Tuesday, May 15, 2018

යානි මියුසික්

යානිස් හ්‍රයිසෝමලීස් එසේත් නැතිනම් 'යානි', ලෝකප්‍රසිද්ධ සංගිතඥයෙක් වන මොහු ග්‍රීසියේ කලමාටා නගරයේ 1954 නොවැම්බර් 14 වනදින උපත ලබන මොහු මනෝවිද්‍යා උපාධිධාරීයෙකි.1980වර්ශයේ තම මංගල සංගීතය ඇල්බමය වන "optimystique " නිකුත් කිරීමත් සමඟ සංගිත ලොවට පාතබන මොහු සැබැවින්ම සංගිතලොව උඩුයටිකුරු කෙරුවෙකි.ලොව පුරා තම ප්‍රසංග ඉදිරිපත් කරන මොහුට මේ වන විට වයස 64කි.ලංකාවෙ මෙන්ම වෙනත් රටවල් වලත් ගුවන්විදුලි,රූපවාහිනි වැඩසටහන් වල සහ වෙළඳ දැන්වීම් සඳහා පවා විශාලවශයෙන් මොහුගේ සංගීතකණ්ඩ භාවිතා වෙ.ලොව විවිධරටවල සංගීත වේදියන්ගෙන් සන්නද්ධ වූ මෙතුමාගේ සංගීත කණ්ඩායමේ බේසේ ගිටාර් වාදකයෙකු ලෙස ශ්‍රිලංකාවෙ උපතලැබු හුසේයින් ජිෆ්‍රි මහතා කලක් සිට ඇත.කෙසෙනමුත් හිතුවක්කාර සංගීතවේදීයෙකු වූ මෙතුමා ලොව විවිධරටවල නාදරටා,සංගීතභාණ්ඩ සහ ඇදහිලි විශ්වාස ආදිය භාවිත කරමින් තමාගෙම රටාවක් නිර්මාණය කර ඇත ඒ අතරින් ඔහුගේ සංගීතය ප්‍රචලිත වන්නේ,මිනිසුන්ගේ චිත්තවේග සහ සන්නිවේදනය අංශය තේමා කොට සංගිතය නිර්මාණය කරන මෙතුමා,නූතන මොසාර්ට් ලෙස හඳුනවනු ලබයි.කෙසේ හෝ මට දැනුනු තරමින් සංගිත කණ්ඩ කිහිපයක් ගැන කෙටි විස්තරයක් පහත දැක්වේ.මොහුගේ සංගීතයේ විවිධතවය පෙන්නුම් කරනා සංගීතංග කිහිපයක් පහත දැක්වේ.
Prelude හෙවත් පූර්විකාව
අර්මේනියානු බටනලාවක් වන duduk සහ වයලීනය පදනම් කරගෙන නිර්මිත මෙම සංගීතංගයේ මටනම් හිස් බවක් පාළු බවක් දැනෙන නාදවර්ණයක් ජනිතවේ.තනියම මනෝ පාරක් ගහනවෙලාවට ගැලපෙන සංගීතයක්.
https://www.youtube.com/watch?v=tKVzm0SBYtQ
Nightingale
ඉතා ජනප්‍රිය සංගීතකණ්ඩයක් වන මෙය ඔබ අනිවරයෙන්ම සවන්දී ඇති බව නිසැකයි.බොහෝ ටෙලිනාට්‍ය සහ වෙළඳ දැන්වීම් සදහා ලංකාවේ භාවිත වේන මෙය චීන බටනලා මූලිකව භාවිතා කර ඇති අතට යානිට අනුව නම් හිරු බැසයන මොහොතක සවනට වැකුණු නයිටිංගේල් කුරුල්ලෙකුගේ නාදය පදනම් කරගෙන මෙය නිර්මාණය කර ඇත.ස්වභාවසෞන්දර්‍ය ඇසුරෙන් සංගීතය නිර්මාණයට සහ එහි සජීවීභාවයට හොඳ උදාහරණයක් ලෙස මෙම ගීතය දැක්විය හැක.
https://www.youtube.com/watch?v=I_B8H956-rg
Keys to imagination හෙවත් පරිකල්පනයට යතුර
ඒප්‍රියල් කැප්ගේ oboe වාදනයත් ආර්මන් මුවිසෙසියාන්ගේ වයලීන වාදනයත් එක්ව නිර්මාණය වන මෙම සංගිත අංගය කොංගෝ සහ බොංගො වාදනයක් එක්කිරිමෙන් තවත අලංකාරකර ඇති අතර ෆියුශන් ලක්ශනය පෙන්නුම් කරන මෙම නාදරටාව පරාජිත හැඟිම දුරලා අමුතුම ජවයක්,ශක්තිමත් හැඟීමක් හදවතට දැනෙන සංගීත රටාවකි.
https://www.youtube.com/watch?v=KL4mNXuU7-E
Rain maker හෙවත් වැසි සාදන්නා
ඇබෝර්ජින් වරුන්ගේ didjeridu සංගීත භාණ්ඩය මූලිකව පදනම් කරගෙන ඇති අතර කොංගෝ සහ බොංගො වාදනය ඕගන් වාදනයෙන් සහ ගෙජ්ජි හඬ සහ ගායනාංග භාවිත කරඇති මෙම නිර්මාණයෙන් ශුෂ්ක පරිසරයකට වැසි වැටීම නිසා එහි ජනතාව, සතුන්, ප්‍රීතිවීම ගැන හඟවන්නාක් මෙන් මට දැනේ එහිදී අවසානය බාගයේ ප්‍රදානම සංගිතය ලෙස පැරගුවේ ජාතික වික්ටර් එස්පිනිඔලා විසින් ප්‍රීතිය උද්දීපනයකරන ගායනංගයක් ඉදිරිපත් කරන අතර එය සැබැවින්ම සුපිරිම සුපිරි සංගීත අත්දැකීමකි.
https://www.youtube.com/watch?v=xtODAJbakTc
Until the last moment
හෙවත් අවසාන මොහොත තෙක්
යානිගේ පියානෝවාදයනයත් සැමුවෙල් ගේ වයලීන වාදනයත් මත ගොඩනැගී ඇති මෙම වාදනය ඉතාජනප්‍රිය සංගීතංගයකි.ජීවිතය කියන සංකිර්ණ මාතෘකාව මත ගොඩනැගි ඇති මෙම වාදනයේ මැද භාගයතුල වයලීන් වාදනය විලාපයක් බඳුවන අතර ජීවිතයේ විවිධ හැලහැප්පිම් ,ජීවිතයේ අවසානභාග්‍යේ දුක්ඛිත භාවය නිරූපණය කරන මෙය සතුට දුක දෝලනයවන නාදරිද්මයකි.
https://www.youtube.com/watch?v=fLgY1GYlkdU
The storm හෙවත් කුණාටුව
Alexander zhirof ගේ cello වාදනයෙන් ආරම්භවන මෙම වාදනය තුලින් කුණාටුවක් ආරම්භයේ ඇති මූසල ගතිය හඟවමින් ආරම්භවන අතර ක්‍රමයෙන් ක්‍රමයෙන් වර්ශාව ඇද වැටීම නිරූපනයකරන සැමුවෙල්ගේ වයලීන වාදනයත් සමග වැස්ස ඇද වැටීම වැස්ස වැඩිවිම ආදිය මනාවට පෙන්නුම්කරන මෙය මාගේ පෞද්ගලිකව ප්‍රියතම සංගීතාංගයකි.
https://www.youtube.com/watch?v=H7zrSjdtjMs
Playtime
ෆියුශන් ලක්ශන දරණ මෙහි බොංගො,බටනලා,ගායනාංග,ඕගන්වාදනයෙන් අලංකාර මෙයද අලංකාර නිර්මාණයකි.
https://www.youtube.com/watch?v=S3jRLtgYB0M
Rain must fall
වැස්ස පදනම් කරගෙන නිර්මිත මෙහි ආරම්භයේන් යානිගේ පියානො වාදනයෙන් අලංකාර වන මෙහි වැස්ස ආරම්භය,වැස්සේ ක්‍රමයෙම් වැඩිවීම අකුණු ගැසීම වැස්ස නතරවීම වැනි කොටස මනාවට පෙන්නුම් කරන අතර බේස් ගිටාර් සහ වයලීන වාදනය තුලින් මෙම කොටස මනාවට නිරූපනය වේ.
https://www.youtube.com/watch?v=Iq3zo432sAU
මොහුගේ නිර්මාණ අතරින් කිහිපයක් පමණක් ඉහත දක්වා ඇත. උග්‍ර සංගීතලෝලියෙක් නොවන අය උනත් මොහුගේ සංගීතයට සවන් දීමෙන් අනිවා මොහුගේ රසිකයෙක් වනබව සහතිකයි!
උපුටා ගැනීම -අවිශ්ක ඉඳුවර

0 comments:

Post a Comment