Sunday, April 30, 2017

යකඩ ඌණතාවය නිසා නීරක්තිය ඇතිවන බව දන්නවාද?

 ලංකාවේ ජනගහනයෙන් වැඩි කොටසක් මෙම තත්ත්වයෙන් පෙළෙන බව මේ වනවිට අනාවරණ වී තිබේ. අප රටෙි පෝෂණික නීරක්තිය කියන තත්ත්වය තිබූණත් එයට යකඩ ඌණතාව මෙන්ම විටමින් බී දොළහ B 12- පෝලික් අම්ලයත් පිරිඩොක්සින් ලෙස හඳුන්වන විටමිනයේ අඩූ කමත් බලපානවා.
නීරක්තිය ලෙස හඳුන්වන්නේ රුධිරයේ රතු පැහැයට හේතුවන රතු රුධිරානූවල හිඟකම නිසා ඇතිවන රක්තහීනතාවයයි. රතු රුධිරාණූවල අඩංගු හිමොග්ලොබින් මගින් තමයි පෙනහළු සිට ශරීර පටකවලට ඔක්සිජන් ගෙන යනූ ලබන්නේ. අවශ්‍ය ප්‍රමාණයෙන් රතු රුධිරාණූ රුධිරයේ නොමැතිකමින් ශරීරයේ පටකවලට ඔක්සිජන් සැපයීම අඩාල වෙනවා.
ඊළඟ අපට තියෙන ප්‍රශ්නය තමයි යකඩ ඌණතාවයෙන් පෙළෙන අයෙකු තුළ පහල වෙන රෝග ලකෂණ මොනවාදැයි දැන ගැනීම.

එවැනි අයෙකු ඉක්මණින් විඩාවට පත් වෙනවා. නිතරම අලස බවෙන් යූක්තයි.
නිතර නිතර හතිය ඇතිවීමත් යකඩ ඌණතාවයේ ලකෂණයක්. වර්ධනය බාලවීම, අවධානය සහ මතක තබාගැනීමේ හැකියා අඩූවීම, අඩූ උපත් බර දරුවන් බිහිවීම වගේම පහසූවෙන් රෝගවලට වැළඳීම වැනි රෝග ලකෂණ හඳුනා ගන්න පූළුවන්.

ශරීරය සූදුමැලිවීමත්, දිව මතුපිට සූමටවීම සහ වේදනාකාරී බවත් යකඩ ඌණතාවය කලක් තිස්සේ පැවතුන කෙනෙක්ගෙන් හඳුනාගත හැකි තවත් රෝග තත්ත්වයන්.

යකඩ ඌණතාවය ඇතිවෙන්න බලපාන සාධක මොනවාදැයි අපි බලමූ. එදිනෙදා අප ගන්නා ආහාරවලින් ප්‍රමාණවත්ව යකඩ නොලැබීමත්, බාහිර ලේ වහනයන් නිසා මිනිසා තුළ යකඩ ඌණතාවය ඇතිවිය හැකියි. බාහිර ලේ වහනයේදී හදිසි අනතුරක් නිසා හෝ අර්ශස් රෝගය, කාන්තාවන්ගේ ඔසප් චක්‍රය, මැලේරියාව, කොකුපණූ වැනි රෝග තත්ත්වය බලපානවා.

වැඩෙන දරුවන්ට එම වයසට අනූව අවශ්‍ය වන යකඩ ප්‍රමාණ වෙනස් වෙනවා. උපතේ සිට වැඩිම සම්පූර්ණ වන වයස අවූරුදු දහඅට දක්වා කාලයේදී යකඩ ග්‍රෑම් 4.45 ප්‍රමාණයක් ශරීරය තුළ තිබෙනවා. යොවූන් වයසේ ඉඳලා වැඩිවියට පත් ගැහැණූ දරුවාගේ යකඩ අවශ්‍යතා සාමාන්‍ය පූද්ගලයෙකුට වඩා වැඩි වෙනවා. ගැහැනූ ළමයෙක් මල්වරවීමෙන් පසූව මාසික ආර්ථවය සිදුවන්න පටන් ගත්විට මාසයකට වතාවක් එම කාලය තුළදී ශරිරයේ යකඩ ප්‍රමාණය අඩූවෙනවා. එමනිසා එවැනි දිනවලදී දියණියට හොඳ සමබල ආහාර වේලක් ලැබීමත් එම ආහාර වේිල තුළ යකඩ අන්තර්ගත ආහාර තිබීමත් ඉතාම වැදගත්. යකඩ ඌණතාව නිසා ඇතිවන නීරක්තිය වැඩිපූර ගොඳුරු වෙන්නේ කාන්තාවන් සහ ළමූන් කියන්නේ ඒ නිසයි. ඒ වගේම කාන්තාව ගැබිණියක් වූ විටත් ගර්භනීභාවයෙන් පසූ දරුවාට කිරිදීමේදීත් යකඩ ඌණතාවය ඇය තුළ ඇතිවෙන්න පූළුවනි.

මෙවැනි කාල තුළදී යකඩ බහූල ආහාර වෙනදාට වඩා වැඩියෙන් අනූභව කිරීම තුළ ශරීරයට උරාගන්නා යකඩ ප්‍රමාණය වැඩි වෙනවා. තවත් දෙයක් තමයි අපි ගන්නා ආහාරවල යකඩ පවතින සොබාවයක් යකඩ අවශෝෂණයට බලපානවා.

හීම් යකඩ සහිත ආහාර ලෙස අපි හඳුන්වන මස්, මාළු වලින් ලැබෙන යකඩ සියයට 15-20 අතර ප්‍රමාණයක් ශරීරයට උරා ගන්නවා.

හිමි නොවන යකඩ (Non Haem Iron- ලෙස හඳුන්වන ධාන්‍ය වර්ග, රනිල බෝග, තද කොළ පාට කොළ, එළවළු, බිත්තර, කිරිවල අඩංගු යකඩ අවශෝෂණය වන ප්‍රමාණයන් ආහාර වේලේ අඩංගු අනෙකුත් සාධක මත අඩූ වැඩි වෙන්න පූළුවන්. ලංකාවේ අපේ ආහාරවල බහූලව තියෙන්නේ හිමි නොවන යඩකයි. මෙවැනි ආහාරවලින් උරා ගන්නේ සියයට 5 ක් පමණයි. අප ගන්නා ආහාර වේලක යකඩ උරා ගැනීම වඩා වැඩිකර ගන්න යකඩ බහූල ආහාර, ආහාරයට ගැනීමත් සහ හිමි නොවන යකඩ අවශෝෂණය ලෙහෙසි කරන දේවල් ආහාරවේලට එකතු කිරීමත් කළ හැකියි.

විටමින් සී බහූල අලුත් එළවළු, පළතුරු වඩ වඩාත් ගැනීම, ආහාර සකසා ගැනීමේදී සියඹලා, තක්කාලි වැනි ආම්ලික දේවල් එකතු කර ගැනීම, කඩල, මූං ඇට වැනි ධාන්‍ය වතුරේ පොඟවා තබා අංකුර ඇඳුන පසූ ආහාර ලෙස පිළියෙල කර ගැනීම, ආප්ප, තෝසේ පිළියෙල කිරීමේදී සාදන මිශ්‍රණය පැසවිම වගේම මස්, මාළු, කරවල ආහාර වේලට එකතු කර ගැනීම තුළ ආහාර ජීර්ණයෙන් පසූ ඇතිවන මිශ්‍රණයෙන් යකඩ අවශෝෂණය වැඩියෙන් වේ.

විශේෂයෙන් ආහාර වේලට යකඩ අඩංගු ආහාර එකතු කර ගැනීම තුළ යකඩ උරා ගැනීමට බාධා දෙන ආහාර ටැනින් අඩංගු ආහාර හෙවත් තේ, කෝපි වගේම පයිටෙිට, පොස්පේට අඩංගු ආහාර එකතු කර නොගැනීම තමයි ප්‍රතිඵල තියෙන්නේ. ආහාර වේලක් ලබාගත් පසූ ඒ සැණින්ම තේ එකක් බීම හෝ කෝපි කෝප්පයක් බීම තුළ යකඩ අවශෝෂණය අවම වෙනවා. ලබාගත් ආහාර වේල තුළ හොඳ යකඩ ප්‍රමාණයක් රුධිරයට අවශෝෂණය වන්නට තිබූණත් එය විනාශ වෙනවා.

වයස අනූව දිනකට අවශ්‍ය යකඩ ප්‍රමාණය
කාලය අවූරුදු         අවශ්‍ය යකඩ ප්‍රමාණය (මිලි ග්‍රෑම්)
බැඩෙන දරුවන්ට

1-3                            8
4-6                          10
7-9                          14
10-12                    (
කාන්තා) 21 (පිරිමි) 20
13-15                    (
කාන්තා) 20 (පිරිමි) 26
16-18                    (
කාන්තා) 21 (පිරිමි) 34වැඩිහිටි                  (කාන්තා) 19 (පිරිමි) 17
විශේෂඥ පෝෂණවේදිනී සහ ලියාපදිංචි ආහාරවේදිනී

ප්‍රේමනි සමරසිංහ

0 comments:

Post a Comment