අපේ පාඨකයොන්ගෙ ඇඟිලි සළකුණු පිළිබඳව ඇති දැනුම ඉතා අල්ප බව හෝම්ස් දවසක් කීවා මට මතකය. එබැවින් හෝම්ස්ගේ වාර්තා සටහන් අතර තිබූ ලිපියක් පාඨක ඔබ සැමගේ දැන ගැනීම පිණිස මෙසේ ඉදිරිපත් කරමි.
යම් අපරාධයක් සිදුවූ විට එම ස්ථානයේ ඇති ඇඟිලි සළකුණු වලින් අදාල අපරාධයට සම්බන්ධ පුද්ගලයා සොයා ගත හැකි බව ඔබ කවදාවත් සිතුවාද..? ඇත්තෙන්ම ඒක කරන්න පුලුවන්.
ඇගිලි සළකුණු ඔබේ මහපට ඇඟිල්ලේ සහ අනෙකුත් ඇඟිලි තුඩු වල කුඩා කඳු ගැට ආකාරයෙන් දැකිය හැකිය. ඒවා සර්පිලාකාරව සහ වළලු ආකාරයේ රටාවන් ලෙස පවතී. එම රේඛාවන් සොබාදහම විසින් නිර්මාණය කර ඇත්තේ අපිට යමක් අල්ලා ගැනීමට සහ අතේ රඳවා තබා ගැනීමට උපකාරී වන අයුරින්ය. මෙම ඇඟිලි සළකුණු රටා මගින් අප අල්ලා ගන්නා දේ අතින් ලිස්සා යෑම ස්වභාවිකවම වළක්වාලන අතර, විශේෂයෙන්ම සම මෘදු හෝ තෙත් ස්වභාවයක් ගන්නා අවස්තාවලදී එය බොහෝ උපකාරී වේ.
වසර 1900 දී පමන අඟිලි සළකුණ සුවිශේෂී බව වටහා ගත්තේ කිසිදු පුද්ගලයින් දෙදෙනෙකුට එක හා සමාණ ඇඟිලි සළකුණු රටාවක් නොමැති බව සොයා ගනිමිනි. ඇඟිලි සළකුණු පුද්ගලයාගේ ප්රවේණිගතව සටහන් වන රටාවකි. එහෙත් එය නියත වශයෙන්ම සර්වසම නොවේ. මෙම තත්වය තුල නිවුන් පුද්ගලයින්ගේ ප්‍රවේණිගත සමාන අනන්‍යතාවයක් පවතින නමුත් ඇඟිලි සළකුණු සුළු වශයෙන් වෙනස්ව පවතී.
එංගලන්තයේ ස්කොට්ලන්ඩ්යාඩ් හි Sir Francis Galton මෙම ඇඟිලි සළකුණු ක්‍රමවේදය මුල් වරට අපරාධයක් විසඳීම සඳහා යොදා ගන්නා ලදී. අපරාධ ස්ථානයක තිබී සොයා ගන්නා ලද ඇඟිලි සළකුණු විශ්ලේෂණය කර එමගින් ලබා ගන්නා දත්ත සැකකරුවන්ගේ ඇඟිලි සළකුණු හා සන්සන්දනය කර අපරාධකරුවන් අල්ලාගැනීමේ ක්‍රමවේදය වසර 1900 දී ඔහු විසින් හඳුන්වා දෙන ලදී. මෙම ක්‍රමවේදය යොදා ගනිමින් ඇඟිලි සළකුණු විශ්ලේණනය කිරීම සඳහා මූලික කාර්යයන් බොහොමයක් සමීක්ෂණය කිරීම සඳහා එක්ව කටයුතු කලේ Sir Edmund Henry සමග වන අතර, එම නිසා එය Galton-Henry System ලෙස හඳුන්වන ලදී.
1904 දී ආර්ජන්ටිනා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කල Juan Vucetich විසින් Comparative Fingerprints නම් සිරස්තලයෙන් යුතු කෘතියක් ප්‍රකාශයට පත් කලේය. ඔහුගේ ක්‍රමවේදයන් තව දුරටත් පුළුල්ව ස්පාඤ්ඥ භාෂාව කතා කරන රටවල් තුල භාවිතා විය.
මෙම සියලු මූලික ක්‍රමවේදයක් එක හා සමාන වේ. Edmund Henry විසින් මෙම ඇඟිලි සළකුණු රටා තුල ඇති විශේෂිත කොටස් loops, arches හෝ whirls ලෙස හඳුනා ගන්නා ලදී. පසු කාලීනව මෙම ඇඟිලි සළකුණු රටා තව දුරටත් විශ්ලේෂණය කරමින් එහි ඇති මූලික රටා අංග 8 කට වර්ගීකරණය කිරීමට හැකි වූ අතර, එය දැනටත් FBI ආයතනය විසින් බාවිතා කරනු ලබයි.
එම අංග 8 පහත සඳහන් වේ.

01. Radial loop - මෙය ඒක කේන්ද්‍රීය රටාවකි. මෙම රටාව අතේ පැත්තෙන් ඇති මහපට ඇඟිල්ලේ ඝන අස්ථිය දෙසට රශ්මි විහිදෙන ආකාරයෙන් බෑවුම්ව පවතී.
02. Ulnar loop - මෙය ඉතා පොදු රටාවක් වන අතර, සමාන උස ඇති කඳු මුඳුන් ආකාරයෙන් පිහිටා ඇත. මෙය සමහර අවස්තා වලදී radial loop රටාවට සමාන වන නමුත්, අතේ සුලැඟිල්ලේ අස්ථිය දෙසට බෑවුම්ව පවතී.
03. Plain arch - මෙය පස් ගොඩැල්ලක් වැනි රටාවකි.
04. Tented arch - මෙය දේවස්ථාන මුදුනතකට සමාන වේ.
05. Plain whorl - මෙය වෘත්තාකාරව පවතින සර්පිලාකාර රටාවකි.
06. Accidental - මෙය අවිධිමත් වෙනත් වෘත්තාකාර රටාවකි.
07. Double loop - මෙය නමින්ම විස්තර වන පරිදි වලලු දෙකකින් යුතු රටාවකි.
08. Central pocket - මෙම රටාව ඇඟිලි සළකුණ මැද තදබදය සහිත වෘත්තාකාර රටාවක් ආකාරයෙන් දක්නට ලැබේ.
එසේම ජන ගහනයෙන් 65% loops, 30% whirls සහ 5% arches වශයෙන් පැතිරී පවතින අතර, ඉතාමත් පොදු සාමාන්‍ය ලක්ෂණයක් ලෙස Ulnar Loop හැඳින්විය හැකිය.
1903 වසරේදී නිව්යෝර්ක්හි Leavenworth Prison සහ St. Louis, Missouri යන බන්ධනාගාරයන්හිදී ලේඛණගත සිරකරුවන් සහ පසුව අත්අඩංගුවට ගත් සිරකරුවන් හඳුනා ගැනීම සඳහා ඇඟිලි සළකුණු භාවිතා කර ඇත. නිව්යෝර්ක් හි සිවිල් සේවා කොමිසම මුලින්ම සිවිල් පුද්ගලයින්ගේ ඇඟිලි සළකුණු යොදාගෙන ඇත්තේ මූල්යදායක රැකියා සඳහා ඉල්ලුම් කිරීමේදී දැන හැඳුනුම්කම් මත තම මිතුරන් යොදවා විභාග වලට පෙනී සිටීම වළක්වාලීම සඳහායි.
1921 දී FBI ආයතනය විසින් අලුතින් ස්ථාපිත කරන ලද හඳුනා ගැනීමේ අංශය සඳහා ඇඟිලි සළකුණු වැඩි වශයෙන් එකතු කරගන්නා ලදී. වසර ගණනක් පුරා සංවර්ධනය වූ එම අංශය සතුව විවිධ අපරාධකරුවන්ගේ සහ සිවිල් පුද්ගලයින්ගේ ඇඟිලි සළකුණු මිලියන 400 කට වඩා පවතින බව සඳහන් වන අතර, අද වන විට ඇඟිලි සළකුණු වාර්තා 8000 ක් පමණ දිනපතා අලුතින් එකතු වන බවද සඳහන් වේ.
පුද්ගලයෙකු අත්අඩංගුවට පත්වූ විට ඔහු හෝ ඇය වරදකරු හෝ අහිංසකයෙකු වුවද ඇඟිලි සළකුනු ලබා ගනු ලබයි. සමහර අවස්තාවන් වලදී අහිංසකයින්ගේ ගොඩට ඇතුලත් වන පුද්ගලයින් නිදොස් කර පවිත්‍රතා ලැයිස්තුවට වැටෙන නමුත්, සාමාන්‍යයෙන් මෙම දත්තයන් ප්‍රාදේශීය පොලිස් ස්ථානවල සිට ජාතික FBI ආයතනය දක්වා ඇති සියලු තොරතුරු පද්ධතීන් වල ඇතුලත්ව පවතී.
වසර ගණනාවක් FBI ආයතනය සහ බොහෝ පොලිස් දෙපාර්තමේන්තු නිළධාරීන් මෙම සූක්ෂ්ම ඇඟිලි සළකුණු පරීක්ෂාව සිදු කලේ කිසිදු යාන්ත්‍රික ක්‍රමයක් යොදා නොගෙන සියතින් පරීක්ෂණ සිදු කරමිනි. එය ඉතා දීර්ඝ ක්‍රියාවලියකින් සමන්විත බොහෝ වෙහෙසකර අසාර්ථක ක්රමයකි. එහෙත් පසු කාලීනව පරිගණක ගතකල තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දීමත් සමග බොහෝ සංකීර්ණ වූ ක්‍රියා පටිපාටිය ඉතාමත් පහසුවෙන් හා කාර්යක්ෂම සෙයාබැලීමක් සිදුකල හැකි වූවා පමණක් නොව, ඇඟිලි සළකුණු වාර්තා ඉතාමත් නිවැරදිව පිරිසිදුව සහ සමාණ ගති ලක්ෂණ ඇති ඇඟිලි සළකුණු වාර්තා ඇති පුද්ගලයින් ශ්‍රේණිගත කිරීමටද හැකි විය.

මෙම විශේෂිත රටා සහ ඒවායේ පිහිටීම් වලට කේතයන් (Code) යොදා ඒ සියල්ල පරිගණක වැඩසටහනක් මගින් විශ්ලේෂණය කර, ලබා දෙන ඇඟලි සළකුණ සමග අනෙකුත් ඇඟිලි සටහන් කේත සසඳා සමාන රටා ඇති ඇඟිලි සළකුණ සොයා දෙනු ලබයි. මෙම කේතයන් (Code) minutia map යනුවෙන් හඳුන්වනු ලැබේ.
* එහි Bifurcation වශයෙන් වෙන්ව පවතින රේඛා දෙකක කැඩුනු තනි රේඛාවක් ලෙසත්,
* Delta ලෙසින් රේඛා තුනක් එකට එකතු වුන තැනක් ලෙසත්,
* Core යනුවෙන් රේඛා සුළියක් මැද හෝ, ආරුක්කුවක් වැනි රේඛාවක උස් වූ තැනක,
* Ridge ending ලෙස රේඛාවක අවසන් තැන් වලත් මෙකක කේත සළකුනු කර ඇත.
අපරාධ ස්ථානයෙන් හමු වූ ඇඟිලි සළකුණු සමග සැකකරුවෙකුගේ ඇගිලි සළකුණු පරිගණක මගින් ස්වයංක්‍රීයව සැසඳීමේදී හෝ හිතාමතා සිදු කරන ගැලපීමේදී අවම වශයෙන් කේත යෙදූ ස්ථාන 12 ක් හඳුනාගත යුතු අතර එම ස්ථාන සහිත පිටපත් දෙකම එකම අයෙකුගේ බවට සනාථ කල යුතුය. සාමාන්යෙන් නිවැරදිව ගලපන ලද ඇඟිලි සටහන් වාර්තා දෙකක අඩංගු minutia points හෙවත් කේත යෙදූ ස්ථාන 50 කට වඩා වැඩි සංඛාවක් සමානව ගැලපෙනු ඇත.
පරිගණක වැඩසටහන මගින් ස්කෑන් කරන ලද ඇඟිලි සළකුණු සටහනේ minutia ස්ථාන X - Y ලෙස ඛණ්ඩාංක වශයෙන් වෙන් කල සිතියම දත්ත ගොනුවක් (Data file) ලෙස පරිවර්තනය කෙරේ. වරක් ස්කෑන් කල දත්ත ගොනුවක් අංක යොදා සුරක්ෂිත කර තැබෙන නිසා ඉදිරියේදි යම් සැසඳීමක් කිරීමට අවශ්‍ය වුවහොත් එක් සෙවුමකින් සමාන ගති ලක්ෂණ සහිත සිතියම් ක්ෂණිකව සොයා ගැනීමට හැකියාවද පවතී.
ඔබ ලෑස්තිද....?? බලන්න ඔබගේ ඇඟිලි සළකුණු දෙස.. ඔබට ඇත්තේ කිනම් ඇඟිලි සළකුණු රටාවක්ද..??

0 comments:
Post a Comment