Friday, November 3, 2023

ඉරිවේරිය

Published from Blogger Prime Android Appඋණයි වමනෙයි බඩේ අමාරුවයි එපාම වෙලා ඉන්න ඔබට.. 

ඉරිවේරිය වලින් ප්‍රත්‍යක්ෂ ඔසුවක්.

☘️මේ දවස්වල හැමවෙලේම උන එක්ක එන බඩ රිදීම් වමනේ යන එක වගේ දේවල් හැමතැනම අහන්න ලැබෙනවා.

කොච්චර බෙහෙත් බීවත් අඩුවෙන්නෙ නෑනෙ ?🙄

☘️ඉරිවේරිය කියන්නෙ ඕනම විදියෙ වමනයට ඕනම විදියෙ පාචන අතීසාර තත්වෙකට හොඳම ඖෂධ වලින් එකක්..

☘️ඉරිවේරිය ඉස්ම මී පැනි දාලා බොන එකෙන් වමනය නතර වෙනවා.

☘️ඒ වගේම හොදටම බඩ රිදිලා මල පහ බුරුලෙන් පිටවෙන එක අපි කියනවා අතීසාර තත්වයක් කියලා..

👉මේකට 
ඉරිවේරිය දඩු
ඉගුරු අල කෑල්ලක්
බැදපු කොත්තමල්ලි ටිකක් 
කහ කුඩු ටිකක්
එක්ක තම්බලා නිවෙන්න තියලා මී පැණි ටිකක් දාලා බොන්න දෙන්න පුළුවන්..

🌸විශේෂයෙන් ම කුඩා දරුවන්ටත් මේක දෙන්න පුළුවන්..

☘️ඒ විතරක් නෙවෙයි කෑම කාපු ගමන් බඩ රිදිලා වැසිකිලි යන්න වෙන ග්‍රහණි රෝගයේ මුල් තත්වෙදි මේ ඉරිවේරිය කැඳ පාවිච්චි ක්රන්න පුළුවන් .

☘️හැබැයි මේ රෝගෙ කල් ගත උනාම නම් හරිම පරිස්සමින් ටික කාලයක් බෙහෙත් කරලා තමයි හොඳ කරගන්න ඕන.

☘️සාමාන්‍යයෙන් අතීසාරයක් එන්නෙ බඩවැල් වල දුර්වල බවක් අජීර්ණයක් එක්ක කෑම නොදිරවන එකක් එනකොට.

මේ හැමදේමට ඉරිවේරිය වටින ඔසුවක්..

විශේෂයෙන් ගෙදර හදන තැම්බුම් හොදි එකට ඉරිවේරිය දණ්ඩක් එකතුකරන්න අමතක කරන්න එපා.

මේ දවස්වල උණ හැදිලා වමනෙ යන අජීර්ණයෙන් පෙලෙන හැමදෙනාටම මේක ප්‍රත්‍යක්ෂ වෙන ඔසුවක්..

පෙති බීලම එපා වෙලා නම් 
මේ "බෙහෙත් නොවෙන  බෙහෙත්" ටිකක් බීලා බලන්න..

ඔබ සැම නීරෝගී වේවා ❤️

සටහන - ආයුර්වේද වෛද්‍ය රසාංජනා ඉලංකෝන් 
BAMS( කැලණිය විශ්වවිද්‍යාලය )
හරිතායුර් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය 
ගණේමුල්ල.
0770430097

Wednesday, September 29, 2021

අක්මාවට බෙහෙත්

 අක්මාවේ තෙල් සිරොසිස් වළක්වා ගන්න හොඳම ආයුර්වේද බෙහෙත් ඔබ දැන සිටියාද .?

ජීවිතයේ පැවැත්මට බොහෝ දේ අත්යවශ්යයි. මේ පැවැත්ම සඳහා අපගේ ශරිරයේ බෝහෝ ක්රියාකරකම් සිදු කිරිමට අභ්යන්තර අවයව සිදු කරනුයේ මහගු මෙහෙයකි. අක්මාවද එසේ බොහෝ කාර්යන් සිදු කරන ශරිරයේ පවතින විශාලතම අවයවයකි. මේ අනුව සිරුරේ පැවැත්ම සඳහා අක්මාවෙන් සිදුවන කාර්යන් බොහෝ ඇත. මින් සිදුවන ප්රධාන කාර්යන් වන්නේ ව්ස හරණය වීමයි. අප ගන්නා සියලුම ආහාරවල බොහෝ විස කොටස් ඉවත් කිරිමට උදව් කරනවා සේම එම විස කොටස් තැන්පත් කර තැබීමටද උදව් වේ.විස තැන්පත් විමේ හැකියාව වැඩිවීම නිසා අක්මාව ඉක්මනටම ලෙඩ වීමට ද පුළුවන්. රුධිරය නිෂ්පාදනය සඳහා අවශ්ය ප්රෝටින කොටස් නිෂ්පාදනයට දායකත්වයක් ලබාදිමද අක්මාව සිදුකරන තවත් කාර්යයකි. ශරිරයට අවශ්යය ගුණදායක කොලෙස්ට්රරෝල් නිෂ්පාදනයට සිදු කරයි. මේ අනුව සිරුරේ නිසි ක්රියාකාරිත්වයන් සඳහා අත්යවශ්යම අවයවයන්ගෙන් එකක් නිසා අක්මාව නැතිව ජිවත් විය නොහැකිය.
ඇතිවන රෝග
අක්මාව අත්යවශ්ය අවයවයක් වන බැවින් එය ආරක්ෂා කර ගත යුතුයි. ආරාක්ෂා නොවීම නිසා ඇති වන රෝග බොහෝ තිබේ. මේ සඳහා ව්ශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා ආහාරයි. අක්මා රෝග දුරු කිරීමට ජීවන පැවැත්ම නිසි ලෙස ගෙනයාමට වෛද්ය උපදෙස් මත ක්රමානුකූලව සකසා ගත යුත්තේ ඒ නිසයි. රෝගීවූවන් හා නිරෝගී පුද්ගලයන් නිසි වයසේදී මේ සඳහා මේ සඳහා වෛද්ය උපෙදස් මත තම ආහාර හා විහරණ රටා පවත්වා ගත යුතුයි. අක්මාවේ ඇතිවිය හැකි රෝග අතර සිරෝසිස් :අක්මාවේ මේදය තැන්පත් වීම, සෙංගමාල රෝග තත්ත්වය සහ ආසාදිත රෝග තත්ත්වයන් :උදා හෙපටයිටිස් රෝගය පෙන්වා දිය හැකියි. ඊට අමතරව අක්මාවේ එන්සයිම ක්රියාකාරිත්වය ඉහළ යාමද සිරුරේ නිසි ක්රියාකාරිත්වයට බාධා පමුණුවයි. එවිට අක්මාව ලෙඩ වීම නවතාලිය නොහැකිය.
බලපාන හේතු
මේ සියළු දේටම විශේෂයෙන් බලපානු ලබන්නේ අප ගන්නා තෙල් අධික ආහාර හා මත්පැන් පානයයි.එසේම පිටි බහුල ආහාර ගැනීමද මෙයට බලපාන තවත් විශේෂ වූ හේතුවකි.
ඇතිවන රෝග සඳහා ගත යුතු ඹෟෂධීය ආහාර
මේ සඳහා විශේෂ කැඳ වර්ග පානය කිරීම යෝග්ය වේ. ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට සමහර අවස්ථාවලදී නිසි ලෙස තමා විසින්ම පාලනය වුව හොත් රෝගය මුලිනුපුටා දැමීමටද මෙම ඖෂධීය කැඳ වර්ග ඉවහල් වේ.
යකි නාරං කොළ කැඳ
හීන්බෝවිටියා කොළ කැඳ
මෙයට හීනැටි හාල් සමඟ පොල් කිරි දෙවැනි හෝ තුන්වැනි කිරි දමා සාදා ගන්නගමෙය වඩාත් ගුණ දායක වේග මෙහිදී කොලෙස්ටරෝල් තැන්පත් වීම ඉවත් කරයි. අක්මා සෛල යථා තත්ත්වයට පත් කෙරෙයි.
කොක්මොට කැඳ – මෙහිදී අක්මාවේ එන්සයිම යථා තත්ත්වයට පත් කිරීමට ඉවහල් වේ. සෙංගමාල රෝගීන්ටද ගුණ දේ.
පිටවක්කා කැඳ හෝ පිටවක්කා සම්පූර්ණ ශාකයම තම්බලා බීමට පුළුවන
බක් මී පොතු කැඳ
මොණර කුඩුම්බිය කැඳ හෝ ව්යංජනය – විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ මාන්දම් රෝගයේ දී ඉදිමෙන අක්මාව හා තැලසීමියාව නිසා අක්මා ඉදිමෙන තත්ත්වයට සුදුසුයි.
මැල්ලකොල ආහාරයට ගැනීම – විස හරණය කිරීමේ හැකියාව වැඩියි. කොලෙස්ටරෝල් අඩු කරයි.
කැබැල්ල දළු මාළුව – කොලෙස්ටරෝල් අඩු කරයි. අක්මාවේ තෙල් අඩු කරයි.
ආහාරයක් ලෙස
දිවුල් ගෙඩි – පොල් කිරිවල දෙවැනි කිරි දමා සාදා ගත් දිවුල් කිරි පානය අක්මාවේ විෂත නසයි.විශේෂයෙන් මත්පැන් විෂ නසයි.
කොත්තමල්ලි පානය (අමුවට කුඩුකරගෙන)
දිවුල් කොළ කැඳ
කරපිංචා කොළ කැඳ
මෙහිදී කැඳ භාවිතයේදී කිතුල් හකුරු සමඟ ගැනීම වඩාත් ගුණදායක වේ.මන්ද යත් කිතුල් හකුරු අක්මාවට වඩාත් ගුණ දායක වන බැවිනි.
එළවළු
වට්ටක්කා , කෝමාරිකා ව්යංජනය ,මුස්සැන්න ව්යංජනයල කිතුල් පිටි කැඳ මුං ඇට තැම්බූ වතුර සහ මුං ඇට සුදුසුයි. මුං ඇටල කෝමාරිකාල කිතුල් හකුරු එකට දමා සෑදූ කැඳ සෙංගමාල රෝගීන්ට සුදුසුයි. එසේම ගිරා පලා සමඟ මුං ඇට මැල්ලුම සුදුසුයි. සමහර අවස්ථාවලදී ගැස්ට්රයිටීස් කියා පෙන්නුම් කරන්නේ අක්මා රෝගයක් විය හැකියි.නමුත් අප ගැස්ට්රයිටීස් යැයි සිතා එයට ප්රථිකාර කිරීමට උනන්දු වේ. මේ නිසා අක්මාව ගැනද වඩා සැළකිලිමත් වීම වඩාත් වැදගත් බව සැලකිය යුතුයි. ඉහතින් දක්වා ඇති සියළුම ආහාරවලට පිත්තාශයේ පවතින ගල් පවා දිය කිරීමේ හැකියාවක් ඇත. වළක්වා ගැනීමට කළ යුතු දේ ඉහත සඳහන් සියල්ල ඖෂධයක් හා ආහාරයක් වන බැවින් එදිනෙදා ජීවිතයේදී නිරෝගී පුද්ගලයන්ටද භාවිතා කළ හැකියි. ඒ තුළින් මෙවැනි රෝග වළක්වා ගත හැකියි. උෂ්ණාධික ආහාරවලින් තොරවීම ගුණ දායක වේ. උදා – ඉස්සෝල දැලලෝල බල මාළු අන්නාසිල චට්නි තක්කාලි සෝස් වර්ග තෙල් අධික කෙටි කෑමවලින් වැළැකීම – පැටිස් රෝල්ස් බර්ගර් සොසේජස් මඳ උණුසුම් ජලය පානය කිරීම ව්යායාමවලට යොමු වීම වැරැදි ජීවන රටාවෙන් තොර වීම මත්පැන් පානයෙන් තොරවීම දුම්පානයෙන් වැළැකීම පැණි බීම වර්ග පානය නොකිරීම චීස් බටර් අවම කිරීම සියළු බේකරි කෑම අවම කිරීම නිවසේදී කළ හැකි ප්රතිකාර අක්මා රෝගයකදී වෛද්යවරයකු වෙත යාම කළයුතුයිග ඒ සඳහා වෛද්ය උපදෙස් පැතීම ඔබ කළ යුතු බුද්ධිමත් කටයුත්තයි. නමුත් පහත සඳහන් ප්රතිකාර කීපයක්ද පෙන්වා දිය හැකියි. අරළු අසමෝදගම්ල වියළි ඉඟුරුල ක්ෂාය කර බොන්න. අරළුල බුළු නෙල්ලි ත්රිපලා ක්ෂාය කර බොන්න. සුදර්ශන චූර්ණය තේ හැඳි එක බැඟින් උදේ සවස බොන්න සුදු හඳුන් සැවැන්දරා වැල් මීල පත්පාඩගම් එරමුසුල බිංකොහොඹ මේවා සමව ගෙන තම්බා බොන්න සුබ දිවියක්!!! උපුටා ගැනීම - Neranjana Kasthuriarachi
හැදෙන තරමක් ලෙඩ හැදෙන්නේ කන බොන කෑම බීම නිසා. කිසිම දවසක උදේ කෑම විදිහට පාන්, පාන්පිටි ඉඳිආප්ප, බර්ගර්, බනිස්, පොල් රොටී ආදිය කන්න එපා. ඒ වෙනුවට මේ විදිහට කන්න. දවසම නීරෝගීව ශක්තිමත්ව ඉන්න පුළුවන්. 🔴 උදේට දියබත්... ••••••••••••••••••••••••••••••
රෑට ඉතිරි වූ බත් ටික හොඳින් පිරිසිදුව වසා තබන්න. උදේට ඒ බත් වලට පොල්කිරි ටිකක්, ලියාගත් රතුළූණු අහුරක්, ලියාගත් අමූමිරිස් කරල් දෙකක්, කරපිංචා කොළ ටිකක් දමා මදක් රත්කර ටික වේලාවක් තබා කෑමට ගන්න. ඉතාම ගුණදායක ඇඟ සිසිල් කරන උදේ ආහාරයක්. ගිනියම් දහවලේදී ඔබට කිසිම අපත්යයක් වෙන්නේ නැහැ. දවස පුරාම බඩ සිසිලසින් තිබේවි. ඇඟට පුදුමාකාර ශක්තියකුත් ලැබේවි.
🔴 පැළවූ මුං ඇට සමඟ ලුණු මිරිස්... •••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මුං ඇට තම්බලා කන එක හරිම ජනප්රිය උදේ කෑමක්නේ. දවසක යන්තමට පැළවීගෙන එන මුං ඇට තම්බලා කන්න. මුං ඇට තැම්බූ වතුර ටිකත් බොන්න. එය කිසිම දවසක විසි කරන්න එපා. කලින් දවසේ හවස පහට පමණ මුං ඇට දියේ දාන්න. ප්රමාණවත් වතුර ප්රමාණයක් දමා හොඳින් වසා තබන්න. පසුදා බලද්දි යන්තමට පැළවීගෙන එන මුංඇට ඔබට දැකගන්නට ලැබේවි. එම වතුර වලින්ම තම්බාගන්න. පසුව පෙරාගන්න. මුං ඇට තැම්බූ වතුර ටික වෙනම වීදුරුවකට ගෙන එය පානය කරන්න. මුං ඇට රසවත්ම ලුණු මිරිස් ටිකක්, පොල් ටිකක් සමඟ ආහාරයට ගැනීමෙනුයි. කකුල් පැලිලා, ඇස් වේලිලා දන්නට පටන්ගෙන තොල් වේලිලා දුක් විඳින උෂ්ණ රෝග රැසකට මෙය ඉතාම ගුණයි. එසේම අධික ගිනියම නිසා කොණ්ඩෙ යන අය මේ පැළවූ මුං ඇට තම්බාගත් වතුර මාසයක් පමණ බිව්වොත් හිසකේ ගැලවී යාම නවත්වාගත හැකියි.
🔴 මුං ඇට යහමින් හකුරු කිරිබත්... •••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මෙතරම් ගුණදායක කෑම තියාගෙනයි අපි පාන් පිටි ගිලින්නේ. ඒකනේ මේ තියෙන දුකත්. මේක ඇත්තටම අපරාධයක්. කිරිබත් හදන විට රෝස කැකුළු හෝ මාතර කැකුළු ගන්න. එයටම දියේ දමාගත් මුං ඇටත් දමන්න. තැම්බීගෙන එන විට පොල්කිරි යහමින් දාන්න. බාගන්නට ටික වෙලාවකට කලින් සූරාගත් හකුරු කෝප්ප භාගයක් දමන්න. හොඳින් මිශ්රකර උණුසුම්ව ආහාරයට ගන්න. බලාගෙන සිටිද්දීම තරුණ වෙනවා. ගොඩක් ගිනියම් රෝග අඩුවෙනවා. ඒ වගේම බඩවැල් වල ප්රශ්න නිසා දුක් විඳින තත්වය අඩුවෙනවා. හොඳට මල පිටවෙනවා. දවල් එක දෙක වෙනතුරු බඩගින්න එන්නෙත් නෑ.
🔴 මුදවපු කිරිබත්... ••••••••••••••••••••••••••••••
ඇඟට සිසිලසක් ගෙන එන කිසිම අගුණයක් නැති මේ වගේ රහස් කෑම දිනපතා හදාගෙන කෑවොත් පරම්පරාවෙන් එන ලෙඩක් දුකක්වත් ලේසියෙන් වැළඳෙන්නේ නෑ. ඒ වගේම මලබද්ධය සම්පූර්ණයෙන්ම නවතිනවා. ගැස්ට්රයිටිස් තිබ්බද කියලා සොයාගන්නවත් බැරි වෙනවා. ඇඟට පුදුමාකාර ශක්තියක් එනවා.
පිසගත් බත් වලට මුදවපු කිරි මේස හැඳි තුනක් දාන්න. හොඳින් මිශ්ර කරන්න. වෙනම තාච්චියකට ගිතෙල් ටිකක් දමා එයට අබ ටිකක්, කරපිංචා ඉත්තක්, ලියාගත් ළූණු ටිකක් සහ වියළි මිරිස් කරල් දෙකක් දමන්න. හොඳින් තෙම්පරාදු කර මේ තෙම්පරාදුව සාදාගත් මුදවපු කිරිබත් එකට දාන්න. උණුසුම්ව කන්න. දවසම නිරෝගීව ඉන්න පුළුවන්. එව් සිසිලස වෙන දෙයකින් ලබා ගන්න බෑ කියලා ඔබට හිතෙයි.
🔴 කිතුල් පිටි කිතුල් හකුරු කැඳ... •••••••••••••••••••••••••••••••••••••••••••••••••
ජීවිත කාලය පුරාම හොඳ තරුණ ජවයෙන් හොඳ තරුණ මදයෙන් ජීවත්වෙන්න ආසද? ආසාවකටවත් ලෙඩක් දුකක් හැදෙන්නේ නැතුව ජීවත් වෙන්න ආස ද? මූණපුරා අලුත් ප්රබෝධයක් දකින්න ආසද? ගස්ගල් පෙරලන්න තරම් ශක්තියක් ඇඟට එනවට ආසද? එහෙනම් මේ කිතුල් පිටි, කිතුල් හකුරු කැඳ පානය දිනපතාම බොන්න. කිරි හෝ වතුර කෝප්ප භාගයක් ලිපේ තියන්න. එය රත් වෙද්දි එයට කිතුල් පිටි මේස හැඳි 04 ක් දමන්න. හොඳින් මිශ්ර කරන්න. තලපය වාගේ හැදීගෙන එද්දී එයට පොල් කිරි කෝප්ප කාලක් දමන්න. ලුණු ටිකක් දමා මිශ්ර කරන්න. බාගන්න ටික වෙලාවකට කලින් සූරාගත් කිතුල් හකුරු මේස හැඳි 02 ක් දමන්න. මිශ්රකරන්න. බාගන්න. උණුසුම්ව බොන්න. පුදුම හිතෙයි.
🔴 කුරක්කන් ඉඳිආප්ප සමඟ තෙම්පරාදු පරිප්පු... •••••••••••••••••••••••••••••••••••••••••••••••••••
කුරක්කන් ඉඳිආප්ප කන්න පුළුවන් කෑමක් ද කියලා ඔබට හිතෙනවා ඇති. නමුත් අතීතයේදී කුරක්කන් කාල තමයි මිනිස්සු ශක්තිමත්ව ලෙඩක් දුකක් හදාගන්නේ නැතුව උන්නේ. කුරක්කන් ඉඳිආප්ප කන විදිහක් තියෙනවා. එහෙම කෑවොත් අමාරු නෑ. කුරක්කන් ඉදිආප්ප ටික රෑ හදලා තියලා උදේ ස්ටීම් කරලා ගත්තත් කමක් නෑ. හැබැයි කුරක්කන් සමඟ මේ දැන් තෙම්පරාදු කරපු දුම් දමන පරිප්පු හොද්දක් හදාගන්න. පොල්කිරි ටිකක් යහමින් දාලා මිරිස් කරල් ටිකක්, කරපිංචා ටිකක්, අබ ටිකක් දාලා හොඳ මිරිස් තෙම්පරාදුවක් දාගන්න. හරිම රසට කන්න පුළුවන්. කුරක්කන් ඉඳිආප්ප ටිකක් වැඩියෙන් කෑවත් කමක් නෑ. හොඳ ශක්තියක් එනවා. නමුත් ආරන්නේ නෑ. පිපෙන්නේ නෑ. අමුතු තිබහක් පිපාසයක් එන්නෙ නෑ. ඇඟට සැහැල්ලුයි.
🔴 මිශ්ර පළතුරු සැලඩ්... •••••••••••••••••••••••••••••••••••
උදේට කවුද සැලඩ් කන්නේ. ඔබට එහෙම හිතෙයි. ඒත් මාසයක් මේ වගේ කාලා බලන්නකෝ. වෙන දේ ඔබට හිතාගන්න බැරි වේවි. ඒක අපි කියන්නේ නෑ. කාලා බලන්න.
කැමති පලතුරු වර්ග 07 ක් කුඩා කැබලි වලට කපා සීනි නොදමා සැලඩ් එකක් වගේ කන්න. ආස නම් මී පැණි මේස හැදි දෙකක්, අලුත් මුදවපු කිරි මේස හැදි දෙකක් දමාගන්න. රසට කන්න. මාසයක් කාලා බලන්න. ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ලැබෙයි. වසන්තය ගෙවිලා නෑ කියලා එදාට හිතෙයි.

Friday, September 24, 2021

කොවිඩ් නසන දිවි පහුරු


 දැනට දෙෙනිකව මියයන කොරෝනා සන්කූලතා රෝගීන්ට දවස් පහක් පෙව්වනම් දිවි පහුරු දෙහි හා මීපැනි දෙක දාලා බොහෝ අය බේරගන්න තිබෙන අවස්ථා එලබෙයි.අවදානයට බලයලත් අයට මෙය අත් හදා බලන්න.

වෙළද පලේ නොයෙක් දේ අරගෙන රෑකල සතුට වෙනුවෙන් දුක්විදින තරුණ අය දුටුවම මට මතක් උන අද්දැකිමක යම් අනාගත ඉතිරියක් වෙනුවෙන් ලියා දක්වන්ට හිතුන දිවි පහුරු කියන ඔසුව පිළිබදව. ,එයටත් එහා ගිය වර්ථමාන කෝවිඩ් වලදිද සහනය සලසපු අවස්ථා එමටයි .හදිසි ස්වසන අපහසු තා වලට දේශීයව ගතහැකි ගස් වැල් කිපයක් මතක් වෙද්දි දිවි පහුරු ගැන බොහෝ විස්තර ලැබුනි. අනාගත පරිබොජකයන්ගේ හිත සුව පිණිස මෙසේ ලියා දක්වන්නට සිතුනේ, කියනවට නොව වෙෙද්ය උපදෙසට අනුගතව මෙයින් ගන්නා ප්රයෝජන සලසා ගන්නා යහපත් අරමුණින් හා ගෙදරක බෙහෙතකට වවා ගත යතුම නිසාවෙනි. ස්වසන අපහසු රොග වලදි දෙහිහැන්දක් සමග දිවිපහුරු ඉස්ම බිදිති කිහිපයක් දුන්කල ඉක්මන් සහනයක් අත්වේ යන්න සත්යකි.මෙම ගින් වන්නේ ශෙෙර පිරිපහදුව සහ අාරක්ෂණ යක් ලෙස ක්රියා කිරිම වගේම ලේවල පවතින විෂ අපද්රව්ය විනාස කිරිම හා සෙම් ප්රමාන මගහරවා ස්වසන පහසුවට ඉඩසැලසීමයි.මෙම සත්කාරය අක්මා රොවලටද ඉතාම යහපත්වේ .එමගින් පසුකාලිනව අැතිවියහැකි රැධිර කැටි අැතිවීමේ ක්රියා වලිය ප්රමාද කලහැක.
අලසවු දිනකදි දිවිපහුරු කොල තුන හතරක් හකුරු මීපැණියෙන් අනා කැමෙන් මහත් වේගයක් ජවයක් අැතිවීමේ ක්රමය හොයා යාමේදි මෙම වැල් භාවිත වාජීකරන වට්ටෝරුවක් කියවු වෙමි.
නකිරගල කොල රතිදෙනගේ කිරලා
හුයා රුගෙන එ් කොලද ලා
නැවත කිරිත් ඔහු හටද කවලා පොවලා
නෂ්ඪ කාමය යෙති දුර බාදක අැරලා
රතුදෙනේ කිර පිත් කඵ නාසකයි කලුදෙනගේ කිර වාත නාසකයි සුදුදෙනගේ කිර සෙම් වඩයි එහෙයාන් පැරණි මුලාස්ර වල රතුදෙන කිර උෂ්ණ නසයි .එහෙයින් ධාතු වඩයි.
මෙමගින් අැතිවන උත්තේජනය මෙසේ යැයි මම කීවද ඔබට අවස්ථාව අැත විෂනැත කිසිකලෙකා. මෙම සන්යෝගයේ හොද ඔක්සි කාරක ගුණයක් පෙන්වයි ශරීරයේ සියලු කොටස් මෙවලන් පැවැත්මට.එ් වහාලැබෙන බර ගුණය අල්ලා ගැනීමේ ගුණය නිසා වෙනි.අාස්වාස ප්රාස්වාසයට පවා සහනය ගෙන දෙන්ට තරම් ප්රබලව ඉඩ සලසන්නේ කියා සිතා කලින් පලකල ලිපියෙහි හුස්ම අපහසු කිපදෙනෙකුට සපයා දිමෙන් මම පිනක්ද අත්කරගතිමි.
මැරෙන්ට යන මිනිහා පිදුරුගහෙත් එල්ලෙන්න හදන නිසා නොයෙක් දේ කනවනේ ජීවිතය බේර ගන්න අන්තිමට ,එමනිසා බෙහෙත්නැති ලෙඩකට සහනය සැලසීම ගැනනේ අපෙත් අරමුන. බලන්න පහතින් එන පදහතර.
සොද රත්හදුන් ගෙන තුන්බෝඅත්තන යුෂයට
නොහොත් නකිරගල නස්නය අන්ජනයද සන්නියට
මිරිස් එ් මිටක් සුනුකර අප්පල්ලයක බහා රත්කර
පොඩිඑහිදමා හැර අැගට දුන් දෙනු වහා සන්නි දුර
අප්පච්චි බෙහෙත් කරන කාලේ නස්න අන්ජනම් දෙනවා දුටු එදා ගනන් නොගත් මේ බෙහෙත් වල තිබන දැඩි අල්ලා ගැනීමේ ගුනය බැලුවම පදුම හිතෙනවා.මේ නස්නය උග්ර බලු විෂ අැති අය වහා සිහිගන්වන්න දුන්නා මතකයි මා පොඩි කලත්.කොටා පොවන්ටද දෙහි යුෂයට දුන්නා මතකයි.
දිවිපහුරේ අැට වේලා උරච්චි කර අැසලා(කොමාරිකා හෝ තැඹිළි ලොදදමා)මී මැස්මොර දුර ලයි සියලා .
තවද ඔසප් ෂූලයේදි බය නැතිව කොටා පොවන්ට හැකි මහගු බේතකි දිවි පහුරු. මේ පද හතර බලන්න
එරබදු යුෂ හා ඉතැල්ලක් දඩුවැල් පැන ඉතැල්ලක්ම පොව ඔසප් ෂූලය නැති වන
දිවිපහුරු කොටා දඩුවැල් පැන බහා යුෂමැඩ දුන් වැන
තුන්දවසක් බොත මෙලෙසට ඔසප් ෂූල නැති වන මේ අාදී උදාහරන ගෙන පැවේ අවස්ථාවනහි පමනක් පමනට වඩා නොවන ප්රමානයෙන් කලහැකි පිළියම් පැවසීමටය.නිතර භාවිතයෙන් පලක්නැත .එහි ගුනයද එවිට අවස්ථාවන්හි යෙදුවද බල නොපවතී. චර්ම රොග වලදි දිවිපහුරු භාවිත තැන් හමුවේ. තවද වේදනා වන්හි සින්හල වෙදකමේ වේදනා නාසක ඔසු සැකසුමේ යෙදිය හැක.දිවිමකුලු විෂයට භාවිතය යට දියසෙවෙල් සමග අනා ගැ තැනත් නස්නද කරනු අැත.
කාටත් තරැණ කල අැතිවන කුරුලෑ අයින් කරන්න ලේසිම බෙහෙතක් තමයි දිවිපහුරු
දාවි පහුරු කොල ගෙන
කුරු අැරලා අඹරමින (කුරු යනු බත්)
නිවු සාලේ පිටි ගෙන
එක් කොට කබලු පිසගෙන
ගෙන තබා බැන්දොත්
තෙතයෙන් මුදා බැන්දොත්
සෙතලු කුරුලෑ තැලිවනයටත්
මේ ලෙස තුවාල වෙදකමටත් විස ගෙඩි පුපුරන්නත් කරන පිලියම් හි දිවි පහුරැ වල භාවිතය පෙන්වා අැත.පිලිස්සුම් වලදි කහ සමග එිමත එළීමද ඉතා යහපත් බව දැවුම් පිලිස්සුම් චිකිස්සාවේ ද ලියු තැනහි හමුවේ
මේසා විශාල වටිනාකමක් හිමි මේ වැල් වර්ගය පිලිබද තව තොරතුරු අැතිනම් මේ පොස්ටුව ටම පසුව එක්කල හැක. මෙතෙක් මෙම වැල භාවිත කල සුවවු කෝවිඩ් රෝගීන්ගෙන් කමෙන්ට් එකක් හැටියට ඉදිරිපත්කල කිපදනෙක් මෙම පොස්ටුවට එක්කලෙමි.මෙය භාවිත කර සුවවු මාවෙත දුරකතන අැමතුම තුලින් මතක් කල අයටත් ස්තුති බොහෝමත්ම.

Friday, September 17, 2021

නාඩි පරීක්ෂණ විධි


ජීව සාක්ෂිනි නාඩිය
ඔබ දේශීය හෝ ආයුර්වේද වෛද්යවරයෙක් වෙත ගියොත් ..., දකුණ හෝ වමත ගෙන පරික්ෂා කරන්නේ ජීව සාක්ෂිනි නම් වූ නාඩිය යි . පිරිමි අයගේ දකුණ ද ,ස්ත්රීන් ගේ වමත ද පරික්ෂා කරයි
ඒ අදාළ නාඩිය තුන්වරක් අල්ල අල්ලා මුදා හැර පරික්ෂා කරන්න. මේ ඔබ පරික්ෂා කරන්නේ ජීව සාක්ෂිනි නාඩිය යි.ඇයි මේ පිරිමින් ගේ දකුණු අත ස්ත්රීන් ගේ වම ත පරික්ෂා කරන්නේ ... .
නාභිය ආසන්නයේ කුර්මරුපාකර වාතයක් තියනවා .මෙන්න මේ වාතය ස්ත්රීන් ගේ උර්ධව ගත ව ද පුරුෂයන්ගේ අධෝ ගතව ද ඇත.නමුත් වෛද්යවරයා පරික්ෂා කරන විධිය අනුව මෙය වෙනස් ද වෙනවා .
ඔබට නාඩි පරික්ෂා විධි පොතක් කියවන්න ලැබුනොත් ..,ගුරුවරු ලගද ඉගෙනීමට ලැබුනොත් විෂයෙහි ගැඹුර ට ගියොත් මේවා වඩා හොදින් ග්රහණය කරගන්න ලැබෙනවා .
ඉදිරි පාඩම් වලින් අපි ඒවා තවත් ඉගෙන ගමු .
නාඩි බලන්නේ කොහොමද ? විෂ්යය ක් හදාරද්දී ,එය ගම්භිර විෂ්යයක් නම් අපි ගාම්භීර බසකින් ලියනවා .ඒ ගාම්භිර බසින් ම කතා කරනවා .ඒ නිසා අපි මෙයට නාඩි ස්පර්ශන විධි කියමු .
බලන්න අද ලෝකය පුරා වේගයෙන් ව්යාප්ත වන වෛරසය කොරෝනා නමින් හදුන්වන්නේ ඇයි? ලතින් බසින් කොරෝනා කියන්නේ ඔටුන්නට .එය ඉංග්රීසියෙන් ක්රවුන් කියා හදුන්වා තිබුනා නම් ...,එංගලන්තය ආදී රටවල සිදුවෙන උද්ඝෝෂණ වල දී ..,එය රෝගය සම්බන්ධ කතිකාවතින්ද ඉවතට යන්න පුළුවන් .
නාඩි ස්පර්ෂණ විධි .
අපි පරික්ෂා කරන්නේ අත්ලේ මුල මහපට ඇගිල්ලක ප්රමාණයට පහලින් ප්රධාන නාඩි දෙකට ආසන්නයේ අපේ ඇගිලි තුඩුවල වල වදින වැදෙන ඒ නිසාම හොදින් දැනෙන නාඩිය යි.
යම් අවස්ථාවකදී ඒ ප්රදේශය ම සිතල බවක් දැනුනොත් රෝගියා ට වරකට වඩා මළපහවෙලා තියෙන්න ඕන

Sunday, August 8, 2021

පිලිකා නසමු

මම පිළිකා රෝගයෙන් මිදුණහැටි - 
සුනිමාලි සිල්වා ගුණසේකරගේ සටහනක්..!

පළමුව - ඔබ දන්නා පිළිකා දොස්තර කෙනකු හමුවන්න.. ඔහු දෙන ආවවාද හොදින් පිළිපදින්න.. බෙිත් හේත් සේරම අකුරට පිළිපදින්න.

පිලිකාව කියන්නේ මරණ දඬුුවමක් නොවන බව මතක තියාගන්න.  පිලිකාව යනු විටමින් උෟණතාවයක් නිසා හටගන්නා රෝගයකි..  ඉතින් අප කලයුත්තේ මෙම උෟණතාවය මගහරවාගන්න එකයි..  එය මම මගහරවා ගත් අයුරැ තමා පහත සඳහන් වන්නේ..  ඉතින් ඔබත් කරලා අත්හදාබලා සුවයක් ලාබාගන්න.

කිමෝ ගන්න තියනවානම්
ඊට  දවස් 14කට පෙර සිටන් කහ පැහති ආහාර පානය කරන්න.
කැරට්, වාට්ටක්කා.. විටමින් සි 500 පෙති 6යක් සහ විටමින් ඩි දිනපතා වතුර හමග බොන්න.

සතියට වරක් උදේ කැමට පෙර මෙම ආහාර
කැමට ගන්න බලාන්න

1) මංඤොඤෝකා මිශ්‍රනය
මංඤොඤ්කා අගල් 4ක පමණ අලයක් ගෙන එහි පිටපොත්ත  හොදින් සුද්දකර වතුරෙන් සෝදාගන්න.  ගෙදර
බෙලේන්ඩරයක් ඇතිනම් මංඤොඤ්කා අලය පොඩි කැලිවලට කාපා බොන වතුර කොප්ප 2ක් දාමා හොදින් බෙලෙන්ඩර් කරගන්න.
මේම මිශ්‍රනය දැන් කිරි පාට එකාක්.. සීතකරණයක් අතොත් මේම මිශ්‍රනය උස ජොග්ගුවකට දමා පැය 2-4ක් සොලවන්නේ නැතුව තබාන්න.. සීතරකරණයක් අවශය නැහැ.  බෙලෙන්ඩරයක් නැති නම් වන්ගෙඩියෙ හොදාමා උරාච්චිකරගෙන වතුර බොනවතුර කොප්ප 2ක් එක්කර ජොග්ගුවකට දාමා පැත්තකින් තාබා පැය 4ක් ගියපසු සෙම්න් මන්ඩි කලඹවගන්නේ නැතුව උඩවතුරටික පමණක් පෙරා ගෙන පානය කරන්න. උදේට එක විදුරවයි හවසට එක විදුරැවයි පානය කරන්න.. සතියට වාර 2කක්වත්.

2) මුරැංගා කොල මිශ්‍රනය.
*මුරැංගා කොල අහුරැ දෙකක්
*ගොටුකොල අහුරැ 2කක්
*කරපිංචා කොල 1ක ඉත්තක්
*ඉඟුරු කැබැල්ලක් (කැමතිනමි)
*සුදුලුණු බිකක්

හොදින්සොදා ගෙන බිලෙන්ඩයකට දමා බොන වතුර කොප්ප 2කාක් දාමා හොදින් බිලෙන්ඩර කරගන්න.. බිලෙන්ඩරයක් නැතොත් වන්ගෙඩියේ දාමා උරාච්චිකර එකට බොන වතුර කොප්ප 2කාක් දාමා 
හොදින් මිශ්‍රරකරගන්න.. එය පෙරාගෙනවතුර ටික බොන්න.. මන්ඩි ටික කැමතිනම් ආහාර පිසිමේදි ආහාරයකට එකතු කරගන්න.. මෙය සතිියට වාතාවක් නොවරදවාම කරන්න.

3) රතු හාල් 
රතුහාල් පමණක් ආහායට ගන්න. පිෂ්ඨධාතු ආහාර වැඩිපුර ගැනිමේන් වළකින්න. පාන්පිටි ආහාරය නාවත්වන්න

4(සීනි පැණි බීම සහ එ්වයින් හදන කැම ගැනිමේන් වලකින්න.

5) කටු ආනෝදා කන්න

6) දෙළුම් ඉස්ම හො දෙලුම් කැමති තරම් කන්න.

7) සති 3නකට වරක්
කහ සහ ඉඟුරුතලා දෙහි හො ලෙමන් ගෙඩියක් එකතු කර ඒ මිශ්‍රනය පානය කරන්න.

😎 නිතර වතුර බොන විට දෙහි හො ලෙමන් කැබැල්ලක් වතුරට දාමා වතුර පානය කරන්න.

ඇපල් ඇට කාන්න.. දවසකට 1ක ඇපල් ගෙඩියක ඇට පමණක් කැමට ගන්න (ප්‍රමාණය ඉක්මවා නොකන්න)

මිදි ගෙඩිවල ඇට ද කන්න

වට්ටක්කා ඇට කන්න

කරවිල ඇට දිනකට 9යක් කන්න

කරවිල අමු සම්බෝල කැමට ගන්න

9) බේකින් සෝඩා තේහැන්දක්  හොඳට නටන උනුවතුර කෝප්ප බාගයකට දාමා හොඳින් දියකරගන්න. දියරය පාටනැති (වතුර පාට වෙනකල් දියකර ගන්න)  ඉන්පසු
කොප්පයේ ඉතුරැ බාගයට බොන වතුර එක්කර හොඳ මිපැණි තේ හැන්දක් එක්කර ගන්න.  මෙම මිශ්‍රනය  උදේ කැමෙන් පෙර බොන්න.. (බේකින් සොඩා වලින් කරන්නේ පිලිකා ශෙෙල මරණ එකයි මිපැණි වලින් කරන්නේ 
බේකින් සොඩා එක පිලිකා ශෙෙලවලට ඇතුල් කිරිමයි. පිළිකා වට පැවතෙන්න සිනි ඉතා අත්‍යාවශ්‍යයි එහන්නදා මේවිදිහට පිලිකාව මැරිය හැක. සතියක් ඇර සතියක් වෙන එකක් කරන්න

ඇපල්/බීට්/කැරට් මිශ්‍රනයත් බොන්න සතියකට සැරයක්

මේවට්ටොරැ සිල්ලම එක එක සතියට කරන්න.

දොස්තර  අනුමැතිය ඇතිව පමණක් 👇
කිමෝ ගන්න කලින් හොඳට ලෙමන් යුෂ බොන්න සීනි නැතුව.. වමනය යැම වැලැක්වේනවා.  වමනය යනවානම් දොස්තරගෙන් emset 4mg පෙත්තක් ඉල්ල ගත්තොත් කිමෝවලට කලින් වමනය යන්නේ නැහැ.  මේවා දොස්තරට කිව්වේ නැත්නම් දෙන්නේ නැහැ.. මම කියලයි ඉල්ල ගත්තේ....
      උපුටා ගැනීමක් ස්තූතියි ..🙏🙏❤️

Sunday, July 18, 2021

චීනය

⚫මිනිසා මෙතෙක් දැක ඇති සුවිශාලතම ආර්ථික ආශ්චර්යය පිළිබඳ කතාව - දශක තුනකටත් අඩු කාලයකදී චීනය ධනවත් හා බලවත් ජාතියක් බවට පත් වූ අයුරු

වර්තමාන ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකයේද වැඩිපුරම කතා බහට ලක් වන රටක් ලෙසට චීනය පත්ව ඇත. චීන ණය උගුලට හසු වූ රටක් බවට ශ්‍රී ලංකාව පත්වී තිබීම සහ ඔවුන් සිදු කරන අනවශ්‍ය මැදිහත් වීම් නිසා ලංකාව තුළ අද වන විට විශාල චීන විරෝධයක් හට ගෙන ඇත. එමෙන්ම සමස්ත ලෝකය තුලද මේ චීන විරෝධය වර්තමානය වන විට උත්සන්න වෙමින් පවතී. එයට ආසන්නතම හේතුව ලෙසට කොවීඩ් - 19 වසංගතය චීනය විසින් නිපදවන ලද ජෛව අවියක් බවත් එය ඔවුන් විසින් සිතාමතා පතුරුවන ලද්දක් බවත් විවිධ මත පළවේ. කෙසේ වෙතත් අද වන විට ඔබ ඔවුන් හෙළා දුටුවත්, අගය කළත් චීනය යනු ලෝකය තුළ නොසලකා හැරිය නොහැකි සාධකයක් බවට පත්ව අවසන්ය.

2020 දී ගෝලීය ආර්ථිකය විශාල ලෙස කඩා වැටෙන විට චීන ආර්ථිකය ධනාත්මක වර්ධන වේගයක් ලබා ගැනීමට සමත් විය. එපමණක් නොව චීන ආර්ථිකය පසුගිය දශක තුන තුළ සීඝ්‍ර වර්ධන වේගයකින් වර්ධනය වී තිබේ. එම නිසා මෙම ලිපියෙන් චීන ආර්ථික නැගීමේ රහස් මෙන්ම දශක හතකටත් අඩු කාලයකදී නූතන චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්වූයේ කෙසේද යන්න පිලිබඳ විශ්ලේෂණය කරමු.

එමෙන්ම චීන ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස මානව සම්පත් යොදාගත් ආකාරය සහ කාලයේ අවශ්‍යතාවයට අනුව එක් කර්මාන්තයකින් තවත් කර්මාන්තයකට මාරුවෙමින් ඔවුන් සිය ආර්ථිකය වර්ධනය කර ගත් ආකාරය අගය කළ යුතුය. 

ලෝක බැංකු වාර්තා වලට අනුව 1990 දී දළ දේශීය නිෂ්පාදිත අගයන් ඉන්දියාව සහ චීනයේ දළ වශයෙන් සමාන විය. එහෙත් චීනයේ වර්තමාන දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 14.5 කි. එය ඉන්දියාවේ අද වන විට ඩොලර් ට්‍රිලියන 3 කි. එමෙන්ම චීනය එක්සත් ජනපද ආර්ථිකයටද අනාගතයේදී තර්ජනයක් විය හැකි අතර සමහර ආර්ථික අනාවැකි වලට අනුව ඔවුන්ගේ දළ දේශීය නිෂ්පාදිතය මෙම දශකය අවසන් වන විට එක්සත් ජනපදය පවා අභිබවා යනු ඇතැයි පැවසේ. 

ඒ හැරුණු විට රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි වර්තමාන ආර්ථික බලවතුන් ඔවුන්ගේ ආර්ථික දියුණුව වර්ධනය කර ගත්තේ ඔවුන්ගේ භූමියේ ඇති ස්වාභාවික සම්පත් පදනම් කරගෙන ය. එහෙත් චීනය සතු එවැනි ස්වාභාවික සම්පත් ප්‍රමාණය ඉතා සීමිතය. එසේ නම් සැලකිය යුතු තරම් ස්වාභාවික සම්පත් ප්‍රමාණයක් නොතිබියදීත් චීනය ආර්ථික වශයෙන් සාර්ථක වූයේ කෙසේද? එය කොමියුනිස්ට් තන්ත්‍රයේ රාජ්‍ය පාලන ස්වභාවය නිසා සිදු වූවක්ද, නැතහොත් වෙනත් හේතුවක් නිසාද? අද අප ඒ පිළිබඳව අවධානය යොමු කරමු.

1976 වන තෙක් චීනය මෙහෙයවනු ලැබුවේ ‘මාඕ සේතුං’ විසිනි. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ඉතා ව්‍යසනකාරී අසාර්ථක එකක් විය. 1958 දී ඔහුගේ ‘මහා ඉදිරි පිම්ම’ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස, චීන රජය සියළුම ඉඩම්වල අයිතිය අත්පත් කර ගත් අතර ගොවීන්ට ඒවායේ වැඩ කිරීමට බල කෙරුනි. කෙසේ වෙතත් මේ අකාර්යක්ෂම කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් චීනය පුරා සාගතයක් ඇති වූ අතර චීන සිවිල් වැසියන් දහස් ගණනක් මිය යන ලදී. 

ඉන්පසු චීන රජය අණ කර සිටියේ මහා ඉදිරි පිම්ම ප්‍රතිපත්තිය යටතේ වානේ නිෂ්පාදනය කරන ලෙසය. ඒ තුළින් ඔවුන් අපේක්ෂා කළේ චීනය තුළ කාර්මික විප්ලවයක් ඇති කිරීමයි. කෙසේ වෙතත් වැරදි කළමනාකරණය සහ දැනුම නොමැතිකම හේතුවෙන් මෙම ව්‍යාපාරයද අසාර්ථක විය. 

මෙම අසාර්ථකත්වයත් සමඟ චීන ආර්ථිකය පුළුල් ලෙස විනාශ වීම, සාගින්න සහ දරිද්‍රතාවය ඇති වීම විශාල ලෙස වර්ධනය විය. එමෙන්ම මෙහි ප්‍රතිඵලයක් ලෙස චීන කොමියුනිස්ට් පක්ෂය තුළද කැරලිකාර කණ්ඩායම් බිහි වීම සිදු විය. එයත් සමගම මෙම කැරලිකාර කණ්ඩායම් නිහඩ කිරීම සදහා මාඕ සහ චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1966 දී “සංස්කෘතික විප්ලවය” නම් වැඩසටහනක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විරුද්ධ මතධාරී බොහෝ දෙනෙක් ඝාතනය කරන ලදී.

1976 දී මාඕ සේතුංගේ අභාවයෙන් පසු ඩෙන් ෂියාඕපින් බලයට පත්විය. 1990 දශකයේ මුල් භාගයේදී ඔහු මාඕගේ සියලු ප්‍රතිපත්ති වෙනස් කොට චීනයේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණක් සිදු කරන ලදී. එම වෙනස්කම් වල ප්‍රතිඵලය වූයේ චීනයේ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් සිදු වීමයි.

ඩෙන් ෂියාඕපින්ගේ මේ ප්‍රතිසංස්කරණ චීනයේ ක්ෂණික ආර්ථික ප්‍රගතියේ තීරණාත්මක සාධකයක් වූ නමුත් එහි ප්‍රශංසාව ඔහුට පමණක් හිමි නොවිය යුතුය. මන්දයත් ලෝකයේ එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ පළමු තැනැත්තා ඩෙන්ග් නොවන බැවිනි. ලොව පුරා තවත් බොහෝ රජයන් ද එසේ ම කළහ. එහෙත් එම රජයන් ආර්ථික අතින් අසමත්විය. එසේ නම් ඊට සමාන දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කළ අනෙක් රටවල් අසමත් වෙද්දී චීනයේ එය සාර්ථක වූයේ කෙසේද?

එයට පිළිතුර චීනය සතු විශාල මානව සම්පතයි. ඩෙන්ග්ගේ මේ ප්‍රතිසංස්කරණවලට අමතරව චීනයේ මිලියන 95O ක දැවැන්ත ශ්‍රම බලකාය රටේ ආර්ථිකය විශාල අනුපාතයකින් වර්ධනය වීමට මග පෑදීය.

එහෙත් චීනයට විශාල ශ්‍රම බලකායක් තිබුණද එය බොහෝ දුරට නූගත් හා නුපුහුණු විය. මෙතරම් නුපුහුණු ශ්‍රමයක් බිහි වීමට මූලිකම හේතුව වූයේ කැරලිකරුවන් මර්දනය කිරීම සඳහා මාඕ විසින් පාසල් සහ විශ්ව විද්‍යාල කඩා බිඳ දැමීමයි. මීට අමතරව විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල, ගොවිපලවල බලහත්කාරයෙන් වැඩ කිරීමට ගොවීන්ට බල කල නිසා ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට එයද බාධාවක් විය. ඩෙන් ෂියාඕපින් ක්‍රමයෙන් නමුත් ස්ථීරව මෙය ආපසු හැරවීමට ක්‍රියා කරන ලදී.

ඩෙන්ග් විශාල ශ්‍රම බලකායක වටිනාකම හඳුනාගත් අතර බලහත්කාරයෙන් වැඩ කරන, බලහත්කාර ශ්‍රමය තිරසාර නොවන බව පිළිගත්තේය. ඩෙන් ෂියාඕපින් විසින් චීනයේ දැවැන්ත ශ්‍රම බලකායට අවශ්‍ය අත්දැකීම් හා දැනුමින් සන්නද්ධ කිරීමට විශාල කාලයක් හා වෑයමක් දැරීය.

ඩෙන්ග් විසින් චීනයේ කෘෂිකාර්මික ඉඩම් සඳහා රජය සතු පාලනය අහෝසි කොට පෞද්ගලික ගොවිතැන ප්‍රවර්ධනය කළේය. ඊට පෙර කෘෂිකාර්මික කර්මාන්තය මුළුමනින්ම රජය විසින් සිදු කරන ලදී. මාඕ විසින් සිදු කරන ලද්දේ වගා කරනු ලබන සෑම භෝගයක් සදහාම කලින් තීරණය කරන ලද මූලික වැටුපක් ගොවීන් වෙත ගෙවීමයි. මේ සදහා ගොවීන් සිය සියලුම භෝග රජයට ඉදිරිපත් කළ යුතු විය. මෙම ප්‍රතිපත්තිය අවලංගු කිරීමෙන් පසු චීනයේ කෘෂිකාර්මික කර්මාන්තය විශාල ලෙස වර්ධනය විය. චීනය ආහාර හිඟයක සිට ආහාර අතිරික්තයක් දක්වා පරිවර්තනය විය.

චීනයේ මේ කෘෂිකාර්මික අංශයේ ව්‍යාප්තිය මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මිදවීමට සමත් වූ අතර ගොවි ආදායම විශාල ලෙස වැඩි කළේය. අනපේක්ෂිත ලෙස ආදායම ඉහළ යාමේ ප්‍රථිපලයක් ලෙස උක් හා කපු වැනි වාණිජ භෝග සඳහා ආයෝජනය කිරීමට ගොවීන් දිරිමත් කරන ලදී. කපු  මුදල් මවන බෝගයක් බවට පත් වූ අතර එමගින් එය චීනයේ රෙදිපිළි විප්ලවයේ තීරණාත්මක සාධකයක් බවටද පත් විය. එමගින් චීනය සිය රෙදිපිළි කර්මාන්තය ගිනිකොනදිග ආසියානු රටවලටද ප්‍රවර්ධනය කරමින් ලෝකය මවිතයට පත් කිරීමට සමත් විය.

මීට අමතරව කෘෂිකර්මාන්තයේ බහුලව යෙදී සිටි නුපුහුණු ශ්‍රමිකයන් අඩු නිපුණතාවක් අවශ්‍ය මූලික භාණ්ඩ නිෂ්පාදනයට යොමු කිරීමට චීන රජය කටයුතු කරන ලදී. මෙය නගා සිටුවීම සදහා ඩෙන්ග් විසින් නාගරික සහ ග්‍රාමීය ව්‍යවසායකයින් නගා සිටුවීම සදහා කටයුතු කරන ලදී. මෙමගින් ගොවිපල මෙවලම්, පොහොර සහ වෙනත් කුඩා ගොවි යන්ත්‍ර නිෂ්පාදනය කරන අඩු නිපුණතා නිෂ්පාදන අංශයක් බිහි කිරීමට ඔහුට හැකි විය. රෙදිපිළි අංශයට සමගාමීව මෙයද චීන ආර්ථිකයේ පාදම බවට ඒ අනුව පත් විය.

එහෙත් මෙම නාගරික සහ ග්‍රාමීය ව්‍යවසායකයින්  පාලනය ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කළ නිසා ඔවුන්ට ප්‍රාදේශීය ගැටලු විසඳීමට නොහැකි වූ අතර දූෂණ වංචාද ඉහළ යන ලදී. මෙම නිසා මෙම ක්‍රමය නතර කිරීමට ඩෙන්ග් විසින් ඔවුන් පාලනය කළ ඉහළ රාජ්‍ය නිලධාරී ක්‍රමය අර්ධ වශයෙන් නතර කළ අතර මෙම කුඩා හා ක්ෂුද්‍ර ඒකක පාලනය කිරීමට පළාත් පාලන ආයතනවලට බලය ලබා දෙන ලදී.

වොලොංගොං විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව චීනයේ මෙම නාගරික සහ ග්‍රාමීය ව්‍යවසායකයින් 1985 දී චීනයේ දළ දේශීය නිෂ්පාදිතයට 13% කින් පමණ දායක වූ අතර 1990 දශකයේ මැද භාගය වන විට මෙම ප්‍රතිශතය 30% දක්වා වර්ධනය විය. වසර 15 ක් තුළ මෙමගින් රුබල් මිලියන 100 ක ග්‍රාමීය රැකියා උත්පාදනය කිරීමට සමත් විය.

කෘෂිකර්මාන්තය වාණිජකරණය කිරීමත් සමග වාණිජ භෝග ප්‍රවර්ධනය ඇරඹුණු අතර 1990 දශකයේදී චීනය ලොව විශාලතම කපු නිෂ්පාදකයා බවට ඒ අනුව පත්විය. මෙහි ප්‍රතිඵලය වූයේ චීනයේ රෙදිපිළි කර්මාන්තයේ සැලකිය යුතු ව්‍යාප්තියයි.  කෘෂිකර්මාන්තයේ දී මෙන් ම ඔවුන් රෙදිපිළි කර්මාන්තයටද පෞද්ගලික අයිතියක් ලබා දෙන ලදී. 

1993 අවසන් වන විට 95% ක අනුපාතයකින් වර්ධනය වූ රෙදිපිළි කර්මාන්තයේ ව්‍යාප්තියට දේශීය මිල අඩු ශ්‍රමය සහ කපු නිෂ්පාදනය විශාල ලෙස ආධාර විය. චීනය රෙදිපිළි අපනයනය කිරීම “විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ” කොටසක් ලෙස ආරම්භ කළ අතර එමගින් එහි ආර්ථිකය ගෝලීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ විය. "ලෝකයේම කර්මාන්තශාලාවක්" (world’s factory) බවට පත්වීමේ ඔවුන්ගේ අදහස ආරම්භ වූයේ මෙයත් සමගය. එහෙත් මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔවුන්ට නුපුහුණු ශ්‍රම බලකාය පුහුණු ශ්‍රම බලකායක් බවට පරිවර්තනය කළ යුතුව ඇත.

මාඕ නායකයෙකු ලෙස කැරලිකරුවන්ගෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව නූගත් හා නුපුහුණු අය ලෙස තබා ගැනීමට උත්සාහ කළේය. එහෙත් මාඕ මෙන් නොව ඩෙන්ග් ජනතාවගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීම සඳහා විශාල උත්සාහයක් දැරිය. 1980 දශකයේ දී චීන රජය පාසල් අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය සදහා ඔවුන්ගේ වියදම් වලින් 70% ක කොටසක් වෙන් කරන ලදී.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් වෘත්තීය අධ්‍යාපනයද ඇතුළත් වසර නවයක පාසල් කාල සීමාවක් නියම කරන ලදී. 1990 දී ප්‍රාථමික අධ්‍යාපනයද චීනයේ සම්පූර්ණයෙන්ම ලබා දුන් අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස 1978 දී මිලියන 0.16 වූ උපාධිධාරීන්ගේ සංඛ්‍යාව 1990 දශකයේදී මිලියනය දක්වා වැඩි විය.

1990 දශකයේ මුල් භාගය වන විට ජපාන සහ දකුණු කොරියානු වෙළඳ නාම වන සැම්සුන්, සෝනි, පැනසොනික් සහ එල්ජී බටහිර ලෝකයේ ජනප්‍රියම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ බවට පත්වී තිබුණි. කෙසේවෙතත් බෙදාහැරීමේ ජාලය අඛණ්ඩව පවත්වාෙගන යාම සඳහා මෙම නිෂ්පාදන පුළුල් කිරීමට මෙම සමාගම්වලට අවශ්‍ය වූ නමුත් පවතින භූමියේ හිඟකම සහ මිල අධික ශ්‍රමය හේතුවෙන් එය කිරීමට නොහැකි විය.

මෙම ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙළා ගැනීමට චීනය සමත් විය. ශ්‍රම හිඟය අත්විඳින ජපානයේ සහ දකුණු කොරියාවේ කාර්මික සමාගම්වලට තම රටේ අතිදක්ෂ ශ්‍රම බලකාය ආයෝජන කිරීමට ඔවුන් සමත් විය. අද අප දන්නා ලෝකයේම කර්මාන්තශාලාව බවට පත්වීමේ චීනයේ පළමු පියවර වූයේ මෙයයි. 

දේශීය ව්‍යවසායකයින් මෙම සමාගම්වල දුරකථන, වීඩියෝ කැසට් රෙකෝඩර සහ රූපවාහිනී වැනි ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ සඳහා නිෂ්පාදන පහසුකම් චීනයේ ස්ථාපිත කළහ. මෙම සැලැස්ම යටතේ චීනය රට පුරා විශේෂ ආර්ථික කලාප ඇති කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම සිය නිෂ්පාදන කම්හල් වල බෙදාහැරීමේ දාමය බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සහතික කිරීම සඳහා චීනය මෙම විශේෂ ආර්ථික කලාප ක්‍රමය තවත් ශක්තිමත් කිරීමට කටයුතු කරන ලදී. එමෙන්ම ඔවුන් ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ශනය කර ගැනීම සදහා අධිවේගී දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග සහ විදුලි බලාගාර ඉදි කිරීම මෙන්ම අඩු බදු අයකර ගැනීමේ ප්‍රතිපත්තිද ක්‍රියාත්මක කරන ලදී.

මෙලෙස ආරම්භ කරන ලද චීනයේ පළමු විශේෂ ආර්ථික කලාපය ගුවැංඩොං පළාතේ ෂෙන්සන් හි පිහිටුවන ලදී. අද වන විට එම පළාතේ කර්මාන්තශාලා 60,000 ක් පමණ පවතින අතර එය දිනකට ඩොලර් මිලියන 300 ක් පමණ වටිනා භාණ්ඩ නිෂ්පාදනය කරනු ලබයි. චීනයේ අපනයනයන්ගෙන් 30% ක් පමණ එම පළාතේ නිපදවනු ලබන භාණ්ඩ වලින් සිදු වන අතර ගෝලීය සපත්තු, රෙදිපිළි නිෂ්පාදන සහ සෙල්ලම් බඩු නිෂ්පාදනයෙන් තුනෙන් එකක් පමණ සිදු කරන්නේ එම ප්‍රදේශයේය. එමෙන්ම චීනයේ ගුවැංඩොං කලාපය විද්‍යුත් තාක්ෂණයේ මධ්‍යස්ථානයක් ලෙසද කීර්තියක් අත්කර ගෙන ඇති අතර එය චීන සිලිකන් නිම්නය ලෙසද හැඳින්වේ.

ගුවැන්ඩොංහි අතිසාර්ථකත්වයත් සමග චීන කොමියුනිස්ට් පක්ෂය කරුණු දෙකක් අවබෝධ කර ගන්නා ලදී. එනම් ඉලෙක්ට්‍රොනික් කර්මාන්තය යනු අනාගතයේ රැල්ලයි සහ රෙදිපිළි අංශය සදහා මානව සම්පත යෙදවීම අවාසි සහගත බවත්ය. ඒ අනුව චීනය රෙදිපිළි නිෂ්පාදනය අවම කිරීමට කටයුතු කරන ලදී.

1990 දශකයේ අගභාගය වන විට එක්සත් ජනපදයේ අන්තර්ජාල හා පරිගණක තාක්ෂණයන් වේගයෙන් වර්ධනය විය. එච්පී, ඩෙල් සහ ඇපල් වැනි සමාගම් ඒ අනුව බිහි විය. එහෙත් මෙම සෑම සමාගමක්ම මුහුණ දුන් එක් පොදු ගැටලුවක් විය. එනම් ලාභදායී පුහුණු ශ්‍රමිකයන් නොමැති වීමයි. එක්සත් ජනපදය තුළ එවැනි පිරිස් ඉතා හිඟ විය.

ඉහත සදහන් කළා සේම මෙවරද පිළිතුර ලෙස චීනය ඉදිරිපත් විය. එහි ප්‍රතිඵලය වූයේ "බාහිර නිෂ්පාදන ආයතන" (Manufacturing outsourcing) චීනය තුළ ස්ථාපිත වීමයි. මෙවර චීනය ‘කොන්දේසි සහිත විදේශ ආයෝජන’ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ අතර එමඟින් දේශීය සමාගම් සමඟ හවුල් වීමට විදේශීය සමාගම් දිරිමත් කරන ලද අතර ඔවුන්ගේ තාක්ෂණයන් දේශීය චීන සමාගම් සමඟ බෙදා ගැනීමට ද ඒ අනුව හැකි විය. මෙම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස චීන සමාගම් වලට උසස් තාක්ෂණික නිෂ්පාදන නිෂ්පාදනය කිරීමට හැකි විය.

නිදසුනක් ලෙස ඇපල් සිය නිෂ්පාදන චීනයේ ෆොක්ස්කොන් නම් සමාගමක් හරහා නිෂ්පාදනය කරයි.  ඩෙල්, එච්පී  ඇතුළු තවත් බොහෝ සමාගම් චීනයේ කුඩා සමාගම් හරහා තම නිෂ්පාදන නිෂ්පාදනය හා එකලස් කිරීම ආරම්භ කරන ලදී. 

කෙසේ වෙතත් දේශීය චීන ව්‍යාපාර වහාම මෙම සමාගම් වල තාක්‍ෂණය අවබෝධ කර ගෙන එය අඩු වියදමකින් නිපද විමට පටන් ගන්නා ලදී. මෙම කුඩා ව්‍යාපාර ජාලය ‘ෂන්ෂායි’ ලෙස හැඳින්වේ. ෂන්ෂායි යනු චීන භාෂාවෙන් “ව්‍යාජ” ලෙස හැඳින්වේ. 

එයත් සමගම මෙය චීනය අඩු වියදමින් ව්‍යාජ භාණ්ඩ විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඒවා තුන්වන ලෝකයේ රටවලට විකිණීම ආරම්භ කළ "ව්‍යාජ පිටපත් සංස්කෘතිය" බිහි කළේය. මෙයට හොදම උදාහරණය අඩු වියදම් චීන ස්මාර්ට්ෆෝන් සහ ලැප්ටොප් ය. මෙම අඩු වියදම් චීන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම තෙවන ලෝකයේ රටවල, විශේෂයෙන් 2000 දශකයේ මුල් භාගයේ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ.

මුලදී, ඔවුන්ගේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය අතිශයින් අඩු විය. කෙසේ වෙතත් පසුව ඔවුන් අඩු ගුණාත්මක නිෂ්පාදන විකිණීමෙන් ලබාගත් මුදල් යෙදවීමෙන් නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩි දියුණු කළහ. මෙලෙස සිදු වූ චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින්ගේ සීඝ්‍ර වර්ධනය නිසා සැම්සුන් සමාගමට ඔවුන් 1992 දී ඉදිකරන ලද කර්මාන්තශාලාව 2019 දී වසා දැමීමට පවා සිදුවිය.

කලින් සදහන් කළ පරිදි චීන ආර්ථික ප්‍රතිපත්ති ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතී. මයික්‍රොසොෆ්ට්, ෆේස්බුක් සහ ගූගල් හි වර්ධනය හේතුවෙන් 2000 දශකයේ මැද භාගයේදී එක්සත් ජනපදය තුළ තොරතුරු තාක්ෂණ ව්‍යාපාරයද වේගයෙන් වර්ධනය වූ අතර චීනය ඔවුන්ගේ නිපුණ ශ්‍රමය හේතුවෙන් එයින් ද ප්‍රතිලාභ ලැබීය. මෙම පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ සේවා කර්මාන්තය 1975 දී 25% සිට 2019 දී 54% දක්වා ඉහළ ගියේය. 

ෂොන්ගුවාන්කුන් තාක්‍ෂණ උද්‍යානය මෙහිදී ප්‍රමුඛ ස්ථානයක් ලබා ගනී. මෙම ෂොන්ගුවාන්කුන් තාක්‍ෂණ උද්‍යානය තුල ගූගල්, ඉන්ටෙල්, ඔරකල්, ෆේස්බුක් සහ අයිබීඑම් ඇතුළු තාක්‍ෂණික දැවැන්තයින් රාශියක් සිය චීන මූලස්ථාන සහ පර්යේෂණ මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. මයික්‍රොසොෆ්ට් සමාගම පමණක් මෙහි ඩොලර් මිලියන 280 ක පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි.

කාර්මික ව්‍යාපාර තුළ මෙන්ම සේවා කර්මාන්තය තුලද චීනය තම සුපුරුදු ‘ව්‍යාජ පිටපත් සංස්කෘතියක’ පවත්වාගෙන යාමට සමත්ව ඇත. අලිබබා මේ සඳහා හොඳ උදාහරණයක් වන අතර එයට ඊ බේ, ඇමේසන් සහ ගූගල් වැනි වෙබ් අඩවි වලින් ලබා ගත් අංග ඇතුළත් කර ඇති අතර එය මුළුමනින්ම අද්විතීය සමාගමක් ඔවුන් ඉදිරිපත් කරනු ලබයි. WeChat, Baidu සහ Youku වැනි සියල්ලම කොපි කරන ලද ඒවා වුවත් ඒවා සියල්ලම චීනය තුළ ඉතා සාර්ථකවී ඇත.

මීට අමතරව වර්තමාන චීනයේ කෘතිම බුද්ධිය සහ 5G වැනි නව තාක්‍ෂණයන් පිළිබඳවත් ඉදිරියෙන් පසු වේ. නිදසුනක් ලෙස චීනය ‘සෙලියුලර් ජාල උපකරණ’ නිෂ්පාදනයේ ද මූලික මූලාශ්‍රය වන අතර ZTE සහ Huawei වැනි චීන තාක්‍ෂණ දැවැන්තයින් මෙම නිෂ්පාදන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරයි. කෙසේ වෙතත් එක්සත් ජනපදය වැනි රටවල් මෙම සමාගම් තම රට තුළ තහනම් කර ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ මෙම සමාගම් චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් අන් රටවල ඔත්තු බලන බවයි.

1990 සිට 2007 දක්වා වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය චීන ආර්ථිකය බවට පත් විය. කෙසේ වෙතත් ඉහළ යන ශ්‍රම පිරිවැය, වයස්ගත ජනගහනයේ වර්ධනය සහ 2008 මූල්‍ය අර්බුදය වැනි කරුණු සියල්ල චීන ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් 2008දී පමණ ඇති කළේය. 

මේ හේතුව නිසා වර්තමාන චීන ජනපති ෂී-ජින්පින් තම රටේ සියලු ව්‍යාපාර වලට ජාත්‍යන්තර වෙළඳපලවල ආයෝජනය කරන ලෙස නියෝග කරමින් ‘ගෝ ග්ලෝබල්’ නමින් නව උපායමාර්ගයක් හදුන්වා දෙන ලදී. ‘ගෝ ග්ලෝබල්’ උපාය මාර්ගයේ වඩාත්ම දෘශ්‍යමාන ප්‍රකාශනය වන්නේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩසටහනයි. බෙල්ට් ඇන්ඩ් රෝඩ් වැඩසටහනේ කොටසක් ලෙස චීන ආයෝජන දැන් බොහෝ රටවල් පුරා ව්‍යාප්ත වී ඇත.

චීන ආර්ථිකයට මානව ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් පැවතියද, මෙම සමෘද්ධිය වහල්භාවය සහ බලහත්කාරයෙන් ශ්‍රමය ලබා ගැනීම ආදී සදාචාරාත්මක ගැටලු රාශියක් මතු කරනු ලබයි. මීට හොදම උදාරණය වන්නේ අනිවාර්ය සීමාවාසික පුහුණුවකට යැයි කියා චීන පාසල් සිසුන්ව, සේවකයෙකු ලෙස වැඩ කිරීම සඳහා  ෆොක්ස්කොන් සහ ක්වන්ටා වැනි විද්‍යුත් කර්මාන්තශාලා වෙත යවනු ලැබීමයි.

නිල වශයෙන් චීනයේ ව්‍යවස්ථාවෙන් බලහත්කාරයෙන් වැඩ ගැනීම තහනම් කොට ඇත. කර්මාන්ත කිහිපයක පමණක් බලහත්කාරයෙන් ලබා ගන්නා ශ්‍රමය පවතින බවත් එය තුරන් කිරීමට ඔවුන් කටයුතු කරන බවත් චීනය කියා සිටියි. එහෙත් විවෘතභාවයක් නොමැතිකම නිසා අපි කිසි විටෙකත් එහි යථාර්ථය නොදනිමු.

Tuesday, August 25, 2020

මේදය නිට්ටාවටම සුවයි


අවශ්‍ය ද්‍රව්‍ය 

ඉගුරු , සුදු ලූනු, ඇපල් සයිඩර් විනාකිරි, ලෙමන් දෙහි(මෙය පෝච්චි දෙහි නොවන අතර ලෙමන් පෆ් බිස්කට් කොලයේ ඇති රවුම් ලෙමන් ගෙඩිය බව සලකන්න), මී පැනි


මුලින්ම සුදුලූණු, ඉගුරු හොදින් පොතු අයින් කරලා හෝදලා හොදටම වතුර බේරෙන්න තියලා පොඩි කෑලි කපාගන්න.

ඊට පස්සෙ තෙත බේරුනු සුදුලූනු ඉගුරු බ්ලෙන්ඩරයකට දාලා හොදට කොටා ගන්න..

සුදු ලූනු යුෂ 250ml, ඉගුරු යුෂ 250ml , මිරිකා ගත්තු ලෙමන් දෙහි යුෂ 250ml, ඇපල් සයිඩර් විනාකිරි 250ml

මේ කිසිම දේකට වතුර බිංදුවක්වත් එකතු කරන්න එපා,ඒක වැදගත්..


දැන් ඔය වර්ග 4ම නොන්ස්ටික් වගේ භාජනේකට දාලා පැය බාගයක් විතර ගොඩක් මද ගින්දරේ පිරිසි කොප්ප 4 ප්‍රමාණය පිරිසි කෝප්ප 3ක් දක්වා සිද ගන්න..


ඒ ප්‍රමානෙට හින්දවා ගත්තට පස්සෙ ලිපෙන් බාලා හොදටම නිමෙන්න තියලා ඒකට පිරිසිදු මී පැණි 750mlක් කලවම් කරලා වීදුරු බෝතලයකට දාලා ශීතකරණයේ තියලා හැමදාම උදේට බෝතලය හොදින් සොලවලා නොකඩවා හිස්බඩව ඒකෙන්  මේස 2 ක්