Wednesday, August 12, 2020

සිංහල ජෙලි කැහිපිත්තන්

ගැස්ට්‍රයිටිස් නසන්න #කැහිපිත්තන්..😋🍃

අපේ මුතුන්මිත්තො ජෙලි වෙනුවට කෑවෙ මේ කැහිපිත්තන්.
මේ කොළ වතුර ඩිංගක් එක්ක හොඳින් කොටා හෝ බ්ලෙන්ඩ් කර තැබුවා ම ඉබේ ම මිදෙනවා ජෙලි වාගේ. එයට සීනි හෝ මී පැණි මුසුකර ආහාරයට ගතහැකි යි. මනා අතුරුපසක්.

ගැස්ට්‍රයිටීස් රෝගයට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. උදේ ම හිස්බඩ කන්න ඕන. අධික ශීතල ආහාරයක්. ශරීරයේ උෂ්ණාධික බව අධික අයගේ ශරීරය සිසිල් කරන්න මෙයට පුළුවන්. කිරි දෙන මව්වරුන්ට, ගැබිනි මවුන්ට, දරුවන් බලාපොරොත්තු වෙන මව් පියන්ට ගුණ යි. කොච්චර ශීතාධික වුවත් වා පිත් සෙම් තුන්දොස් නසනවා. පීනස, කැස්ස, සෙම, හතිය සුව කරන්න පුළුවන්. සර්ප විෂ හරණයටත් ගන්නවා. අර්ශස් අමාරුව, ඔසප් දෝෂ, මූත්‍ර රෝග, ඉරුවාරදය ආදි රෝග රැසකට කැහිපිත්තන් ජෙලි ඉතා ගුණදායක යි.

ශරීරයේ රෝග රැසක් නැති කර ශරීරයට සෞඛ්‍යමය බවක් නිරෝගී බවක් ලබන්න අගනා ඔෟෂධයක් තමයි කැහිපිත්තන් කියන්නේ. නමුත් අපේ සමාජයේ ගොඩක් අය මේ ශාකයේ ඇති ඔෟෂධීය වටිනාකම දන්නේ නෑ.
------------------------
ලාංකිකයන් වන අප ජාතියක් ලෙස අභිමානවත්ව පෙරට එන්න කාලයයි මේ. කුමන අර්බුදයන් හමුවේ උවද අපි ශක්තිමත්ව එකා වන්ව නැගී සිටියෙමු....

හෙළ රජ දවස අප මාතෘ භූමිය පල බරින් පි‍රි සෞභාග්‍යමත් රටක් ලෙස තිබූ අයුරින්ම නැවතත් ගොඩ නැගීම අපේ යුතුකමයි.

ඒ සදහා එකා වන්ව සෑම ගෙවත්තකම එළවලු පළතුරු බෝග හැකි අයුරින් වගා කරමු. එයින් ඔබත්, අපත් සහ මුළු රටත් ශක්තිමත් වනු ඇත.

පෙළ ගැසෙමු.......දැනුවත් කරමු......

කාලය නිකරුණේ අපතේ නොයවා අටු කොටු පිරි ගෙවත්තක් අද සිට අපි නිර්මාණය කරමු.

 

Friday, August 7, 2020

වදුරු මෑ

 

රොස්  ගහගෙන  මොකද  ළඳුනේ නුඹ   ඉතින

 උස්  සහ කර  බැලීමි එක්  වෙන්නට       මාන

 විස්  වහ කමක්  නැත  අවගති මිස        පාන

 ඇස්  වහ වදිනවද  මම  බැලුවම            මුණ….

💃💃💃💃💃💃🕺🕺🕺🕺💃💃💃💃💃💃

        දස්ස  කමට  රති  මදනා  තෙද         පානා


        විස්ස  පිරුණු  අඟනක්  දුටුවම       ඔබිනා


        පස්ස  වන  වනා  සිටගෙන  කර     ගමනා


        හොස්ස  ඉඹින්නටවත්  ඉල්ලය්     සොඳිනා….”


                  අතීතයේ අපේ ජන කවියා හරිම නිදහසේ කවිපද ගොතලා තියනවා ...


”සුංගාර රසය” තියන කවි ගොඩකින් බොහොම අමාරුවෙන් මේ සමූහයට ලියන්න හැකියාව තියන ඔය කවිදෙක විතරක් ලීවේ ....මේ ළඟදී අහම්බෙන් කතිකාවක ඉන්නකොට ආපු මාතෘකාවක් එක්ක  ...ආචිරියා ගාලක් පැටලිලා ...පැටලිල්ල ලෙහුණේ අන්තර්ජාලයේ උදවුව අරං ..


           “හොරාකාලා දුවන බල්ලට පොල් බෑවෙන් ගැහුවා වගේ ” හොයද්දී ලැබුණු තොරතුරු හිංදා ආචරියා කරළ නතරකලේ අසල්වැසි ඉන්දියාවේ “කවුන්ච් බීජ්” ගැනත් කියවලා ...ඔන්න ඉතිං අහගන්න ..


වඳුරු මෑ / ආචාරියා/ Cowhage/ Velvet bean/ පූන ඉක්කාල්/ ශුකශිම්බී


විද්යාත්මක නම: Mucuna pruriens (L.) D.C.


සමහර අපේ ආහාර වර්ග තියනවා ..මොන තරම් ගුණ තිබුනත් එක දිගට දෙවේලක්....දවල්ටත් කාලා ඉතුරු උනොත් රෑටත් වගේ  නොකන ...කලාතුරකින් දකින්න ලැබෙන ඒ වගේ වර්ග එහෙම වෙලා තියන්නේ අධි පෝෂණ ගුණ නිසා ..


එහෙම වර්ගවලින් වටිනා එක වර්ගයක් තමා මෙන්න මේ වඳුරු මෑ / වඳුරු කුද කියන මෑ වර්ගය .


වඳුරු මෑ කියන්නෙ ඉතා රසවත් ආහාරයක් වගේම ඉතාමත් හොඳ ඖෂධයක්.. ඒ වාගේම මෙය කෑවොත් විසයි කියා මතයක් සමාජයේ පවතිනවා.ඒකට හේතුව තමා ගොඩාක් දෙනා මේ වර්ගය උයන්න දන්නේ නෑ . ඒ වගේම මේවයේ ගුණයන් දන්නෙත් නෑ ..


වඳුරු මෑ වැල විශාල ලෙස පැතිරී යන මෑ කොළවල හැඩය ඇති ඊට වඩා විශාල කොළ සහිත මැස්සක් හෝ වැටක් හෝ හොඳින් අතුපතර විහිදී ගිය ගසක් හෝ ඇසුරු කරගෙන පැතිරී වැඩෙන වැලක්. ගම්වල "ආචාරිය/ආචිරියා" නමින් හඳුන්වා දුටු විගස විනාසකරන...කරල් පොකුරු වශයෙන් හටගන්න බෝංචි කරලක හැඩය ඇති අතර ඒ තරම් දිග නැති එහෙත් බෝංචි කරල්වලට වඩා රළු...හොඳට පැසුණු කරල්වල පිට පොත්ත කළු පාට වෙන...කරල්වල පිට පොත්තෙහි වඳුරෙකුගේ  පවතින රෝම වැනි කළුපාට දිග බූවක් පවතින නිසා වඳුරු මෑ වෙච්ච ...වටිනා බෙහෙතක්.


මේ බූව තරමක් රළු වගේම ඇඟෙහි ගෑවුන විට කසන්න ගන්නවා ..ඒ නිසාම ගම්වල මිනිස්සු හරිම බයය්...මේ ගැන බොහෝ කථා තියනවා.... ඉස්සර කාලයේ තරහට මේ බූව ගස්ලබු බටයකට දමලා හුළං අතබලලා තමුන්ට නොඑන්න පිඹලා මිනිසුන්ට කරදරකරාපු විස්තර අපි පුංචිකාලේ අහලා තියනවා ..ඒ නිසාම වැලක් දුටු විගස ගලවන සිරිතක් අපේ ගම්වල තවම තියනවා ..


මේ කාළයේ තමා කරල් පැහෙන්නේ ...පෙබරවාරි මාර්තුවල ලස්සන දම් පාට මල් පොකුරක් හැදිලා මේ වෙනකොට කරල් මෝරන කාළය...ඔයාලත් හදලා තියනවානම් දැන් කරල් තියෙන්න ඕනේ ....


කණ්ඩුරා - කරල් ස්පර්ශ වූ විට කසන හෙයින්ද


වාතාරී – වාතය නසන හෙයින්ද


රෝම වල්ලී – ශාකයේ බූවක් ඇති බැවින්ද


දුඞස්පර්ශා – ඇටයේ බූව කසන නිසා ඇල්ලීමට අපහසු හෙයින්ද ..


ඔන්න ඔය විදිහට වෙද පොත්වල ලියලා තියන මේ අනර්ඝ ඇටය .... ස්නායු පද්ධතිය සම්බන්ධයෙන් විශිෂ්ඨ බලපෑමක් කළ හැකි ඖෂධයක්.


            හදිසියේ හරි වගාවකින් බූව ගෑවිලා කහන්න ගත්තොත් ..හොඳට මතකතියාගන්න... එකම බෙිත තමා දෙහි දළු....දෙහි වෙනුවට දොඩං ගත්තත් කමක් නෑ ..හොඳට අඹරලා ගාන්න...එහෙම නැත්තං ඉතිං හම ගැළවෙනකං  කහන්න තමා තියන්නේ ...


අපිට  අතීතයේ වැරදීම් ගොඩාක් වෙලා තියනවා ..මේ තියන්නෙත් ඒ වගේ එක වැරදීමක් තමා … බොහෝ දෙනා දැන් ආහාර අහේනියට මුහුණ දෙන හැටි කියාදෙනවා… නමුත් මේ වගේ කිසිම තෙලක් පොහොරක් කෘමි හානියක් නැතුව ..සුමානෙකට සැරයක් අධි පෝෂණයක් ලබාගන්න හැකියාව තියන මේ වගේ දෙයක් වවන්න හිතන්නේ නෑ ...


පොඩි දරුවෝ ඉන්න ගෙවල්වල ටිකක් ඈතට වෙන්න හදාගන්නඑක නුවනට හුරුය් කියලත් ලියන්නේ පස්සේ මට බනිනකොට  හච්චිං යන හිංදා....


නිවරදිව උයන්න නොදන්නා නිසා වඳුරු මෑ ආහාරයට ගත්තම වමනය, හිස කක්කුම් හා උණ වැනි තත්වයන් ඇතිවෙන්න පුළුවන්. හරියට නිවැරදිව උයලා ගත්තොත් ....අපේ පරානවල ලිංගික දුබලතා වලට මෙය ප්රත්යක්ෂ ඔසුවක්.... දියවැඩියාව, පාකින්සන් රෝගය වගේම ශරීර ශක්තිය වඩවන....රුධිර සංසරණ පද්දතියේ රෝග වලටද ප්රත්යක්ෂ ඔසුවක් ..


ඒ නිසාම දැන් බටහිර බෙහෙත්අතරේ මේ ඇට වලිං පෙති කරල් හදලා අපිට එවනවා ..අපේ ස්නායුආබාධ වලට බොන්න කියලා ..අපි ඒවා බොනවා ..වත්තේ වැටේ ඉබේ හැදෙන පැලය ගලවලා විසිකරනවා ..අසිරිමත් උදාර ජාතියක් අපිත් ..නේද ?


ඔය පහළින් සඳහන්කරලා තියන අන්තර්ජාල    සබැඳි වලින් ගිහිල්ලා KAUNCH BEEJ කියලා අසල්වැසි ඉන්දියාවේ මනුස්සයෝ මේ වඳුරු මෑ ඇට පිටි වලින් ගන්නා ප්රතිකාර ගැන අනිවාර්යයෙන් කියවන්න ...සාර්ථක විවාහ ජීවිතයකට බොහොම උපකාරී වෙනවා ..ඇත්තමය්....


     අපේ ගම්වල මේ වඳුරු මෑ උයන්න ඉස්සරලා විස මරණවා කියලා දෙයක් කරනවා .. ලපටි කරල් වලින් නොමේරූ ඇට වෙන්කරගෙන  නටන උණු වතුරේ පියන නොවසා පැයක් විතර තම්බා වතුර පෙරා ඉවත් කරගත යුතුයි. සමහරු පොල් වතුර දමා තැම්බීම කරනවා.. තැම්බී මෙලෙක්වූ පසු සාමාන්ය ව්යාංජනයකට යොදන දුරු පහේ ලුණු හා  මිටි කිරි දමා සකස්කරගන්නවා...  වැදගත්ම දේ එක ළඟ දෙවේලක් කන්නේ නෑ ..  ඒ අධික පෝෂණ ගුණයක් තියන නිසාමය් .  


හැකියාව තියන අය මේ වගේ දේවල් වගාකරලා ආහාරයට ගැනීම වැදගත්නිසා තමා මේ ළිපිය ලියන්න හිතුවෙත් ..නැත්නම් මේ දේවල් අපෙන් ටික ටික ගිලිහිලාම යනවා... අන්තර්ජාලයේ හොයලා බලනකොට වර්ග ගොඩක් තියනවා ඇට එක එක පාට ..ලංකාවේ මම දැකලා තියන්නේ කළුපාට ඇට තියන වර්ගය විතරය් ..සමහරවිට තවත් ප්රබේධ ඇති අපි නොදැනුවත්වම ..හැකියාව තියන ..ඉඩපාඩු තියන අය මේ වගේ දේවල් වගකරමු ..අනාගතයට ඉතුරුකරමු ..නැත්නම් ඉතිං කාලයත් එක්ක මේ දේවල් වලපල්ලට යාවි ..අපේ රටේ තියන දේවල් අපිට අගයක් නෑ . අප්රිකානු  රටවල්වල මහාපරිමාණයෙන් වගා කරලා ඒවායින් විදේශ විනිමය උපද්දවනවා..අපි සෑම දෙයක්ම පිටරටින් එනතුරු පාලකයනට බැන බැන ඉන්නවා ...කරන්න හැකිදේ කරන්න උත්සාහ කරන්නේ නෑ ..මේවා තුලින් නව නිපැයුම් එළිදක්වන්න අපේ අයත් හිතන්න ඕනේ . හැමෝම බලන්නේ ඇපල් හිටවන්න ...කමක් නෑ ඇපල් පැලයක් එක්ක වඳුරු මෑ වැලකුත් හදමු ..ජයවේවා !


තොරතුරු ෆොටෝ සඳහා ස්තුතිය් අන්තර්ජාලයේ මුල් හිමිකරුවන්ට .


අරුණෝදයට අකුරු කළේ  විජිත රණසිංහ  VIJITHA RANASINGHE 2020.06.27


https://en.wikipedia.org/wiki/Mucuna_pruriens


https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3942911/


https://www.seedscience.org/2019/05/08/the-magic-velvet-bean-of-mucuna-pruriens/


https://en.wikipedia.org/wiki/Velvet_bean


https://rain-tree.com/velvetbean.htm


https://www.1mg.com/ayurveda/kaunch-beej-73


https://www.zeeayurveda.net/blogs/news/health-benefits-of-kaunch-beej


— with Priyantha Weerasooriya.

Thursday, August 6, 2020

යකිනාරං

65 . යකිනාරං / Atalantia ceylanica

බහුලව අතු බෙදෙමින් මීටර් 2 දක්වා පමණ උසට වැඩෙන පැඟිරි සහිත කුඩා දේශීය ශාකයක් වන මෙය ඇතැම් විට පඳුරු  ආකාරයෙන්ද වර්ධනය වන අවස්ථාවන්ද වෙයි. කඳේ සහ අතුවල කටු පිහිටා ඇත. ළපටි පත්ර ළා කොළ හෝ කහ පැහැති වන අතර මේරූ පත්ර තද කොල පැහැයෙන් යුක්තයි. මල් සුදු පැහැයෙන් යුක්තව පුෂ්ප මංජරියක හට ගනි . යකිනාරං ගෙඩි මාංසල බදරියක් වන අතර ඵලය තුල බීජ ගනනාවක් දක්නට පුලුවනි. ඵලාවරණය පැඟිරි සහිත ග්රන්ථීමය වේ. බීජ මගින් සහ මුල් මගින් ව්යාප්තිය සිදු වේ. යකිනාරං Rutaceae කුලයට අයත් ශාකයකි. යකිනාරං සදහා උඩුදෙහි යන නාමයද ප්‍රාදේශීය වශයෙන් භාවිතා කරනවා.

ප්රතිශ්යාවට ඇදුමට අජීර්ණයට උණට ආහාර අරුචියට සන්ධි ඉදිමුම් සදහා චර්ම රෝගවලට සර්ප විෂට ආදී රෝග අවස්ථා සඳහා ප්රතිකාර කිරීමට යකිනාරං ශාකයේ කොළ , පොතු , මුල් , ගෙඩි ආදිය භාවිතා කරයි. විශේෂයෙන්ම යකිනාරං ශාකයට ඇත්තේ සෙම් ප්‍රතිශ්‍යා ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ ගුණයකි. 

* යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආග්රහණය කිරීම ප්රතිශ්යාවට සහනය ගෙනෙයි. 
* කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස්කරගත් කැඳ ප්රතිශ්යාවේදී සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය. 
* අර්දිත රෝගයට ප්රතිකාරයක් ලෙස යකිනාරං කොළ අඹරාගත් ප්‍රලේපය මුහුණේ ආලේප කරයි. 
* අජීර්ණ අතිවූවිට ශාකය කොටා යුෂගෙන ගිනියම්කළ යකඩයක් ඔබා මීපැණි මුසුකර ලබාදීමෙන් ගුණ ලැබෙන බවද සඳහන් ය.
* සන්ධි ඉදිමීම, පක්ෂඝාත, අර්දිත ආදියට ගෙඩිවලින් ලබා ගන්නා තෙල් ආලේප කරයි.
* යකිනාරං කොළ තැම්බූ කෂායෙන් සේදීම කැසීම් සහිත චර්ම රෝග සඳහා ප්රතිකාරයකි.
* යකිනාරං කොළ කැඳ බහුලව පානය කරන්නේ නම් අක්මාව ආරක්ෂාවන බවත් එහි ඇතිවන සෙංගමාලය , ෆැටි ලිවර් ආදි ලෙඩ රෝගවලින් වැළකි සිටිමට හැකි බවත් සඳහන් වෙනවා. විසවීම් හා අසාත්මිකතා දුරුවන බවත් සෙංගමාලය සෑදුණුවිට එය පාලනය කිරීමටත් යකි නාරං කොළ කැඳ කිතුල් හකුරු සමග පානය කිරීමට ලබා දෙනවා.
* පනු දද ආදියට ප්‍රතිකාර සඳහා ද කොළ යොදාගන්නවා.
* මීමැසි හා බඹර විෂට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා කෑ මුඛයෙහි ගල්වනවා.
* යකිනාරං රුධිරගත මේදය පාලනයටත් කරපිංචා හා හීන් බෝවිටියා සමග මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි වෙනවා.
* සම්බෝල සඳහා ගෙඩි යුෂ යොදා ගන්නා අතර විනාකිරි සමග මිශ්‍රකර රසකාරකයක් ද ඉන් සකසා ගනු ලබනවා.එය උණ නිසා ඇතිවන කෑම අරුචිය ද දුරුකරන්නක් වෙනවා.
* යකිනාරං බලි තොවිල් ගුරුකම් සඳහා ද යොදාගනු ලැබෙන අතර යාග හෝම ආදියේදී අවශ්‍යවන පස්පැඟිරි එකතුවට දෙහි , දොඩම් , නාරං , නස්නාරං , සිදරං සමග ගන්නවා.
* නපුරු සිහින පෙනෙන්නේ නම් ඉන් මිදීමට යකි නාරං අත්තක බාරයක් ගැටගැසිය යුතු යයි ඔවුන් පවසනවා. සරු පලදා ඇති ගස් ඇස්වහ කටවහවලින් ආරක්ෂා කිරීමටද යකිනාරං අත්තට හැකි බව කියා සිටිනවා.
* යකිනාරං කොළ දුම් ඇල්ලීමෙන් මඳුරුවන් පලවා හැරිය හැකිය. 

පැඟිරි සහිත ගෙඩිවල මෙන්ම යකි නාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුතු බව සඳහන්වනවා. විවිධ රෝග සදහා ප්‍රතිකාරවලට යකිනාරං ඒකීයව යොදා ගන්නා අවස්ථා රැසකි. එමෙන්ම දේශීය දළු අනුපානවල යොදන එක් ඖෂධ වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු භාවිතා කරයි. ඖෂධීය ශාක කිහිපයක් සමගද යකිනාරං ශාකය ඔසු පිණිස ගන්නා භාවිතයන් රාශියක් තවත් දැක්වෙයි ... !

ඖෂධීය ශාක සංග්‍රහය , අපේ ඔසු පැළ හා අන්තර්ජාලයේ ලිපි අනුසාරයෙන් සැකසුනකි ...

මෙවැනි වටිනා ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න ... මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ ...

Sunday, July 26, 2020

කහ කිරි පානය

යුවතියන් සුන්දර කර නිරෝගී කරන පුරාණ ආයුර්වේදීය "කහ කිරි පානය"

  අද අපි ඔබට කියලා දෙන්නේ යන්නේ සම පැහැපත් කරන, හිසකෙස් දීප්තිමත් කරන, දෑස් කාන්තිමත් කරන, අනවශ්‍ය මහත අඩුකරන, සමට යොවුන් තරුණ බවක් එක්කරන පුරාණ ඉන්දියානු ආයුර්වේද පානයක් ගැනයි.

  ආයුර්වේදයේ තිඹිරි ගෙය වූ ඉන්දියාවේ තවමත් ඖෂධීය පාන වලට ඇත්තේ පුදුමාකාර තැනක්. අද අපි ඉදිරිපත් කරන මෙම කහ කිරි පානය පුරාණ ඖෂධීය පානයක් වුනාට අදටත් මුළු ඉන්දියාව පුරාම එකසේ ජනප්‍රියයි. විශේෂයෙන් යුවතියක් මනාලියක් වීමට මාස 06 ක පමණ පෙර සිට ඇයගේ මව විසින් මෙම පානය තම දියණියට සකසා දෙනවා. ඒ නිසා ඇයගේ ෂාදි මංගල උත්සවයේදී ඇයව බැබලෙන්නේ හරියට හින්දි තාරකාවක් වගෙයි. ඒක ඇස් පනාපිටම කාටත් පෙනන සත්‍යයක්. ලංකාවේ තවමත් එතරම් ප්‍රසිද්ධ නැති මෙම පානය බොහෝ ලෙඩරෝග වලට ගුණදායක වන අතර ඔබටත් නිවසේදී පහසුවෙන් මෙය සාදාගෙන භාවිතා කළ හැකියි.

  මෙම පානය මඟින් ඔබේ සුන්දරත්වය වැඩිකරනවා පමණක් නොවෙයි මලබද්ධය, අක්මාවේ අහිතකර ද්‍රව්‍ය ඉවත් කිරීම, පිළිකා සෛල විනාශ කිරීම, ඔසප් වේදනාව සමනය කිරීම, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් අවම කිරීම ආදී තවත් බොහෝ ප්‍රතිලාභ ඔබට අත්කර දෙනවා.

💠 විශ්මිත කහ කිරි පානය සකසමු

🔴 සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය :-
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

🔶. සුදු දියර කිරි වලින් වීදුරුවක්
🔶. කහ තේ හැඳි 1/2 ක්
🔶. ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 ක්
🔶. අඟල් 02 ක පමණ හොඳ අලුත් කුරුඳු පොතු කැබැල්ලක්
🔶. කරදමුංගු කරලකින් ගත් පොඩි කළු ඇට තේ හැඳි කාලක් (පොත්ත ඉවත්කරන්න. ඉවත්කරලා ගත්ත කළු ඇට ටිකක් තලාගන්න.)
🔶. සුදු පොල්තෙල් තේ හැඳි 1/2 ක්
🔶. මීපැණි තේ හැඳි 03 ක්

🔴 සාදාගන්නා ආකාරය :-
=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=-=

01 පිරිසිදු සාස්පානක් ගන්න. එයට කිරි වීදුරුව දාන්න.

02. දැන් එයට කහ තේ හැඳි 1/2 දමා හොඳින් මිශ්‍ර කරන්න.

03. දැන් එයට ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2 දමන්න.

04. කුරුඳු පොතු හා කරදමුංගු ඇට දමන්න.

05. පොල්තෙල් තේ හැඳි 1/2 දමන්න. හොඳින් මිශ්‍ර කරන්න.

06. දැන් මේ සියල්ල හොඳින් මිශ්‍ර කර විනාඩි 10 ක් පමණ මද ගින්නේ රත්කරන්න.

07. විනාඩි 10 ක් මද ගින්නේ රත්කළ පසුව මේ ටික ගෙන පිරිසිදු පෙනේරයකින් පෙරාගන්න.

08. පසුව පෙරාගත් මේ කහ කිරි පානයට මීපැණි තේ හැඳි 03 ක් එකතුකරන්න. හොඳින් මිශ්‍රකරන්න.

  මෙසේ සාදාගත් කහ කිරි පානය නින්දට යන්නට පෙර බොන්න. අද දවසේ පානය අදම හදාගන්න. ශීතකරණයේ දමා බොන්න එපා. මද රස්නේ පිටම බොන්න. සති දෙකක් යාමට මත්තෙන් මෙහි ප්‍රතිඵල ඔබට දැකගන්නට ලැබේවි.

°°°°°°°°°°°°°°°°°°°°°°
📗 තොරතුරු
ආදරණීය මහත්මයාණෙනි මෙය පල කිරීම ගැන ...
මම මෙහේ ජීවත් වෙන්නේ ඉන්දියානුවන් සමගයි ...
ලංකාවේ අය කවුරුවත් නැහැ ඔක්කොම දෙනා කේරළයේ සෙනග සහ අනිත් ප්‍රාන්ත වල අය .
මගේ ලඟම ඉන්න ඔක්කොම යාලුවෝ වැඩි හරියක් දෙනා කේරළයේ ජනතාව .
ඉන්දියාවේ ලස්සනම කාන්තාවන් ඉන්නේ කේරළයේ පමණයි .

මේ ඉන්දියානුවන් දිනපතා රාත්‍රියේ නිදාගන්නෙ කිරි වීදුරුවක් බීලා .... පවුලේ සියලුම දෙනාම කිරි වීදුරුවක් බීලා තමයි නිදාගන්නෙ ....
නිකම්ම කිරි නොවෙයි .... කිරි උනු කරලා .... කහ කුඩු සහ කුංකුම, කරඳමුංගු , කුරුඳු කුඩු තල් සූකිරි , මී පැනි ටිකක් දමා බීලා තමයි නිදාගන්නෙ ....
ඇට කටු ශක්තිමත් වෙනවා
කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරු , කියන සෙම අමාරු මුකුත් නැහැ .... මමත් හැමදාමත් රාත්‍රි කිරි   කහ , කරඳමුංගු දමලා බොනවා දිනපතා . උදෑසන ඉඟුරු , දෙහි යුෂ , කුරුඳු කුඩු දමා ප්ලෙන්ටි සීනි නැතිව කිතුල් හකුරු කෑල්ලක් සමගින් බොනවා .

මේ ආහාර එලවළු පමණයි
මමත් එලවළු විතරයි .... මගේ පාසලේ ඔක්කොම ලමයි දෙමළ සහ කේරළයේ මලයාලි ලමයිනට මම උගන්වනවා ...
අවුරුදු 30 මෙහේ ඉන්දියානුවන් සමග ජීවත් වෙනවා පුදුමයි නේද ....
දේශේ හැටියට බාශේ නේද .

Sunday, July 19, 2020

මී පැනි



මීපැණි ගැන ඔබ නොදන්නා රූ රහස්..

  මීපැණි කියන්නේ මිහිපිට ජීවත් වන මිනිසුන්ට රන් හා සමාන ඖෂධයක්. එම නිසා දේශීය වෛද්‍ය විද්‍යාවේදී ද මීපැණි බහුල වශයෙන් යොදාගනු ලබනවා. තරුණ ඔබගේ රූ සපුව වැඩි කර ගැනීමට රූපලාවණ්‍යය කටයුතු වලදී මේ මීපැණි භාවිතා කරන්න පුළුවන්. මෙලෙස රූපලාවණ්‍යය කටයුතු වලදී මීපැණි භාවිතා කරන ආකාරයයි අද අපි ඔබට හෙළ අරණින් කියලා දෙන්න යන්නේ..

🔴 තරබාරුව මට්ටු කරන්නට "මීපැණි"

  මී පැණි කියන්නේ තරබාරුව මට්ටු කරන්න තිබෙන හොඳම ඖෂධ වලින් එකක්. ඔබ තරබාරුවෙන් පීඩා විඳින අයෙකු නම් මෙම මීපැණි වලින් ඔබට බොහෝ ප්‍රතිඵල ලබාගත හැකියි.

🔶. කලාඳුරු අල, අරළු, බුළු, නෙල්ලි කළං 01 යි මදට 8 බැගින් ගෙන උණු වතුර පත අට එකට සිඳුවා උදේ සවස මීපැණි මිශ්‍ර කර පානය කරන්න.

🔶. මී පැණි බින්දු කිහිපයක් කුරුඳු කුඩු සමඟ මිශ්‍ර කර උණු වතුරට දමා හිස් බඩට බොන්න.

🔶. හීන් මිදි මුල් යුෂ මී පැණි මිශ්‍ර කර පානය කරන්න.

🔴 කෙට්ටු අයට මහත් වෙන්න "මීපැණි"

  මහත අය කෙට්ටු කරන්න වගේම කෙට්ටු අය මහත් කරන්නත් මී පැණිවලට අද්විතීය බලයක් තියෙනවා. ශරීරයට පිරුණු බවක් එක්කර ගැනීමට අවශ්‍ය නම් මේ ඖෂධ ප්‍රතිකාර ක්‍රම අත්හදා බලන්න ඔබටත් පුළුවන්.

🔶. අලුත් උක් හකුරු, එළඟිතෙල්, මීපැණි මිශ්‍ර කර ගුලියක් සාදා උදේ සවස කෑමට ගන්න.

🔶. අලිපේර, ඇම්බුම්, රතඹලා, ආනමාළු, ඉදුණු අළු කෙසෙල් මී පැණි සමඟ මිශ්‍ර කර ගුලියක් සාදා ආහාරයට ගන්න.

🔴 තරුණ බව රැකගැනීමට "මීපැණි"

  වයසට යෑමත් සමඟ සිදුවන සම එල්ලා වැටීම, ඇස් වටා, මුඛය වටා එන රැළි වැටීම් වළක්වා ගැනීමට මී පැණි උපකාරී වනවා.

🔶. නෙල්ලි කුඩු වලට, නෙල්ලි යුෂ, මීපැණි, එළඟිතෙල් මිශ්‍ර කර ගුලි සාදා කෑමට ගන්න. මෙහිදී එළඟිතෙල් හා මී පැණි අසමානව ගත යුතුයි.

🔶. වළඟසාල් කුඩු, තිප්පිලි කුඩු, සූකිරි කුඩු, මීපැණි, තලතෙල් හා එළඟිතෙල් මිශ්‍රකර තේ හැඳි 02 බැගින් එළකිරි සමඟ උදේ සවස කෑමට ගන්න.

🔴 පැහැපත් සමකට "මීපැණි"

  පැහැපත් සමක් සෑම යුවතියකගේම සිහිනයක් බව අපි දන්නවා. ලප, කැළැල්, කුරුලෑ නොමැති සුන්දර සමකට මීපැණි වලින් කළ හැකි සත්කාර බොහෝමයි.

🔶. කිරිපිටි තේ හැඳි 05 යි, ආමන්ඩ් කුඩු තේ හැඳි 05 යි, අමුක්කරා කුඩු තේ හැඳි 05 යි. දෙහි යුෂ බිංදු 05 යි. මී පැණි බිංදු 05 යි එකට මිශ්‍ර කර මුහුණේ ගල්වන්න.

🔴 කාන්තිමත් කෙස් කලඹකට "මීපැණි"

  දිගු කෙස් කළඹක සුන්දර සිහිනය සැබෑ කරගන්නට මීපැණි වලින් කළ හැකි සත්කාර රැසක් තිබෙනවා. මෙම සත්කාර මඟින් ශක්තිමත්, දිගු, කළුවන් කෙස් කලඹක් ලබාගන්න පුළුවන්.

🔶. ගොටුකොළ යුෂ මේස හැඳි 02 ක්, මීපැණි බිංදු 04 ක් සමඟ උදේ සවස පානය කරන්න.

🔶. රසකිඳ කොළ යුෂ මේස හැඳි 02 ක්, මී පැණි බිංදු 04 ක් සමඟ දිනපතා පානය කරන්න.

🔴 රෝස වර්ණයෙන් යුත් දෙතොලකට "මීපැණි"

  දෙතොල් වල රෝස පැහැය වැඩිකර ගැනීමට මීපැණි මඟින් කළ හැකි විශේෂ සත්කාර තිබෙනවා. එමඟින් අවපැහැ ගැන්වුණු අඳුරු දෙතොලක් වුවත් රෝස පැහැ ගැන්විය හැකියි.

🔶. පිරිසුදු මී පැණි ආලේප කර මිනිත්තු 30 කට 30 කට පසුව සෝදා ඉවත් කරන්න.

🔶. දොඩම් ලෙල්ලක පැඟිරි මී පැණි සමඟ  මිශ්‍රකර දෙතොල්වල ආලේප කරන්න.

🔴 කටහඬ මිහිරි වීමට "මීපැණි"

  බාහිර ස්වරූපයේ තිබෙන සුන්දරත්වය වගේම කටහඬ මිහිරි වීමත් යුවතියකගේ ආකර්ෂණය තවත් වැඩි කරවනවා. කටහඬ මිහිරි කර ගැනීමටත් මීපැණි වලින් කල හැකි සත්කාර තිබෙනවා.

🔶. වියළි ඉඟුරු, උක්හකුරු, සමව ගෙන මීපැණි සමඟ මිශ්‍ර කර කන්න.

🔶. වසාවාසි, තිප්පිලි සමව ගෙන මීපැණි සමඟ මිශ්‍රකර කන්න.

🖊️උපුටාගැනීම..


Tuesday, July 14, 2020

ලේ බලන හැටි

HB -හිමොග්ලොබින් ප්‍රතිශතය
සාමාන්‍ය අගය
වැඩිහිට් පුරුෂ(13-16g/dl)
වැඩිහිටි ස්ත්‍රී (12-13d/dl)
රක්තහීනතාවය වැනි රෝගවලදී මෙය අඩුවෙ
WBC -රුධිරයේ අඩංගු සුදු රුධිරාණු ප්‍රමාණය
සාමාන්‍ය අගය - මයික්‍රොලීටරයට 4000-11000
බැක්ටීරියා ආසාදන වලදී මෙය ඉහල යයි.
Platelet -රුධ්රයෙ අඩංගු රුධිර පට්ටිකා ප්‍රමාණය
සාමාන්‍ය අගය- මයික්‍රොලීටරයට 150000-450000
DLC -සුදු රුධිරාණු
Neutrophils 40-70%
Bands නොමෙරූ සූදු සෛල 0-5%
Lymphocytes 20-50%
Easinophils 0-6%
Basophils 0 -2%
RBC රතු රුධිරාණු
මයික්‍රොලීටරයට ස්ත්‍රී 4.0 - 5.5
පුරුෂ 4.5 - 6.5
රක්තහීනතාවය නිසා අඩු වේ
HCT රුධිරයෙ සෛල ප්‍රතිශතය
ස්ත්‍රී - 35 % - 45%
පුරුෂ - 39 % - 47 %
MPV රතු රුධිරාණුවක සමාන්‍ය පරිමාව ර්‍79 -93 FL
ෆෝලේට් ඌනතාවය විටමින් b ඌනතාවය යකඩ අඩුවීම නිසා වෙනස් වේ
MCH එක් රුධිරාණුවක ඇති හිමොක්ලොබින් සාමාන්‍ය අගය
මයිකොග්‍රෑම් 27 -32
යකඩ ඌනතාව නිසා වෙනස් වේ
MCHC එක රුධිරාණුවක හිමොක්ලොබින් සාන්ද්‍රනය 32 - 36 g/dl
Reticulocyte count රුධිරයේ ඇති නොමේරූ රතු රුධිරාණු
0.8 % - 2.5%
රුධිර වාහනයේ දී හෝ යම් ආකාරයකින් රතු රුධිරාණු විනාශ වූ විට මේවා ඉහළ යයි