු මිනිස් වාසයට සුදුසු කිරීමේ අවසාන අවදිය පසු කරන අතර එහි ප්‍රමාණවත් ඔක්සිජන් සහිත වායුගෝලයක් පවතිනු ඇත.මේ වන විට මනුශ්‍ය ගහනයෙන් බහුතරයක් අගහරැ මත ජීවත් වනු ඇත.
වසර 296000 කට පසු..
වොයෙජර් 2 යානය ආලෝක වර්ශ 4.3 ක් ඈතින් වන සිරියස් පසු කරන ඇතර බුද්ධිමත සක්වල ජීවීන් එහි ගෝල්ඩන් රෙකෝඩ් එක සොයාගෙන ඔවුන් තනිව නැති බව වටහා ගනු ඇත.
වසර 500000කට පසු..
පෘතුවිය මත 1km ඇස්ට්‍රොයිඩයක් කඩා වැටේ.එහි බල්පෑම 6 × 10^4 megatons වන අතර එය රිච්ටර් 9.4 ක භූමිකම්පාවකට සමාන වනු ඇත.මේය ජීවය වද වීමේ ආසන්න අවස්තාවක් වත් නොවූවත් ඉන් පෘතුවියට ඉහමත් බලපෑමක් ඇති කරන අතර තාමත් පෘතුවියේ ජීවත් වන මිනිස් ගහනයක් ඇති නම් ඔවුන්ද මිහිමතින් තුරන් කර දමනු ඇත.අප පොසිල ඉන්ධන දහනය දිගටම පවත්වා ගෙන ගියේ නම් අයිස් යුගය මේ දක්වාම දිගු වී පවතිනු ඇත. න්‍යශ්ටික ඉන්දන භාවිතය මේ වන විට ආරක්ශා කාරී වනු ඇත.
වසර මිලියනයකට පසුව.....
මේ වන විට පෘතුවියේ පවතින වීදුරු(සිලිකා) සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇත.මේ අනුව අද පවතින රශ්මෝර් කන්දේ ප්‍රතිමා,ගීසා පිරිමිඩ ආදී දේ හැරුණු කොට අනෙක් මිනිස් නිර්මාණයන් විනාශ වී යනු ඇත.ගීසා පිරමිඩ වුවද හදුනා ගත නොහැකි තරමට වෙනස්ව පවතිනු ඇත.ඒ සමගම මිනිසා හද මත තබන ලද සියල්ලම වාගේ ද විනාශ වී පවතිනු ඇත.මිනිසා තාමත් සිටී නම් ඔවුන් චක්‍රාවාටය පුරා පැතිර සිටිනු ඇත.මෙය මිනිසා ක්ශීර පතය පුරා ජනපද ඇති කිරීමට ප්‍රතමව සමත් වීමට හැකිවන කාලයයි.
වසර මිලියන දෙකකට පසු..
වර්තමාන මිනිස් ක්‍රියාකාරකම් තුලින් විනාශවන කොරල් පර මේ වනවිට නැවතත් ගොඩනැගී තිබෙනු ඇත.ග්‍රෑන්ඩ් කැනියම තව දුරටත් ඛාදනය වී පුලුල් මිටියාවතක් තනනු ඇත.
වසර මිලියන 7.2 කට පසුව...
රශ්මෝර් කන්ද ඛාදනය වී අවසන් වීමත් සමග මිනිසා ඉවතලූ සමහර අපද්‍රව්‍ය හැරෙන්න මිනිස් ශිශ්ටාචාරයේ සියලුම ශේශයන් ද පෘතුවිය මත වියැකී යනු ඇත. නමුත් සමහර බුද්ධිමත් ජීවීන් ගේ ශේශයන් පෘතුවියේ තාමත් පවතිනු ඇත.අවසානයේ සක්වල ජීවී විශේශයක් අපව මන්දාකිනියේ වෙනත් පෙදෙසක මුන නොගැසී පෘතුවියට පැමිණියහොත් ඔවුන්ට කිසිවක් හමු නොවනු ඇත.
වසර මිලියන දහයකට පසුව...
T Pyxidis තාරකාවේ සුපර්නෝවා පිපිරීමෙන් පිටවන ගැමා කිරණ වලින් පෘතුවිය වැසී යනු ඇත.මෙමගින් ඕසෝන් ස්තරය විනාශ වන අතර එය ඉතිරිව ඇති ජීවය බොහෝ සෙයින් වද වීමකට ලක් කරනු ඇත.මෙහි ඇති උත්ප්‍රාසජනක දෙයනම් මිනිසා වත්මන් අවධියේ පෘතුවියේ කරන වෙනස් වීම් යලි සම්පූර්ණයෙන් යථා තත්වයට පත්වීමට ද වසර මිලියන දහයක් ගත විය යුතු වීමයි.නැගෙනහිර අප්‍රිකානු rift නිම්නය තුලට මුහුදු වතුර ගලා ඒමෙන් අප්‍රිකානු මහාද්වීපය දෙකට බෙදී යනු ඇත.
වසර මිලියන 27 කට පසු..
මේ වන විට හෝමෝ සේපියන් වද වී යනු ඇති අතර විශ්වයේ ඉතිරිව ඇති අය වෙනත් ජිවී විශේශ ආකාරයකට පරිණාමය වනු ඇත.විශ්වය පුරා විසිරී සිටින මිනිසා විවිධ විශ්ව සන්චරණ මාර්ගයන් තුල ගමන් ගැනීමෙන් වෙනත් විශේශ කීපයකට පරිණාමය වනු ඇත.මෙම වෙන්ස් මිනිස් විශේශ අතරද ගැටුම් හට ගැනීම ආරම්භ වනුඇත.මිනිසා මේ තරම් දුරක් ඉදිරියට ගෙන ආ න්‍යශ්ටික විලයනය හා මූලික අභ්‍යවකාශ තාක්ශණයන් මේ වන විට ඔවුනට ප්‍රායෝගිකව ඉතා ප්‍රාථමික වන අතර රොකට්ටුවක් ගොඩ බැස්සවීමට අද දවසේ අප වන මහන්සිය ගැන ඔවුන් සරදමින් කතා කරනු ඇත.
වසර මිලියන 50 කට පසු...
ක්ශීරපතයෙන් පිටත ජනාවාස ඇතිකිරීමට මිනිසාට හැකි වේ නම් ඒ සදහා වන කාල වකවානුවයි.මේ වන විට අනෙක් ජීවීන් සමග වන සටන් තුලින් සහ විනාශ කිරීම් තුලින් සමහර විටක ඔවුනට ක්ශීරපතය තුල පාලකයන් වීමට හැකි වීමට පිලිවන.පෘතුවියේ අප්‍රිකා හා යුරෝපා මහාද්වීප ගැටී එකට යාවන අතර එමගින් සතුන් සදහා මිශ්‍ර වීමට මාර්ගයක් සෑදෙනු ඇත.ඉන්දුනීසියාව හා ඕස්ට්‍රේලියාව හා වීමද මෙම අවධියේ දී සිදු වනු ඇත.බොහෝමයක් කදු ඛාදනය වන අතර පෘතුවිය මට සිලුටු පෙනුමක් ගනු ඇත. ඉදිරි වසර මිලියන සියයකටත් වඩා කලකදී අවසන් වීමට පෘතුවිය සෙමින් මියැදීමට පටන් ගනු ඇත.නමුත් විශ්වය පවතිනු ඇත්තේ තාමත් තරුණ අවදියේදීය.මේ සමගම ඇන්ටාක්ටිකාව උතුරට ගමන් කර එහි වූ අයිස් සියල්ල දියකර හරින්නේ පෘතුවියේ මුහුදු මට්ටම 75m කින් ඉහල දමමින් හා එය මතුපිට පුරාවට බොහෝ මුහුදු වතුර ගැලීම් ඇති කරමිනි.අගහරුගේ පෝබෝස් චන්ද්‍රයා එය මතට කඩා වැටෙන්නේ එවක වෙන විට ඉතිරිව පැවතිය හැකි මිනිස් ඇතුලු සියලුම අගහරු ජනපදිකයින් විනාශ කරමිනි.කෙසේ නමුත් එවක තාක්ශණය මගින් මෙය වැලැක්වීමට හැකියාවක් තිබෙන්නට ද පිලිවන.
වසර මිලියන 100කට පසුව..
පෘතුවිය මීට බොහෝමයක් කලකට පෙර ඩයිනසෝරයන් වද වීමට හේතු වූ ප්‍රමාණයේ ග්‍රහකයක් සමග ඝට්ටනයක් ඇති වේ.මෙම ගැටීම වෙනතකට හැරවීමට එවකට තාක්ශණයට ද හැකි නොවන අතර තවත් විශාල ව්‍යවසනයක් වනු ඇත.පෘතුවියේ කක්ශය තව දුරටත් ඒකා කාරී නොවන අතර පෘතුවියේ දේශගුණයට හා ඉතිරි ජීව පද්ධති වලට ඉහමත් බලපෑම් සිදුකරමින් අහඹු කක්ශගත මාර්ග වල පවතිනු ඇත.සෙනසුරුගේ වලලු මේ වන විට නැති වී යනු ඇත.
වසර මිලියන 150කට පසුව..
පෘතුවියේ භූ තල චලනය නිසා එය මහාද්වීප තුනකින් පමණක් යුක්ත වනුඇත. එය ඇමේසියා,නොවපැන්ගානා සහා පැන්ජියා අල්ටිමා ලෙස නම් කල හැක.පසුව වසර මිලයන පන්සියයක අනාගතයේදී මේ තුනද හා වී එකම මහාද්වීපයක් වනු ඇත.
වසර මිලියන 600 කට පසු..
හිරු කිරණ වල ප්‍රබලතාවය වැඩිවීමෙන් පෘතුවිය මත වූ ජලය වාශ්පවීම ඇරඹෙන අතර පාශාණ ඝන වී භූ තැටි චලනය නැති වේ.මේ නිසා ගිනි කදු නැති වීමෙන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය බොහෝ පහතට වැටේ.මේ නිසා C3 ප්‍රභාශන්ස්ලේශණය නැති වී 99% ක් වූ plant විනාශ වන්නේ පෘතුවි ඉතිහාසයේ ලොකුම වද වීම ඇති කරමින්.මේ නිසා ශාකභකහකයින් හා සර්වභක්ශකයින් ද විනාස වේ.
වසර මිලියන 800කට පසුව
කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය තවදුරත් C4 ප්‍රභාශන්ශ්ලේශණය කල නොහැකි ලෙස පහත වැටේ. නිදහස් ඔක්සිජන් හා ඕසෝන් වායුගෝලයෙන් නැති වී යයි.සෑම බහු ශෛලීය ජීවියෙක්ම විනාස වෙන්නේ ඒක ශෛලික ජීවීන් ඉතා ශුශ්ක පරිසරයන්ට සීමා කරමින්. විශ්වයේ මේ වන විට සිටින ඉතාම බුද්ධිමත් ජීවීන්ද මේ අවදියේදී පරිහානියට ගමන් කිරීම අරඹනු ඇත.
වසර බිලියනයකට පසු..
හිරුගේ දීප්තිය 10%කින් වැඩි වීමට හැකි අතර පෘතුවියේ උශ්ණත්වය ඊට සමගාමීව වැඩි වේ. වායුගෝලය තෙත් හරිතාගාරයක් බවට පත් වන්නේ සාගර වල ජලය අධිකව වාශ්පීභවනය වීමෙනි.මෙමගින් පෘතුවිය මතුපිට අධික වියලි බවක් ඇති වන අතර ජලය අවශ්‍ය ඒක ශෛලික ජීවීන්ගෙන් ද බහුතරයක් විනාශ වී යයි. කුඩා වතුර එක් රැස්වීම් තාමත් ධ්‍රැව ආශ්‍රිතව තිබිය හැකි අතර ඒවායේ තාමත් ඒක ශෛලික ජීවීන් වාසය කරනු ඇත.මෙම අව්ධිය පෘතුවිය හිරුගෙන් ඈත් කිරීමේ තාරකාඉන්ජිනේරු ව්‍යාපෘතිය අවසන් වීමට තක්සේරු කරන ලද කාලය වුවත් මිනිසා ක්ශීරපතයෙන් ද එපිට ගොස් අභාවයට ගොස් සිටීමට ඉඩකඩ බොහො නිසා එය විය හැකිදෙයක් හෝ ප්‍රයෝජනවත් දෙයක් නොවන්නට බොහෝ ඉඩ ඇත.මේ වනවිට පෘතුවිය අත් හරින ලද එකක් විය යුතුය.එසේම මිනිසා සූර්‍ය ග්‍රහ මණඩලය තුලම අභාවයට ගියා නම් වොයෙජර් යානයේ අඩ්න්ගු තොරතුරුද මේ වන විට සක්වල ජීවීන්ට මුණ නොගැසී පෘතුවිය යනු එක් කලකදී විශ්වයටම රහසේ එක්තරා මට්ටමක ජීවී ශිශ්ටාචාරයක් පැවති කවුරුත් නොදත් ග්‍රහලෝකයක් ලෙස ස්තීරවම අවසන් කාලය ගත කරමින් සිටිනවා වන්නට පිලිවන.
වසර බිලියන 1.3 කට පසු...
කාබන් ඩයොක්සයිඩ් සම්පූර්ණයෙන්ම නැති වී ඇත.න්‍යශ්ටියක් රහිත ජීවීන් පමණක් කලකට ඉහත පෘතුවිය යයි හැදින්වූ අතිශුශ්ක ලෝකය තුල ජීවත් වනු ඇත.අගහරු මත තාමත් මිනිසා රහිත ජීවයක් තිබීමට ඉඩ ඇත.එයට හේතු වනු ඇත්තේ බොහෝ කලකට පෙර මිනිසා එහි පරිසරය ජීවයට සුදුසු එකක් බවට හැරවීමයි.
වසර බිලියන 3.2 කට පසු..
පෘතුවියේ තාපය අභ්‍යවකාශයට මුදා හරිමින් පිටත් කබොල්ල තව තවත් ඝනීභවනය වේ.ඇතුලත ඝන හරය විශාල වේ.පෘතුවියේ භ්‍රමණය නැති වන අතර එහි චුම්භක ක්ශේත්‍රය නැති වී යයි.දැන් එය වායු ගෝලය හිරු නිසා නැතිව ගොස් කිසිසේත්ම ආරක්ශා කාරී නොවන විශාල ග්‍රහකයක් මෙනි.
වසර බිලියන 2.8කට පසු..
පෘතුවියේ මතුපිට උශ්ණත්වය සෙල්සියස් අන්ශක 150 කට ආසන්නය.මෙයත් සමග කෙමෙන් කෙමෙන් ලගා වන වායුගෝලය රහිත තත්වය එහි ජීවය සහමුලින් විනාශ කර දමනු ඇත.කිසිවෙකුත් මින් ආරක්ශා වන්නේ නැත.තවත් ඒක ශෛලික හෝ න්‍යශ්ටි රහිත ඊවයක් හෝ නොපවතිනු ඇත.වසර බිලියන ගනණක් විශ්වීය ක්‍රියාකාරකම් මගින් මහත් පරිශ්‍රමයෙන් ගොඩ නගන ලද පෘතුවි ජීවයේ මිනී පෙට්ටියේ අවසන් ඇනයද මේ අවදියේදී විශ්වයේ නියෝජිත අප හිරු විසින්ම ගසනු ඇත.
වසර බිලියන 4 කට පසු...
මීට වසර මිලියන දහයකට පෙර ක්ශීරපථය ,ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය සමග ගැටී එක් වී මිල්කෝමීඩියා චක්‍රාවාටය සාදා ඇත.මෙම ඝට්ටනය සියක් බිලියන තාරකාවන්ගේ හෝ ඔවුන්ගේ ග්‍රහලෝක වල කක්ශ වෙනස් කර ඇත.සූර්‍ය ග්‍රහ මණ්ඩලයද එහි තිබූ තැනින් වෙනස් වූ නමුත් එයට වූ බලපෑම සාපේක්ශව කුඩා වන්නේ ඝට්ටණය ක්ශීරපතයේ වෙනත් තැනකදී සිදු වූ බැවිනි.
වසර බිලියන 5.4 කට පසු...
සූර්‍යයයාගේ හයිඩ්‍රජන් සන්චිතය අවසන් වී එය රතු වාමනයෙක් බවට පත් වෙමින් පවතී.එය එහි ලගම ග්‍රහලෝක දෙසට විශාල වෙමින් පවතී.තවත් වසර බිලියන කීපයකදී පෘතුවිය විශාල වන රතු වාමනයාගේ බලපෑමට වඩාත් ලක් වනු ඇති අතර ඒවා අධිකව රත් වී රක්තවර්ණ වී විනාශය අද්දරටම පැමිනෙනු ඇත.අගහරුගේ උශ්ණත්වයද අධික ලෙස ඉහල යයි.
වසර බිලියන 7.9 කට පසු..
හිරු (හෙවත් රතු වාමනයා)තමන්ගේ උපරිම විශාලත්වය පත් වී බුධ හා සිකුරු ග්‍රහයන් ගිල ගෙන ඇත.චන්ද්‍රයා කැබලි වලට පත් වී පෘතුවියටම කඩා වැටේ.එය පෘතුවිය සමගම එක් වී එකම එකම රක්ත වර්ණ ග්‍රහයෙක් වනු ඇත.අගහරු එසේම තිබුනද ජීවයට කිසිසේත්ම හිතකර තත්වයක් නැත.පසු කාලීනව හටගෙන තිබුනා නම් සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයා මත මේ වන විටද ජීවය පැවතිය හැක.
වසර බිලියන 8 කට පසු..
හිරු ආපසු කුඩා වී සුදු වාමනයෙකු බවට පත් වී මියැදුනි.එය එක් වරම වූ දෙයක් මෙනි.එහි වර්තමාන විශාලත්වය එය පෘතුවියේ ජීවයට උපකාරී වු අවදියේ මෙන් අර්ධයකට මදක් වැඩිය.එහි තාපය බොහෝ අඑයින් අඩු වී ගින්නකින් පසු දුම් දමන අලු ගොඩක් මෙනි.පෘතුවිය කලින් විනාශ වූයේ නැත්නම් එහි උශ්ණත්වය ශීග්‍රයෙන් අඩු වෙනු ඇත.මෙසේම සූර්‍ය ග්‍රහ මණ්ඩලයේ අනිත් ඉතිරි ග්‍රහලෝක හා චන්ද්‍රයන් ද ඉතා ශීත තත්වයකට පත් වේ.දැන් සූර්‍ය ග්‍රහ මණ්ඩලය යනු ඉතා ශීත,කිසිදු අලන්කාරයක් නැති ජීවයට කිසිසේත් උදව් නොකරන ඔහේ පාවෙන ග්‍රහලෝක හා චන්ද්‍රයන් කීප දෙනෙක් පමණි.
වසර බිලියන 14.2 කට පසු...
වසර බිලියන ගණනක් සුදු වාමනයෙක් ව සිටි හිරු මේ වන විට ඉතා කුඩා උශ්ණත්වයක් සහිත් නොදිලිසෙන,ඇසට නොපෙනෙන (මේ වන විට මිනිස් ඇසක් තිබෙන ජීවීන් විශ්වයේ සිටියොත්) කලු වාමනයෙක් බවට පත්ව ඇත.එය නිකම්ම නිකම් බෝලයක් පමණි .
වසර බිලියන 100 කට පසු..
විශ්වය ප්‍රසාරණය වීමෙන් ක්ශීරපථය හා ඇන්ඩොමීඩා චක්‍රාවාට එක් වී සෑදුන මිල්කොමීඩියා චක්‍රාවාටය තිබූ චක්‍රාවාට පොකුර අනෙක් පොකුරු සියල්ලෙන්ම ඈත් වී එකිනෙකා නිරීක්ශණය කල හැකි විශ්වයෙන් ද ඈතට ගොස් ඇත.විශ්වයේ කොතනක හෝ බුද්ධිමත් ජීවීන් මෙම කාලය තුල ඇති වී නම් ඔවුන් වෙනත් චක්‍රාවාට පොකුරු නිරීක්ශ්ණයට අසමත් වනු ඇත.ඔවුන් විශ්වය තම චක්‍රාවාට පොකුර පමණක් ලෙස සිතනු ඇත.මේ අනුව මහා පිපිරුම තව දුරටත් ඔවුන්ට අනුමානය කල නොහැකි වන අතර ඔවුන් විශ්වයට ආරම්භයක් මෙන්ම අවසානයක් ද නොමැති බව විශ්වාස කරනු ඇත. එසේම මේ වන විට ලග ලග චක්‍රාවාට එකිනෙකට හා වීමට ද ආරම්භ කරනු ඇත.මෙය මිල්කොමීඩියා සෑදීමට සාපේක්ශව සුමටව සිදු වන දෙයක් ලෙස අනුමාන කල හැක.
වසර ට්‍රිලියන 1 කට පසු...
තරු සෑදීමට හේතු වන වායු වලාවන් තනිව සිටින විශාල චක්‍රාවාට තුල තව දුරටත් නොපවතින නිසා අලුත් තරු මින් ඉදිරියට කිසිදා නොසෑදෙනු ඇත.තරු එකිනෙකා අහසේ මියැදෙන අතර කලු වරේ පාවෙන ග්‍රහලෝක ඉතිරි කරමින් අහස කෙමෙන් කලුවර වනු ඇත. චක්‍රාවාට හා වීම අවසන්ව ඇති නිසා එය ආකාශය තුල පාවෙන එකම දෙය වී ඇත.අන් සියල්ල නිරීක්ශනය කල හැකි විශ්වයෙන් ද ඉතා ඈතය.
වසර ට්‍රිලියන 30 කට පසු...
තරු ඔවුන්ගේ අසල්වැසි තාරකා සමග සමීප ව අන්තර්ක්‍රියා කිරීමට ආරම්භ කරයි.මේවා සමස්තයක් ලෙස ඉතා ප්‍රභල වන අතර මේ නිසා තාරකා වල මෙන්ම ඒවායේ ග්‍රහලෝක හා චන්ද්‍රයන්ගේ කක්ශ ද වෙනස් කරයි.මේ නිසාමේවා බොහෝමයක් සිටින චක්‍රාවාටයෙන් ද එලියට විසිවී යයි.මෙම තාරකා චක්‍රාවාට වලින් එලියේ වූ හිස් විශ්වයේ සදහටම මිය යන තුරු ගමන් කරනු ඇත.
වසර ට්‍රිලියන 100 කට පසු..
මේ වන විට නව තරු සෑදීමට උත්සහ කිරීමට හෝ විශ්වය තුල නිදහස් හයිඩ්‍රජන් නැත.විශ්වය මේ වන විට විනාශ වීමේ අවදියට ඇතුලු වෙයි.
වසර ට්‍රිලියන 120 කට පසු...
විශ්වයේ සෑම තාමත් පවතින තරුවක්ම පාහේ අවසන් දහනයන් සිදු කරමින් මිය යමින් සිටී.රතු වාමනයන් ද අවසානයේ මිය යනු ඇත.මින් පසුව විශ්වයේ ඉතිරිව තිබෙනු ඇත්තේ දුඹුරු වාමනයන්,සුදු වාමනයන්,නියුට්‍රෝන් තරු හා කලු කුහර පමණි.මේවා ද ඉතාමත්ම ඉතා සෙමින් මෙම අනුපිලිවෙලටම මිය යාමට පටන් ගනු ඇත.මේ වන විට විශ්වයේ තැනින් තැන දක්නට ලැබෙන දිලිසීම් මෙම ඉතිරි වස්තූන් ගැටෙමි හට ගන්නා සුපර්නෝවා පිපිරීම් වේ.
වසර ක්වොන්ටිලියන් 1 කට පසු.
මේ වනවිට 90% කටත් වඩා වූ චක්‍රාවාට වල පවතින වස්තූන් සෙමින් සෙමින් විශ්වයට මිශ්‍රවෙන චක්‍රාවාට වලින් ඉවතට විසි කර ඇත.මේ වාද ,චක්‍රාවාටද සෙමෙන් සෙමෙන් කලු කුහර මගින් ගිල ගනිමින් පවතී. විශ්වයේ බහුතරයක් සියල්ල තනි තනිව පවතින අතර කිසි දෙයක් නැවත නිරීක්ශණය කල නොහැක.කලු වාමනයෙක් වූ සූර්‍යයාගේ හැප්පී විනාශ උනු පෘතුවිය නම් වූ ග්‍රහකය ඇතුලු බොහෝ දුරාතියේ මිනිසා නම් ජීවියෙකුට තිඹිරි ගෙය වූ මිය ගිය සූර්‍ය ග්‍රහ මණ්ඩලයද මේ වන විට කලු කුහරයක් මගින් ගිල ගෙන ඇත.
වසර නොනිලියන් 1(1 × 10^30) කට පසු....
චක්‍රාවාට වලින් ඉවත් නොකරන ලද සෑම තරුවක්ම සමග තාමත් 100% විශ්වය සම මිශ්‍ර නොවූ චක්‍රාවාට ද සමග සුවිසල් කලු කුහර මගින් ගිල ගැනීම කර ඇත. මේ වන විට විශ්වය තුල තනිව සිටීමට සමත් වන එකම වස්තුව සුවිසල් කලු කුහර පමනි.නමුත් දුඹුරු වාමනයන් තවත් ක්වොන්ටිලියන කීපයක් දිවි රැක ගනු ඇත.මේ වන විට විශ්වයේ බහුතරයක් දේ විනාශ වී ඇත්ත් විශ්වය තම ජීවිත කාලයෙන් අර්ධයක් වත් ගත කර නැත.
වසර 3×10^43 කට පසු
සෑම සුදු හා දුඹුරු වාමනයන්ද ,නියුට්‍රෝන් තරුද සම්පූර්ණයෙන් ශුන්‍යත්වයකට ක්ශීණ වී ගොස් ඇත.කලු කුහර විශ්වයේ පවතින එකම දෙය වී ඇත.මෙම අදුරු වස්තූන් තාම තම ජීවිතයේ අර්ධයක් වත් ගත කොට නොමැති විශ්වයේ තවත් දිගු කාලයක් පවතිනු ඇත.කලු කුහර වල ජීවනපරාසය ඉතිරි සියලුම වස්තූන්ගේ ජීවිතකාල එකතු කල විට ලැබෙන අගයට ද වැඩා වැඩි විය හැක.
වසර ගූගල් (1×10^100) ක ආසන්නයේ
සියලුම කලු කුහර වාගේ හෝකින්ස් කිරන පිට කරමින් වියැකී ඇත.සිතා ගත නොහැකි තරම් අති විශාල කලු කුහරයක් තාමත් ඉතිරිව තිබුන ද එයද වියැකී යමින් පවතී.
වසර ගූගල් (1x10^100) කට පසු...
අවසාන කලු කුහරය ද අවසානයේ මිය ගොස් ඇත.උප පරමාණුක අන්ශු හැරෙන්න විස්වයේ අන් කිසිවක් නැත.විශ්වය තව තවත් ප්‍රසාරණය වන්නේ උප පරමාණුක අන්ශු වලට තව දුරටත් කිසි දා එකිනෙක ප්‍රතික්‍රියා නොකල හැකි ලෙස ඈත් කරමිනි.එක් වරම විශ්වය සෙල්සියස් - 273.6 ඉතාමත්ම ඉතා මදක් ඉහලින් වූ උශ්ණත්වයක යන්තම් කම්පනයක් ඇති කර නිහඩ වෙයි.
.........
ඉන් පසු ඉතා කලු,ශීත ශුන්‍යත්වයක් සදාකාලයට ඉතිරි වේ.

0 comments:

Post a Comment