ආයතන ගණනාවක් මඟින් පනවනු ලබන රීතීන් පද්ධතියක් නීතිය ලෙස හැඳින්වේ. එය විවිධාකාරයෙන් දේශපාලනය ආර්ථිකය සහ සමාජය හැඩ ගස්සවයි. ගිවිසුම් නීතිය බස් ටිකට් පතක් මිල දී ගැනීමේ සිට කොටස් වෙළඳ පොලේ කොටස් හුවමාරු කිරීම දක්වා සියලු දේ දේපළ නීතිය මඟින් පුද්ගලික සහ නිශචල දේපළ පැවරීම සහ හිමිකම සම්බන්ධ අයිතීන් සහ බැඳීම් විස්තර කරනු ලබයි (නිවසක් කුලියට දී ම හෝ උකස් කිරීම). භාර නීතිය ආයෝජන සහ මූල්‍යමය සුරක්ෂිතභාවය සඳහා දේපළක අයිතිය දරා සිටිම (විශ්‍රාමික අරමුදල) ද සිවිල් වැරදි නීතිය යම් පුද්ගලයෙකුට තුවාල සිදු වීම හෝ දේපළමට හානි කිරීම වන්දි බලා ගැනීමට අවකාශ සලසයි. එලෙස හානි සිදු කිරීම දණඩ නීතියේ දක්වා ඇත්නම් අපරධකරුට එරෙහිව රජය විසින් නඩු පවරා දඬුවම් නියම කරනු ලබයි. ආණ්ඩක්‍රම ව්‍යවස්ථා නීතිය මඟින් නීති සෑදීම, ජනතාවගේ මානව අයිතිවාසිකම් සහ දේශපාලන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම, සඳහා රාමුවක් සැපයයි. පරිපාලන නීතිය රාජ්‍යය පරිපාලන ආයතන සම්බන්ධ කටයුතු සඳහා ද ජාත්‍යන්තර නීතිය ස්වෛරී රාජ්‍යයන් අතර වෙළඳාමේ, පරිසරයේ සිට හමුදාමය ක්‍රියා මාර්ග දක්වා කටයුතු හසුරුවනු ලැබේ. ශ්‍රේෂ්ඨ ග්‍රික දාර්ශනික ඇරිස්ටෝටල් පැවසූවේ නීතියේ පාලනය තනි පුද්ගලයකුගේ පාලනයට වඩා හොඳ බවයි. නීත්‍යානුකූල අයිතිචාසිකම් සහ වගකීම් ලොව පුරා පවතින නීති පද්ධතීන් මඟින් විවිධාකාරයෙන් විස්තර කොට ඇත. ප්‍රධානතම වෙනස වන්නේ සිවිල් නීති සහ පොදු නීති සම්ප්‍රදායන්ගේ විනිශ්චයන් හී දීය. සමහර රටවල් වල නීතිය ආගමික මුල ග්‍රන්ථ මත පදනම් ව ඇත. විශාරදයන් නීතියේ සම්භවය සබන්ධයෙන් නීති ඉතිහාසය, දර්ශනවාදය, සමාජ විද්‍යාත්මක වැනි විවිධ දෘෂ්ටි කෝණයන් ඔස්සේ පර්යේෂණ සිදු කරන ලදී. නීතිය පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයන් ට අනුව සමානත්වය, සාධාරනත්වය සහ යුක්තිය සම්බන්ධයෙන් නැඟෙන ප්‍රශ්ණ සරල ඒවා නොවේ. නීතියේ වැදගතාම ආයතන වන්නේ අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය, එහි නිලධාරීන් කාර්‍ය්ය මණ්ඩලය, හමුදව, පොලීසිය, නීති වෘත්තිය සහ සිවිල් සමාජයයි.
Friday, July 28, 2017
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment